17-2 එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත

යො චෙ උප්පතිතං කොධං රථං භන්තං’ව ධාරයෙ

තමහං සාරථිං බ්‍රූමි රස්මිග්ගාහො ඉතරො ජනො.

යමෙක් උපන් ක්‍රෝධය භ්‍රාන්ත රථයක් (හෙවත් වේගයෙන් දුවන රියක් වළක වළකා තමා කැමති තැනට මෙහෙයන්නාක්) මෙන් නිගන්නේ ද (වළකා ලන්නේ ද), ඒ පුගුලා රියැදුරැ යි මම් කියමි. රාජාදීන්ගේ අන් රියැදුරු ජන තෙමේ රස්මිග්‍රාහක (රැහැන ගන්නා) නම් වෙයි. (උතුම් රියැදුරු නම් නො වෙයි.)

"යො වෙඋප්පතිතං කොධං " යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අග්ගාලව චෛත්‍ය ස්ථානයේ වැඩ සිටියදී එක්තරා භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට සෙනසුන් අනුමත කළවිට රජගහ නුවර සිටුවරයා ආදීන් විසින් සෙනසුන් කරද්දී එක් අලවි නුවර වැසි භික්ෂුවක් තමන්ගේ සෙනසුන ඉදිකරමින් එක් ප්‍රසන්න ගසක් දැක සිඳින්නට පටන් ගත්තේය. එම ගසේ සිටි වෘක්‍ෂ දේවතාවිය තරුණය ඇය තම පුතු ඇකයේ තබා ගෙන ස්වාමීනි මගේ විමානය නොසිඳින්නැයි ඉල්ලා සිටියේය. මගේ පුතුන් ගෙන නිවසක් නොමැතිව මට හැසිරිය නොහැකිය. එම භික්ෂුව මට වෙනත් ගසක් ලබා ගැනීමට නොහැකියයි පැවසුවේය. ඇගේ වචනය නො පිළිගත්තේය. ඇය දරුවා දැක වැළකෙන්නේ යයි සිතා දරුවා ගසේ අත්තේ තැබුවාය. භික්ෂුව එසවූ පොරව දරාගැනීමට නොහැකිව දරුවාගේ අත කපා දැම්මේය. දේවතාවිය ඇතිවු බලවත් කෝපයෙන් පහරදී ඔහු මරමියි. දෙඅත් ඔසවා මෙසේ සිතුවාය. මේ භික්ෂුව සිල්වත්ය. ඉදින් මම ඔහු මැරුවොත් නිරයගාමී වන්නෙමි. අනෙක් දෙවිවරු ද තමන්ගේ ගස් සිඳින විට අසවල් දේවතාවිය භික්ෂුවක් ඝාතනය කළාය යනුවෙන් මා ප්‍රමාණ කරගෙන භික්ෂූන් ඝාතනය කරති. මෙසේ සිතා මේ භික්ෂුව ස්වාමීන් සහිත නිසා ඔහුගේ ප්‍රධානියාට කියන්නෙමියි එසවු අත් බැහැර කොට අඬමින් බුදුවෙත ගොස් වැඳ එකත් පසෙක සිටියාය. අනතුරුව බුදුහු දෙව්දුව ඇයි ඔබ හඬමින් සිටියේ යයි විමසුහ. ස්වාමීනි ඔබගේ ශ්‍රාවකයෙක් විසින් මෙබඳු දෙයක් කරන ලදි මම ද ඔහු මරණු කැමතිව මේ ලෙසට සිතා නොමරාම මෙහි ආවෙමි. මේ සියළු පුවත් විස්තර ලෙසටම පැහැදිළි කළාය. මෙය ඇසු බුදුහු - සාධු - සාධු - යහපත දෙව්දුව ඔබ යහපතක්ම කරන ලද්දේය. මෙසේ උස්සන ලද - ඇවිස්සුන කෝපය කම්පනය වූ රථයක් මෙන් සන්සුන් කළා සේ යයි පවසා මේ ගාථාව දේසුහ.

මහ මාවතේ යන රිය නවතන ලෙසට

දුරලනු කොරෝදය නැග ගෙන එන සිතට

මානය, කොරෝදය ඔබ ගෙනයයි දුකට

එය නැති කළොත් එය වෙයි ඔබෙ යහපතට

එහි උප්පතිතං යනු උපන්, රථං භන්තවො - යම් සේ දක්‍ෂ රියදුරා ඉතා වේගයෙන් ධාවනය වන රථය පාලනය කරගෙන කැමති තැනකට (යවයිද) මෙහෙයවයිද එලෙසට යම් පුද්ගලයෙක් උපන් ක්‍රෝධය දරාගැනීමට හැකිවේ නම් තමහං යනු මම ඔහු නියම රියදුරායයි කියමි.

ඉතරොජනො - ඉතිරි රජ ආදී ජනයා රැහැන ගන්නේ නම් වේ. ඔහු උතුම් රියදුරෙකු නොවේ.

දේශනය අවසානයේ දේවතාවිය සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි පිරිස යහපතට පත්විය. දේවතාවිය සෝවාන් වී අඬමින් සිටියාය. අනතුරුව බුදුහු කරුණු විමසුහ. “ස්වාමීනි මගේ විමානය විනාශවිය. දැන් කුමක් කරමි ද ඇසුවිට. කම් නැත දෙව්දුව මම නුඹට විමානයක් දෙන්නෙමි දෙව්රම ගන්ධකුටිය අසල පෙරදින, දෙවියා චුතවූ එක් ගසක් පෙන්වමින් අසවල් තැන ගස අවකාශය එය විචිත්‍රය එහි යන්නැයි පැවසුහ. ඇය එතැනට ගියාය. එතැන් පටන් බුදුන් දෙන ලද ඇගේ විමානය මහේ ශාක්‍ය දෙවියන්ට ද පැමිණ එය සෙලවීමට නොහැකිවිය. බුදුහු මෙය ඇතිවීම හේතු කොට භික්ෂූන්ට භූතගාම සික්ෂාපදය පැනවුහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.