17-8 ජබ්බග්ගිය භික්ෂූන්ගේ කථා පුවත

කායප්පකොපං රක්ඛෙය්‍ය කායෙන සංවුතො සියා

කායදුච්චරිතං හිත්‍වා කායෙන සුචරිතං චරෙ.

(ත්‍රිවිධ) කායදුශ්චරිතය රක්නේ ය (හෙවත් කායදුශ්චරිතයෙන් දුරු වන්නේ ය). කායද්වාරයෙන් සංවෘත වන්නේ ය. කායදුශ්චරිතය හැර කයින් සුසිරිත් පුරන්නේ ය.

වචීපකොපං රක්ඛෙය්‍ය වාචාය සංවුතො සියා

වචීදුච්චරිතං හිත්‍වා වාචාය සුචරිතං චරෙ.

(චතුර්විධ) වාග්දුශ්චරිතය රක්නේ ය (හෙවත් වාග්දුශ්චරිතයෙන් දුරු වන්නේ ය). වාග්ද්වාරයෙන් සංවෘත වන්නේ ය. වාග්දුශ්චරිතය හැර වාග්ද්වාරයෙන් සුචරිතය පුරන්නේ ය.

මනොපකොපං රක්ඛෙය්‍ය මනසා සංවුතො සියා

මනොදුච්චරිතං හිත්‍වා මනසා සුචරිතං චරෙ.

(ත්‍රිවිධ) මනෝදුශ්චරිතය රක්නේ ය (හෙවත් මනෝදුශ්චරිතයෙන් දුරු වන්නේ ය). මනෝවාරයෙන් සංවෘත වන්නේ ය. මනෝදුශ්චරිතය දුරු කොට මනඃසුචරිතය පුරන්නේ ය.

කායෙන සංවුතා ධීරා අථො වාචාය සංවුතා

මනසා සංවුතා ධීරා තෙ වෙ සුපරිසංවුතා.

යම් ප්‍රාඥ කෙනෙක් කායද්වාරයෙන් සංවෘත ද, නැවත වාග්ද්වාරයෙන් සංවෘත ද, මනෝද්වාරයෙන් සංවෘත ද, ඒ නුවණැත්තෝ ඒකාන්තයෙන් මනා කොට වසා රැක ගත් තුන් දොර ඇත්තෝ ය.

"කායප්පකොපනති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනයේ වැඩසිටියදී ජබ්බග්ගිය භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.

එක් දිනක් සවග මහණුන් දෙඅතින්ම සැරයටි ගෙන ලී සෙරෙප්පු දෙකකට නැගී තැනිතළා ගලාවක සක්මන් කරද්දී බට බට හඩ නගා යන ශබ්දය බුදුරජාණන් වහන්සේ අසා ආනන්ද මේ කුමක්ද? විමසා ජබ්බග්ගිය භික්ෂූන්ගේ පාවහන් හඬයයි කී කල්හි ශික්ෂාපදයක් පනවා භික්ෂූන් විසින් කායාදී සංවරය රැකීම වටීයයි කියා ධර්මය දේශනා කරමින් මේ ගාථා දේශනය කළහ.

අකුසල් තුනම දුරුකොට සිදුකරන කයින්

වදනින් කරන අකුසල් හතර කර අයින්

අකුසල් තුනින් වෙන් වී උපදවන සිතින්

තුන් දොර හසුරුවන නැණතා සිටිති තොසින්

කාය ප්‍රකෝපය ආරක්ෂා කරන්න කයින් සංවර වන්නේය, කාය දුශ්චරිත අත්හැර කයින් සුචරිතයේ යෙදෙන්නේය. වචි ප්‍රකෝපය රැක වචනයෙන් සංවර වන්න. වචී දුශ්චරිතය අත්හැර වචනයෙන් සුචරිතයේ හැසිරෙන්න. මනෝ ප්‍රකෝපය ආරක්ෂා කරන, මනසින් දුශ්චරිතයේ නො හැසිර, මනසින් සුචරිතයේ හැසිරෙන්න. කයින් සංවර වූ උතුමෝ වචනයෙන් ද සංවර වෙති මනසින් ද සංවර වූ උතුමෝ මනාසංවරයේ පිහිටියෝ වෙති.

එහි කායප්පකොපං කාය ප්‍රකෝපය යනු - ත්‍රිවිධ වු කාය දුශ්චරිත ආරක්‍ෂා කරන්නේය. කායෙන සංවුතො කයින් දුසිරිත්හි පිවිසීම වළකා සංවරවූ වසන ලද දොරටු ඇත්තෙක් වන්නේය. යම්හෙයකින් කාය දුශ්චරිත අර කාය සුචරිතයේ හැසිරෙන්නේ කය වචන දෙකම සංවර කරයි. අනෙක් ගථා දෙකේද මේ ක්‍රමය සඳහන් වේ. කායෙන සංචුතා ධීරාති - යම් නුවණැති අය කයින් ප්‍රාණඝාතය ආදිය නොකරන්නේය වචනයෙන් මුසවාද ආදී නොකියන්නේ සිතින් අභිධ්‍යා ආදිය සටහන් නොකරන්නේ මනසින් සංවර වුයේ ඔවුහු මෙලොව මනාසේ සංවර වුයේ සුරක්ෂිත වූයේ අරක්ෂාවූයේ වසන ලද දොරටු ඇත්තේ යන අර්ථයයි. දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵලය ආදී මාර්ග ඵලයන්ට පැමිණියාහුය.

කෝධ වග්ග වර්ණණාව නිමාවිය.

දාහත්වැනි වර්ගයයි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.