කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
17. කොධ වර්ගය
17-1 රෝහිණිය පිළිබඳ කථා පුවත

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං, සංයොජනං සබ්බමතික්කමෙය්‍ය;

තං නාමරූපස්මිමසජ්ජමානං, අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.

ක්‍රොධය දුරු කරන්නේය. මානය විශේෂයෙන්ම පහකරන්නේය. සියලු දශවිධ සංයොජනය (බැඳුම්) ඉක්මවන්නේය. නාම රූප දෙක්හි ඇලුම් නොකරන්නාවූ (රාගාදි) කෙලෙසුන් නැති (හෙයින්) ඒ පුද්ගලයා (කායික චෛතසික) දුක්ඛයෝ අනුව නොපවත්නාහ.

17-2 එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත

යො වෙ උප්පතිතං කොධං, රථං භන්තංව වාරයෙ (ධාරයෙ (සී. ස්‍යා. පී.));

තමහං සාරථිං බ්‍රූමි, රස්මිග්ගාහො ඉතරො ජනො.

යම් පුද්ගලයෙක් තෙම ඒකාන්තයෙන් උපන්නාවූ ක්‍රෝධය භ්‍රමණය වන රථයක් මෙන් වළකාද, ඒ පුද්ගලයා මම රථාචාර්යයයි කියමි. අන්‍යවූ සාරථී ජන තෙම රැහැණ ගන්නා නම් වෙයි.

17-3 උත්තරා උපාසිකාව පිළිබඳ කථා පුවත

අක්කොධෙන ජිනෙ කොධං, අසාධුං සාධුනා ජිනෙ;

ජිනෙ කදරියං දානෙන, සච්චෙනාලිකවාදිනං.

ක්‍රොධ ඇති පුද්ගලයා ක්‍රොධ නොකිරීමෙන් දිනන්නේය. නපුරු ගුණ ඇත්තාහු මනා ගුණයෙන් දිනන්නේය. තද මසුරා දීමෙන් දිනන්නේය. බොරු කියන්නා සත්‍යයෙන් දිනන්නේය.

17-4 මුගලන් තෙරුන්ගේ ප්‍රශ්න පිළිබඳ වූ කථා පුවත

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය, දජ්ජා අප්පම්පි (දජ්ජා’ප්පස්මිම්පි (සී. පී.), දජ්ජා අප්පස්මි (ස්‍යා. ක.)) යාචිතො;

එතෙහි තීහි ඨානෙහි, ගච්ඡෙ දෙවාන සන්තිකෙ.

සත්‍ය වචනයක්ම කියන්නේය. අනුන්ට නොකිපෙන්නේය. ඉල්වන ලදුයේ (දෙය ධර්මය) ස්වල්ප කල්හිදු (එයින්) මඳ දෙයකුදු දෙන්නේය. මේ තුන් කාරණයෙන් දෙවියන්ගේ සමීපයට (ප්‍රතිසන්ධි වශයෙන්) යන්නේය.

17-5 සාකේතක බ්‍රාහ්මණයා පිළිබඳ කථා පුවත

අහිංසකා යෙ මුනයො (අහිංසකායා මුනයො (ක.)), නිච්චං කායෙන සංවුතා;

තෙ යන්ති අච්චුතං ඨානං, යත්ථ ගන්ත්වා න සොචරෙ.

යම් (අශෛක්ෂ) මුනිකෙනෙක් (අනුන්ට) හිංසාවක් නොකෙරෙත්ද, නිතොර කයින් සංවෘතයෝ (සංවරද) ඔහු යම් තැනකට ගොස් (සත්වයෝ) ශෝක නොකෙරෙත්ද, චුති රහිතවූ ඒ ස්ථානයට යෙති.

17-6 පුණ්ණා පිළිබඳ කථාව

සදා ජාගරමානානං, අහොරත්තානුසික්ඛිනං;

නිබ්බානං අධිමුත්තානං, අත්ථං ගච්ඡන්ති ආසවා.

හැම කල්හිම (ක්ලේශ නිද්‍රාවෙන්) නොනිදන්නාවූ දිවාරාත්‍රියෙහි (ත්‍රිවිධ ශික්ෂාවෙන්) හික්මෙන්නාවූ (ක්ලේශ) පරි නිර්වාණයෙහි ඇලුණවුන්ගේ (යෝගාවචරයන්ගේ) ආශ්‍රවයෝ නැසීමට යන්නාහ.

17-7 අතුල උපාසකගේ කථා පුවත

පොරාණමෙතං අතුල, නෙතං අජ්ජතනාමිව;

නින්දන්ති තුණ්හිමාසීනං, නින්දන්ති බහුභාණිනං;

මිතභාණිම්පි නින්දන්ති, නත්ථි ලොකෙ අනින්දිතො.

අතුලය, (නින්දා ප්‍රශංසා යන) මෙය පුරාතනය, මෙය අදවූ දෙයක්ම නොවෙයි. තුෂ්ණීම්භූතව හුන්නහුටද නින්දා කෙරෙති. බොහෝ කොට කියන්නහුටද නින්දා කෙරෙති. මඳකොට කියන්නහුටද නින්දා කෙරෙති. මේ (සත්ව) ලෝකයෙහි නින්දා නොකරණ ලද්දෙක් නැති.

න චාහු න ච භවිස්සති, න චෙතරහි විජ්ජති;

එකන්තං නින්දිතො පොසො, එකන්තං වා පසංසිතො.

ඒකාන්තයෙන් නින්දා කරණ ලද පුරුෂයෙක් හෝ ඒකාන්තයෙන් ප්‍රශංසා කරණ ලද පුරුෂයෙක් හෝ අතීතයෙහිද නොවීය. අනාගතයෙහිද නොවන්නේය. දැන් වර්තමාන කාලයෙහිද නැත්තේය.

යං චෙ විඤ්ඤූ පසංසන්ති, අනුවිච්ච සුවෙ සුවෙ;

අච්ඡිද්දවුත්තිං (අච්ඡින්නවුත්තිං (ක.)) මෙධාවිං, පඤ්ඤාසීලසමාහිතං.

ඉදින් ප්‍රාඥයෝ දවස දවස විමසා යමෙකුට ප්‍රශංසා කෙරෙද්ද, සිදුරු නැති දිවි පැවතුම් ඇති, (විදර්ශනා) ඥානයෙන් යුක්තවූ ප්‍රඥාවෙන් හා ශීලයෙන්ද යුක්ත ඔහු.

නික්ඛං (නෙක්ඛං (සී. ස්‍යා. පී.)) ජම්බොනදස්සෙව, කො තං නින්දිතුමරහති;

දෙවාපි නං පසංසන්ති, බ්‍රහ්මුනාපි පසංසිතො.

දඹරත්රන් පිඩකට මෙන් ඔහුට නින්දා කරන්ට කවරෙක් සුදුසුද, දෙවියෝද ඒ මහණහුට ප්‍රශංසා කෙරෙති. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලද්දේම වේ.

17-8 ජබ්බග්ගිය භික්ෂූන්ගේ කථා පුවත

කායප්පකොපං රක්ඛෙය්‍ය, කායෙන සංවුතො සියා;

කායදුච්චරිතං හිත්වා, කායෙන සුචරිතං චරෙ.

ත්‍රිවිධ කාය දුශ්චරිතය රක්නේය. කයින් සංවරයෙහි පිහිටියෙක් වන්නේය. කායදුශ්චරිතය දුරුකොට කායද්වාරයෙන් සුචරිතය පුරන්නේය.

වචීපකොපං රක්ඛෙය්‍ය, වාචාය සංවුතො සියා;

වචීදුච්චරිතං හිත්වා, වාචාය සුචරිතං චරෙ.

(චතුර්විධ) වාග් දුශ්චරිතය රකිනේය. වචනයෙන් සංවරයෙහි පිහිටියෙක් වන්නේය. වාග් දුශ්චරිතය දුරුකොට වාග්ද්වාරයෙන් සුචරිතය පුරන්නේය.

මනොපකොපං රක්ඛෙය්‍ය, මනසා සංවුතො සියා;

මනොදුච්චරිතං හිත්වා, මනසා සුචරිතං චරෙ.

(ත්‍රිවිධ) මනෝ දුශ්චරිතය රක්නේය. සිතින් සංවරයෙහි පිහිටියෙක් වන්නේය. මනෝ දුශ්චරිතය දුරුකොට සිතින් සුචරිත පුරන්නේය.

කායෙන සංවුතා ධීරා, අථො වාචාය සංවුතා;

මනසා සංවුතා ධීරා, තෙ වෙ සුපරිසංවුතා.

යම් ප්‍රාඥ කෙනෙක් කයින් සංවෘතයෝද වචනයෙන් සංවෘතයෝද සිතින් සංවෘතයෝද ඒ ප්‍රාඥයෝ ඒකාන්තයෙන් මනාව සංවර වූයෝය.