අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං.
ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.
"අක්කොධේන ජිනෙ" යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනයේ වැඩසිටියදී උත්තරාවගේ නිවසේ දන් වළඳා උත්තරා උපාසිකාව නිමිති කරගෙන වදාළහ.
රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි පැවැත්විය යුතුයයි රජගෙදරින් අණක් නිකුත් වුනි. මෙය අසා සුමන සිටුවරයා උදේම පැමිණි පුණ්ණ අමතා දරුව අපේ සේවක ජනයා නැකැත් කෙළි කෙළිනු කැමතිය. ඔබ නැකත් කෙළියට කැමතිද නැතිනම් සේවය කරන්නේදැයි විමසීය. ස්වාමීනි නැකැත් ක්‍රීඩාව නම් ධනය ඇත්තවුන්ටය, නමුත් මගේ ගෙදර හෙට දිනය සඳහාද කැඳබත් නැත. මට නැකැත් කෙළියෙන් වැඩක් නැත. ගොනු ලැබේනම් මම සී සානු කැමැත්තෙමියි පැවසීය. එසේ නම් ගොණුන් ගන්නැයි පැවසීය. ඔහු ශක්තිමත් ගොනුන් ද නගුල ද ගෙන බිරිඳ අමතා - සොඳුර නාගරිකයෝ නැකත් උත්සව කරති. මම දිළිදු නිසා බැලමෙහෙ කිරීමට යන්නෙමි. මට ද අද දෙගුණයක් ආහාර පිළියෙළ කරගෙන ආහාර රැගෙන එන්නැයි බිරිඳට කියා කෙතට ගියේය. සැරියුත් තෙරුණුවෝ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද එදින ඉන් නැගිට මම අද කාටනම් සංග්‍රහ කරන්නේදැයි බලන්නේ පුණ්ණ දිළින්දා තමන්ගේ නුවණ දැලට හසුවී මොහු ශ්‍රද්ධාවන්තයෙක්ද? මට සංග්‍රහ කිරිමට මොහුට හැකිවේදැයි බලන්නේ. ඔහුගේ සැදැහැති බවත් එනිසාම ඔහුට මහාසම්පත් ලැබෙන බවත් දැන පා සිවුරු ගෙන සීසාන තැනට වැඩමවා ඉවුරුබඩ එක් වන ගුම්භයක් බලමින් වැඩසිටියහ. පුණ්ණ, සැරියුත් තෙරුන් දැක සීසෑම නවතා පසඟ පිහිටුවා වැඳ දත්මැදීමට කෝටු අවශ්‍ය දැයි සිතා දැහැටි කූරක් කැපකර පිළිගැන්විය අනතුරුව තෙරුන් පාත්‍රය ද පෙරහන ද එළියට ගෙන දුන්නේය. ඔහු පැන් අවශ්‍යව ඇතැයි සිතා පැන් පෙරා දුන්නේය. තෙරුන් සිතූහ. මොහු අනුන්ගේ වෙනත් ගෙයක වාසය කරයි. ඔහුගේ ගෙදොරට යන්නෙ නම් මොහුගේ බිරිඳට මා දැකීමට නොහැකි වන්නේය. ඇය බත් අරක්ගෙන මගට පිවිසේද එතෙක් මෙහිම සිටින්නෙමියි සිතූහ. එසේ එහිම ටිකවේලාවක් කවා ඇය මගට පිළිපන්බව දැන ඇතුළු නුවර දෙස බලා වැඩම කළහ. ඇය අතර මගදී තෙරුන් දැකමෙසේ සිතුවාය. බොහෝ දිනවල දෙය්‍ය ධර්ම ඇතිවිට දෙන්නට කෙනෙක් නැත. අනෙක් දිනවල දෙන්නට දෙයක් නොමැති විට ආර්යන් වහන්සේ දකින්නට ලැබේ.
නමුත් අද දෙය්‍ය ධර්මය ද ආර්යයන් ද ඇත. මුන්වහන්සේට සංග්‍රහ කරන්නෙමියි ඇය බත් භාජනය බිම තබා පසඟ පිහිටුවා තෙරුන් වැඳ ස්වාමීනි මෙය රළු හෝ ප්‍රනීත හෝ වේවා නොසිතා ඔබවහන්සේ මේ දාසයාට සංග්‍රහ කරනු මැනවයි. පැවසූහ. තෙරුන් පාත්‍රය පෙන්වා ඇය එක අතකින් භාජනය ඔසවාගෙන එක් අතකින් බත් දෙනවිට බත් බාගයක් දෙන විට ප්‍රමාණවත් යයි පවසා අත වැසුවේය. ඇය ස්වාමීනි ! එක කොටසක් පමණක් නොසෑහෙවි. ඔබවහන්සේගේ දාසයාට මෙලොව ලෝක සංග්‍රහය නොකොට පරලොව සංග්‍රහ කරන්න. ඉතිරියක් නොමැතිවම දෙනු කැමැත්තෙමියි. පවසා සියළුම බත් පාත්‍රයේ තැබීය. තෙපි මෙලොවදිම ලාභී වෙත්වායි පැතුවාය. තෙරුන් වහන්සේ එසේ වේවායි පවසා සිටගෙනම අනුශාසනය කර ජල පහසුව තිබෙන තැනෙක වාඩිවී බත් කිස කළහ. ඇය ද නැවත සහල් සොයාගෙන බත පිසුවාය.
පුණ්ණ ද අඩකිරියක් පමණ තැන් සී සා බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව ගොනුන් මුදවා එක් සෙවන තැනකට පිවිස මාර්ගය බලන්නේ වාඩිවි සිටියේය. බිරිඳ ද බොහෝ ප්‍රමාදවීයයි පවසා කෝපයට පත්ව මට කෙවිටෙන් තලන්නේ නම් මගේ කුශල කර්මය නිර්ථක වේයයි කල් ඇතිවම ඔහුට දන්වන්නෙමියි. සිතා මෙසේ හඩනගා කීවේය. ස්වාමීනි අද පමණක් සතුටු වන්න මා කළ කර්මය නිර්ථක නො කරන්න. සිත පහදවා ගන්න. මම උදේම ඔබට බත් ගෙන එන්නේ අතර ධර්මසේනාපති සැරියුත් හිමි දැක ඔබේ බත් වේල උන්වහන්සේට පිරිනමා නැවත ගොස් බත් උයාගෙන ආවෙමි. සිත පහදවා ගන්න. ඔහු සොඳුර කුමක් කියන්නද? විමසා දෙවනුව ද එම කරුණ අසා සොඳුරිය ඔබ යහපතක්ම කරන ලද්දේය. මගේ බත ආර්යන් වහන්සේට පිරිනැමුවේ. මම ද උදයේම දැහැටි කුරුද මුව සෝදන ජලය ද දෙන ලද්දෙමි. මෙසේ සිත සතුටු වී එම වචනයට සතුටුව - මහදවල් ලද බත නිසා ක්ලාන්ත වුයේ ඇගේ ඇකයේ හිස තබා නින්දට වැටුනි. අනතුරුව උදේම සී සෑ තැන පස් කැට සියල්ල රන්වී කිණිහිරි මල් සේ ශෝභාවත් විය. ඔහු අවදිවී බලන්නේ බිරියට මෙසේ කීවේය. සොඳුර මට සී සෑ තැන් රන් සේ පෙනේ. මේ කුමක්ද මට මහදවල් කෑ බත නිසා ඇස් භ්‍රමණයවීද? ස්වාමීනි මට ද එසේ පෙන්නේ ඔහු නැගිට කුඹුරට බැස එක් පස් පිඩුවක් ගෙන නගුල් ගසා රන් බව දැන අහෝ ධම්ම
සේනාපති ආර්යන් වහන්සේට දුන් දානයේ විපාක අදම ලැබුනි. මට මෙතරම් ධනයක් පරිහරණය කිරීමට නොහැකිය. සියල්ල රන් බවට පත්වේ. රන් ගෙන ඒමට වටීයයි ගොස් රජුට දන්වා සිටියේය. ඔබ කවුරුන්දැයි විමසුවිට ම පුණ්ණය. ඔබ අද කුමක් කළේද? අද උදේම ධම්ම සේනාපති සැරියුත් හිමියන්ට දැහැටි දී පැන් පෙරා දී බිරිඳ විසින් මට ගෙන එන ලද බත පුදන ලද්දේය. මේ තොරතුරු අසා රජු ඔබ ධර්මසේනාපති සැරියුත් හිමියන්ට පිරිනැමු දැනයේ ප්‍රතිවිපාක අදම ලබන ලද්දේයයි පවසා දරුව කුමක් කරදැයි විමසුවේය.
බොහෝ ගැල් සිය ගණනක් යවා රන් ගෙන එන්නැයි පැවසීය. රජු ගැල් යැවීය. රාජ පුරුෂයන් රජු අයත් ඒවායි ගන්නවිට ගත් ගත් රන් මැටි පිඩු විය. ඔවුන් ගොස් මේ කරුණ රජුට දන්වා සිටිය විටදී කුමක් කියා ගත්තේ දැයි විමසා රජුගේ යයි කියා ගත් බව පැවසූවිට එලෙස නොව පුණ්ණගේ රන් යයි පවසා ගන්නා ලෙසට කියා නැවත යැවුහ. එසේ කියාගත් විට ගත් ගත් පස් පිඬු පිරවිය. ඒ සියලු රන් කැට ගෙනවුත් රාජාඞ්ගනයේ අසුරියනක් උසට ගොඩ ගැසුහ. රජු නගර වාසීන් එක්රැස්කර මෙම නගරයේ මෙතරම් ධනයක් ඇති කෙනෙක් සිටිදැයි විමසා නැතැයි පැවසුවිට මොහුට කුමක් දීම වටීදැයි විමසීය. සිටු තනතුර යයි පැවසුහ. (සෙට්ඨිජාතක) රජතුමා ඔහුට බහුධන සෙයි යනුවෙන් නම් කර මහත් භෝග සම්පත් සමග ඔහුට සිටු තනතුර දුන්නේය.
එහිදී පුණ්ණ රජුට මෙසේ පැවසුවේය. රජතුමනි ! මට මෙතෙක් කල් අනෙක් අයගේ ගෙවල්වල වාසය කළෙමි. මට නිවසක් දෙන්න යැයි පැවසුවේය. එසේනම් මේ වනරොද බලන්න. මේ වන ලැහැබ ශුද්ධකර ගෙයක් කරන්න. එය පැරණි සිටුවරයෙකුගේ මැදුරක් තිබුන තැනක. සාදන්නට කීවේය. ඔහු එතැන දින කීපයකින්ම ගෙයක් කරවා ගෙට පිවිසෙන උත්සවය ද සිටුතනතුර ලබන උත්සවයද එකට කරන්නේ සත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහාසංඝයාට දන් දුන්නේය. අනතුරුව බුදුහු දාන අනුසස් අනුමෝදනා දේශනය කරමින් අනුපිළිවල කථාව පැවසුහ. ධර්ම දේශනය අවසානයේ පුණ්ණ සිටු වරයා ද බිරිඳ ද - උක්තරා දියණිය ද යන තිදෙන සෝවාන් ඵලයට පත්වූහ. පසුකලෙක රජගහසිටු තුමා තමන්ගේ පුතුට සිටු දියණියන් ආවාහ කරදීමට ඉල්ලීය. ඔහු ඔබට නොදෙමි. පැවසුවිට එසේ නොකරන්න මෙපමණ කලක් අප නිසා වාසය කළේ ඔබට සම්පත් නො ලැබුනි. මගේ පුතුට දුව දෙන්නැයි ඉල්ලා සිටිම නිසා ඔබේ පුතු මිත්‍යා දෘෂ්ටිකය. මගේ දුවට තෙරුවන් හැර පැවතීමට නොහැකිය. ඔහුට මගේ දුව නොදෙන්නෙමියි පැවසුවේය. අනතුරුව බොහෝ සිටුවරු හා ප්‍රධානීන් ඔහු හා වීශ්වාසය නොබිඳින්න. ඔහුගේ පුතුට දුව දෙන්නැයි පැවසුහ. පුරාණ සිටුවරයා ඔහුගේ වචනය පිළිගෙන ඇසළ මස පුණු පොහෝදින දියණිය දුන්නේය. ඇය පතිකුලයට ගියතැන් සිට භික්ෂුවක් හෝ භික්ෂුණියක් ළඟට යාමට ද බණ ඇසීමට දන් දීමට අවස්ථාව නො ලැබුනි. මෙලෙස මාස දෙක හමාරක් ගතවූවිට ළඟසිටි පිරිවර ජනයාගෙන් විමසුවාය. දැන් වයට මාස කීයක් ඉතිරිව තිබේද ආර්යාවනි අඩමසකි. ඇය පියාණන්ට ලිපියක් යැව්වාය. මා මෙබඳු හිරගෙදරක තැබුවේ කුමක් හෙයින්ද? මෙබඳු මිථ්‍යා දෘෂ්ටික කුලයකට දීම නොවටියි. මෙහි පැමිණ දින සිට භික්ෂූන් දැකීමි ආදිය එක පිනක් හෝ කිරීමට නොලැබුවෙමි. අනතුරුව ඇගේ පියා මගේ දුවණිය දුකින් අසතුටුවී ඇති බව දැන පහළොස් දහසක් කහවණු යැවීය. මේ නුවර සිරිමා නම් ගණිකාවක් සිටී. දිනකට දහසක් අය කරයි. මේ කහවණුවලින් ඇය ගෙන්වා මේ අඩමස ඔබේ සහයකයාම පරිහරණය කරන්නැයි පැවසුවාය. ඇය යහපතැයි පිළිගත්තාය. ඇය එයගෙන ස්වාමියා සමිපයට ගොස් සිටිවිට ඔහු සිරිමාව දැක මේ කුමක්දැයි පැවසුවිට මේ මගේ සාහායිකාව මේ අඩමස පරිහරණය කරන්නැයි මම මේ අඩමස ධර්මය ඇසිමට දන් දීමට කැමැත්තෙමැයි පැවසුවාය. ඔහු ඒ අභිරූපී කාන්තාව දැක ස්නේහ උපදවා හොඳයැයි පිළිගත්තේය. උත්තරා ද බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කර ස්වාමීනි මේ අඩමස වෙනත් තැනක නොගොස් මෙහිම භික්‍ෂාව පිළිගන්නැයි බුදුන්ගෙන් ප්‍රතිඥා ලබාගෙන පැමිණ මෙතැන් පටන් මහා පවාරණය තෙක් බුදුන්ට උවටැන් කිරීමට ධර්මය ඇසීමට ලැබෙන්නේ යයි සතුටු සිත් ඇතිව මෙසේ කැඳ උයන්න. මෙසේ කැවුම් උයන්න. මුළුතැන් ගෙයි සියළු කටයුතු සංවිධාන කරන්න හැසිරුණාය. මේ අතර ඇගේ සැමියා සෙට පවාරණය වන්නේයයි කුස්සියට මුහුණ ලා පිහිටි ජනේලයේ සිට ඇය කුමක් කරන්නේ ද ඇය අඥානලෙස හැසිරේදැයි බලන්නේ ඇය දාඩිය දමාගෙන අළු තවරාගෙන අඟුරු දැලි ගාගෙන මෙලෙස සංවිධාන කරමින් හැසිරෙන අයුරු දැක අහෝ අඳ බාල තැනැත්තිය මෙබඳු තැනක මේ ශ්‍රී සම්පත් අනුභව නොකරන්නේ යයි ද මුඩු මහණුන්ට උවටැන් කරමියි තුටු සිතින් හැසිරෙතියි සිනාසී පහයට ගියේය. ඔහු වෙන්වී ගියවිට ඔහු ලග සිටි සිරිමා ගණිකාව කුමක් බලා මොහු සිනා සුනාදැයි එම ජනේලයෙන් බලන්නී උත්තරාව දැක ඇය බලා මොහු සිනාසුනේය. ඒකාන්තයෙන් ඇය හා සන්ථවයක් ඇතැයි සිතුවාය. ඇය වනාහී එම නිවසේ අඩමසක් බාහිර ස්ත්‍රියක් ලෙස වසන්නේ නමුදු ඒ සම්පත් අනුභව කරමින් තමන් බැහැර ස්ත්‍රිය බව නොදැන ගෘහස්වාමි ස්ත්‍රියයි හැගීමක් ඇති කරගත්තාය. ඇය උත්තරාව කෙරෙහි වෛරයක් බැඳගෙන ඇයට දුකක් දෙන්නෙමියි පහයෙන් බැස කුස්සියට පිවිසී කැවුම් උයන තැන හොඳින් පැසුන ගිතෙල් හැන්දෙන් අරගෙන උත්තරාව දෙසට ගියාය. උත්තරා ඇය එනු දැක මගේ මේ සහායිකාව විසින් බොහෝ උපකාර කරනලදී. සක්වල සම්බාධ සහිතය බ්‍රහ්ම ලෝකය පහත්ය. මගේ සහායිකාවන්ගේ ගුණය උසස් වේ. මැය නිසා මට ධර්මය ඇසීමටත් දන් දීමටත් අවස්ථාව ලැබුනි. මෑ කෙරෙහි මගේ ක්‍රෝධයක් පවතීනම් මේ පැසුණු ගිතෙල් මා දවත්වා එසේ නොමැති නම් නොදැවේවායි ඇය කෙරෙහි මෛත්‍රිය පැතුරු වේ. ඇය විසින් උණු ගිතෙල් හිසමත දැමුවිට සීතල ජලයක් බඳුවිය. එහි දී සිරිමා මෙය සීතල වී තිබේ නැවත පැසෙන ගිතෙල් හැන්ද පුරවා ගෙන එනවිට උක්තරා වගේ දාසියෝ දැක පලායව දුර්වීනිතිය නුඹට අපේ ආර්යාවගේ හිසේ ගිතෙල් දැමීමට සුදුසු නැත. යයි තර්ජනය කරමින් එහෙන් මෙහෙන් නැගිට අතින් ද පයින්ද තලා බිම හෙලීය. උත්තරා මෙය වැලැක්වීමට උත්සහ කළ ද නොහැකිවිය. අනතුරුව ඇයගේ සිරුර මත සිට සියළු දාසින් වලක්වා ඇයි ඔබ මෙබඳු බැරැරුම් දෙයක් කළේ විමසමින් සිරිමාවට අවවාද දී උණුදියෙන් නාවා සියක් වර පෙරු තෙලින් ඇස ගැල්වීය. තැවීමද කළාය.
එකෙනෙහි තමන් බැහැර ස්ත්‍රියක් බව තේරුම්ගෙන මවිසින් බැරැරුම් ක්‍රියාවක් කරන ලදිමි. ස්වාමීයා සිනාසිම් පමණකින් ඇගේ හිසමත උණු තෙල් වත්කළ මට අල්ලා ගන්නයි දාසියන්ට අණ නොකළාය. මාව පෙළන අවස්ථාවේදීද සියළු දාසියන් බැහැර කොට මට කළයුතු ද කළාය. ඉදින් මම ඇයගෙන් සමාව නොගන්නේනම් මගේ හිස සත්කඩකට පැලෙන්නේය. ඇගේ පාමුල වැටී ආර්යාවනි මට සමා වන්නැයි කීවාය. මම පියා ඇති දුවයි පියා සමාවු විට මම ද සමාවෙමි. එලෙස වේවා ඔබේ පියා පුණ්ණ සිටුතුමාය. එතුමා ගෙන් ද මම සමාව අයදිමි. පුණ්ණ මගේ සාංසාරික පියාය. මගේ ලෝකෝත්තර පියා නම් සම්මා සම්බුදුය. උන්වහන්සේගෙන් සමාව ගත්විට සමාව දෙන්නෙමි. උන්වහන්සේ පිළිබඳ මගේ විශ්වාසයක් නැත. මම එම විශ්වාසය ඇතිකරන්නෙමියි උත්තරා පැවසුවාය. හෙට භික්ෂු සංඝයා සමග මගේ නිවසට වැඩම කරන්නාහ. එහිදි ඔබ ලබනලද සත්කාරය ගෙන මෙහි පැමිණ උන්වහන්සේගෙන් සමාව ගන්න. යහපතැයි කියා ඇය පිළිගත්තාය.
පසුව උත්තරා තම ගෙට ගොස් පන්සියයක් පරිවාර ස්ත්‍රීන්ට අණකර නොයෙක් වර්ගයේ ඛාදනීය මෙන්ම සුප් ආදී පානය කළයුතු දෑ සකස්කොට දෙවන දිනයේදී එම සත්කාරය ගෙන උත්තරාවගේ ගෙට අවුත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාගේ පාත්‍ර පිහිටුවීම නොඉවසන්නී සිටියාය. ඒ සියල්ල ගෙන උත්තරාම සියල්ල සංවිධාන කළාය. සිරිමාව ද බුදුන් වළදා අවසානයේ පිරිවර සමගම බුදුන් පාමුල වාඩිවුවාය. එසේ වාඩි වූ සිරිමා බුදුන් වැඳ කළ වරදට සමාව ඉල්ලුවාය. අනතුරුව තථාගතයන් වහන්සේ ඔබේ අපරාධය කුමක්දැයි විමසුහ. ස්වාමීනි මම ඊයේ මෙබඳු දෙයක් කළෙමි. මම ඇගේ මේ ගුණ දැන සමාව ගතිමි. එහි දී ඇය ඔබ වහන්සේගෙන් සමාව ගත්විට සමාව දෙන බව පැවසුවාය. උත්තරා වෙනි එසේ පැවසුවේද උත්තරා සැබෑබව පැවසුවාය. මගේ හිසට උණු තෙල් මේ සභායිකාව වත් කළාය ඔබ එවිට කුමක් සිතුවේද උත්තරාවති ස්වාමීනි මම ඇගේ ගුණ උසස් කොට සැලකීමි. සක්වල සම්බාධ සහිතය. බ්‍රහ්ම ලෝකය ඉතා පහත්ය මගේ මිතුරියගේ ගුණ වඩාත් මහත්ය. ඇය නිසා මෙසේ ධර්මය ඇසීමටත් දන් දීමටත් ලැබුවෙමි. ඉදින් ඇය කෙරෙහි කෝපයක් පවතීනම් මගේ හිස දැවේ මා නො එසේ නම් නොදැවේවායි පැතුවෙමි. මම මැයට මෛත්‍රිය වැඩුවෙමි. සාධු - සාධු - උත්තරාව එසේ කෝපය ජයගැනීම වටී. ක්‍රෝධය මෛත්‍රීයෙන්ද අක්‍රෝෂ පරිභව එසේ නොකිරිමෙන් ද තද මසුරුබව තමා සන්තක දෑ පරිත්‍යාග කිරීමෙන්ද බොරුව සත්‍ය වචනය භාවිතයෙන්ද ජයගත යුතුයයි පවසා මේ ගාථාව දෙසුහ.
දුරලනු කොරෝදය මෙත්සිත පැතිරීමෙන්
දුදනා දමනු, යහපත් ගතිගුණ පෑමෙන්
නැතිවෙයි ලෝබ සිත නිතරම දන්දීමෙන්
යටපත් වේ බොරුව ඇත්තම හෙළිවීමෙන්
එහි අක්කොධන - ක්‍රෝධ සහිත පුද්ගලයා නො කිපීමෙන් දිනිය යුතුය. අසාධු අයහපත් තැනැත්තා යහපත් බැවින් දිනිය යුතුය. කදරියං තද මසුරු තැනැත්තා තමන් සතුදේ දීමෙන් ත්‍යගවන්ත සිතින් දිනිය යුතුය. බොරු කියන්නා සත්‍ය වචන භාවිතයෙන් දිනිය යුතුය. මෙම දේශනය අවසානයේ සිරිමා සහිත පන්සියයක් කාන්තාවෝ සෝවාන් ඵලයට පත්වූවාහුය.