කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
15. සුඛ වර්ගය
15-1 ඤාති කළහය සංසඳ වීම පිළිබඳ කථා පුවත.

සුසුඛං වත ජීවාම, වෙරිනෙසු අවෙරිනො;

වෙරිනෙසු මනුස්සෙසු, විහරාම අවෙරිනො.

වෛරීවූ මනුෂ්‍යයන් අතුරෙහි, අවෛරීවූවෝ (අපි) මනුෂ්‍යයන් වෛරීව පවත්නා කල්හි අවෛරීව වසමෝද, (එසේවූ අපි) ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමු.

සුසුඛං වත ජීවාම, ආතුරෙසු අනාතුරා;

ආතුරෙසු මනුස්සෙසු, විහරාම අනාතුරා.

ආතුරවූ මනුෂ්‍යයන් අතුරෙහි ආතුරනොවූ (අපි) මනුෂ්‍යයන් ආතුරව පවත්නාකල්හි ආතුර නොව වසමෝද (එසේවූ අපි) ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු.

15-2 මාරයා පිළිබඳ වූ කථා පුවත

සුසුඛං වත ජීවාම, උස්සුකෙසු අනුස්සුකා;

උස්සුකෙසු මනස්සෙසු, විහරාම අනුස්සුකා.

(පඤ්චකාම ගුණ සෙවීමෙහි) උත්සාහවත්වූ මනුෂ්‍යයන් අතුරෙහි නිරුත්සාහවූ (අපි) මනුෂ්‍යයන් උත්සාහවත්ව පවත්නාකල්හි නිරුත්සාහව වසමෝද (එසේවූ අපි) සුවසේ ජීවත් වෙමු.

සුසුඛං වත ජීවාම, යෙසං නො නත්ථි කිඤ්චනං;

පීතිභක්ඛා භවිස්සාම, දෙවා ආභස්සරා යථා.

යම්බඳුවූ අපට රාගාදී කිසි පළිබොධයක් නැද්ද (එසේවූ අපි) ඒකාන්තයෙන් සුවසේ ජීවත්වෙමු. ආභස්සර බ්‍රහ්මයන් මෙන් ප්‍රීතියම ආහාරකොට ඇත්තෝවෙමු.

15-3 කොසොල් රජු පරාජය වීම පිළිබඳ කථා පුවත

ජයං වෙරං පසවති, දුක්ඛං සෙති පරාජිතො;

උපසන්තො සුඛං සෙති, හිත්වා ජයපරාජයං.

අනුන් පරදවන්නේ වෛරීන් ඇති කෙරෙයි. අනුන් විසින් පරදවන ලද්දේ දුකසේ වසන්නේය. සන්හුන් රාගාදී ක්ලේශයන් ඇති ක්‍ෂීණාශ්‍රවතෙම ජය පරාජය දෙකම හැර සුවසේ වසන්නේය.

15-4 එක්තරා කුලදුවක පිළිබඳවු කථා පුවත

නත්ථි රාගසමො අග්ගි, නත්ථි දොසසමො කලි;

නත්ථි ඛන්ධසමා (ඛන්ධාදිසා (සී. ස්‍යා. පී. රූපසිද්ධියා සමෙති)) දුක්ඛා, නත්ථි සන්තිපරං සුඛං.

රාගය හා සමවූ ගින්නෙක් නැත. ද්වේෂය හා සමවූ අපරාධයක් නැත. පඤ්චස්කන්ධයන් හා සමවූ දුක්ඛ කෙනෙක් නැත. නිර්වාණයට වැඩි සුවයක් නැත.

15-5 එක්තරා උපාසකයෙකුගේ කථා පුවත

ජිඝච්ඡාපරමා රොගා, සඞ්ඛාරපරමා (සඞ්කාරා පරමා (බහූසු)) දුඛා;

එතං ඤත්වා යථාභූතං, නිබ්බානං පරමං සුඛං.

රෝගයෝ සා දුක ප්‍රධානකොට ඇත්තාහ. දුක්ඛයෝ පඤ්චස්කන්ධයන් ප්‍රධානකොට ඇත්තාහ. මේ දෙක තත්වූ පරිද්දෙන් දැන (ප්‍රාඥයෝ නිවන් පසක් කරති) නිර්වාණය උතුම්වූ සුවයයි.

15-6 පසේනදී කොසොල් රජුගේ කථා පුවත

ආරොග්‍යපරමා ලාභා, සන්තුට්ඨිපරමං ධනං;

විස්සාසපරමා ඤාති (විස්සාසපරමො ඤාති (ක. සී.), විස්සාසපරමා ඤාතී (සී. අට්ඨ.), විස්සාසා පරමා ඤාති (ක.)), නිබ්බානං පරමං (නිබ්බාණපරමං (ක. සී.)) සුඛං.

සියලු ලාභයෝ නිරෝගිබව ප්‍රධානකොට ඇත්තාහ. ධනය සතුට ප්‍රධානකොට ඇත්තාහ. නෑයෝ විශ්වාසය ප්‍රධානකොට ඇත්තාහ. නිර්වාණය උතුම් සුවයකි.

15-7 එක්තරා භික්ෂුවක් පිළිබඳ කථා පුවත

පවිවෙකරසං පිත්වා (පීත්වා (සී. ස්‍යා. කං. පී.)), රසං උපසමස්ස ච;

නිද්දරො හොති නිප්පාපො, ධම්මපීතිරසං පිවං.

ප්‍රකර්ෂ විවේකයාගේ (තද විවේකයේ) රසයද, ක්ලේශව්‍යුපශමයාගේ පව් සංසිඳවීමේ රසයද බී (නවලෝකෝත්තර) ධර්ම වශයෙන් උපන් ප්‍රීතිරසය බොන්නාවූ ක්‍ෂීණාශ්‍රවතෙම පීඩා නැත්තේද පව්නැත්තේද වෙයි.

15-8 සක්දෙව්රජ පිළිබඳ කථා පුවත

සාහු දස්සනමරියානං, සන්නිවාසො සදා සුඛො;

අදස්සනෙන බාලානං, නිච්චමෙව සුඛී සියා.

(බුද්ධාදී) ආර්යයන්ගේ දැක්ම මැනවි. ඔවුන් හා සමග විසීමද හැමකල්හි සුවය. අඥානයන්ගේ නොදැක්ම හේතුකොටගෙණ සතතයෙන්ම සත්වතෙම සුඛිත වන්නේය.

බාලසඞ්ගතචාරී (බාලසඞ්ගතිචාරී (ක.)) හි, දීඝමද්ධාන සොචති;

දුක්ඛො බාලෙහි සංවාසො, අමිත්තෙනෙව සබ්බදා;

ධීරො ච සුඛසංවාසො, ඤාතීනංව සමාගමො.

ඒ එසේ මැයි. බාලයන් හා එක්ව ඇවිදිනා සුලු වුයේ දීර්ඝ කාලයක් ශෝක කරන්නේය. බාලයන් හා එක්ව විසීම සතුරෙකු සමග (වාසයක්) මෙන් සැම කල්හි දුක්ය. ප්‍රාඥතෙමේද ප්‍රියවූ නෑයන්ගේ සමාගමයක් මෙන් සුවවූ සහවාස ඇත්තේය.

තස්මා හි - ධීරඤ්ච පඤ්ඤඤ්ච බහුස්සුතඤ්ච, ධොරය්හසීලං වතවන්තමරියං;

තං තාදිසං සප්පුරිසං සුමෙධං, භජෙථ නක්ඛත්තපථංව චන්දිමා

(තස්මා හි ධීරං පඤ්ඤඤ්ච, බහුස්සුතඤ්ච ධොරය්හං; සීලං ධුතවතමරියං, තං තාදිසං සප්පුරිසං; සුමෙධං භජෙථ නක්ඛත්තපථංව චන්දිමා; (ක.)).

එහෙයින් ධීරයාද, ප්‍රාඥයාද, බහුශ්‍රැතයාද ප්‍රතිපත්තිධුරය උසුලන්නාද, ව්‍රත සම්පන්තයාද, ආර්යයාද යන සුන්දරවූ ප්‍රඥා ඇති එබඳුවූ ඒ සත්පුරුෂයා චන්‍ද්‍රතෙමේ ආකාශය (සේවනය කරන්නාක්) මෙන් සේවනය කරව්.