කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
14. බුද්ධ වර්ගය
14-1 මාරදූවරුන් පිළිබඳ කථා පුවත

යස්ස ජිතං නාවජීයති, ජිතං යස්ස (ජිතමස්ස (සී. ස්‍යා. පී.), ජිතං මස්ස (ක.)) නො යාති කොචි ලොකෙ;

තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථ.

යමකු (බුදු කෙනෙකුන්) වසින් දිනනලද කේලශ සමූහය නපුරුකොට දිනන ලද්දේනම් නොවේද, ඒ බුදුන් විසින් දිනනලද කෙලෙස් ලෝකයෙහි කිසි එකද ක්ලේශයෙක් අනුව නොයේද කෙළවරක් නැති ගෝචර ඇති රාගාදී එකද කාරණයක් නැති ඒ බුදුන් කවර මඟකින් තොපගේ වසයට ගෙණයවුද?

යස්ස ජාලිනී විසත්තිකා, තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ;

තං බුද්ධමනන්තගොචරං, අපදං කෙන පදෙන නෙස්සථ.

යම් සම්බුදු කෙනෙකුන් (කිසි භවයකට පමුණුවන්නට) ජාලිනී නම් වූ විසත්තිකා නම්වූ රූපතෘෂ්ණාදී තෘෂ්ණාවක් නැත්තේද, කෙළවරක් නැති ගෝචර ඇති රාගාදී එකද කාරණයක් නැති ඒ බුදුන් කවර මඟකින් තොපගේ වසයට ගෙණයවුද?

14-2 යමක පාටි හාරිය කථා පුවත

යෙ ඣානපසුතා ධීරා, නෙක්ඛම්මූපසමෙ රතා;

දෙවාපි තෙසං පිහයන්ති, සම්බුද්ධානං සතීමතං.

යම් ප්‍රාඥ කෙනෙක් ධ්‍යානයෙහි නියුක්තද, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුනාහුද ස්මෘතිමත්වූ ඒ සම්බුදුන්ට දෙවියෝද කැමතිවෙති.

14-3 ඒරක පත්ත නා රජුගේ කථා පුවත

කිච්ඡො මනුස්සපටිලාභො, කිච්ඡං මච්චාන ජීවිතං;

කිච්ඡං සද්ධම්මස්සවනං, කිච්ඡො බුද්ධානමුප්පාදො.

මිනිසත් බව ලැබීම දුෂ්කරය, සත්වයන්ගේ ජීවිතය දුක්ය, ධර්ම ශ්‍රවණය දුර්ලභය, බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභය.

14-4 ආනන්ද තෙරුන්ගේ උපොසථ ප්‍රශ්න පුවත

සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා (කුසලස්සූපසම්පදා (ස්‍යා.));

සචිත්තපරියොදපනං (සචිත්තපරියොදාපනං (?)), එතං බුද්ධාන සාසනං.

සියලු අකුශල කර්මයාගේ (පව්) නොකිරීමද, සියලු කුශල කර්මයාගේ (පින්) ඉපදවීමද තමාගේ සිත පිරිසිදු කිරීමද, යනමේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.

ඛන්තී පරමං තපො තිතික්ඛා, නිබ්බානං (නිබ්බාණං (ක. සී. පී.)) පරමං වදන්ති බුද්ධා;

න හි පබ්බජිතො පරූපඝාතී, න (අයං නකාරො සී. ස්‍යා. පී. පාත්ථකෙසු න දිස්සති) සමණො හොති පරං විහෙඨයන්තො.

ඉවසීමවූ ක්‍ෂාන්ති තොමෝ උතුම්වූ තපසෙක, සියලු බුදුවරයෝ නිර්වාණය උතුම්යයි කියති. පරහට හිංසා කරණ සුලුවූයේ පැවිද්දෙක් නොවෙයි, පරහට පීඩා කරන්නේ මහණෙක් නොවෙයි.

අනූපවාදො අනූපඝාතො (අනුපවාදො අනුපඝාතො (ස්‍යා. ක.)), පාතිමොක්ඛෙ ච සංවරො;

මත්තඤ්ඤුතා ච භත්තස්මිං, පන්තඤ්ච සයනාසනං;

අධිචිත්තෙ ච ආයොගො, එතං බුද්ධාන සාසනං.

උපවාදයක් (බිණීමක්) නොකිරීමද, උපඝාතයක් (හිංසාවක්) නොකිරීමද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙහි සංවරයද ආහාරයෙහි පමණ දන්නා බවද (ගමට) දුරුවූ සේනාසනයන්හි ඇල්මද (රූපාරූප අෂ්ට) සමාපත්තියෙහි සතතයෙන් යෙදීමද යන මේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.

14-5 උකටලී භික්ෂුව පිළිබඳ කථා පුවත

න කහාපණවස්සෙන, තිත්ති කාමෙසු විජ්ජති;

අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො.

කහවණු වැස්සෙනුදු (වස්තු, ක්ලේශ) කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ ආශ්වාද රහිතයහ. (බොහෝ) දුක් ඇත්තාහ, නුවණැති මහණතෙම මෙසේ දැන

අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති;

තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො.

හෙතෙම දිව්‍යවූ පඤ්චකාමයෙහිදු ඇල්මකට නොපැමිණෙන්නේය. ඒ බුද්ධ ශ්‍රාවකතෙම (තෘෂ්ණාව) ගෙවීමෙහි ඇලුනේ වන්නේය.

14-6 අග්ගි දත්ත බමුණන්ගේ කථා පුවතයි.

බහුං වෙ සරණං යන්ති, පබ්බතානි වනානි ච;

ආරාමරුක්ඛචෙත්‍යානි, මනුස්සා භයතජ්ජිතා.

භයින් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද චෛත්‍ය වෘක්ෂයන්ද ඒකාන්තයෙන් සරණ යන්නාහ.

නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්තමං;

නෙතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චති.

මේ සියලු සරණයම ක්ෂෙම නොවෙයි. උත්තමද නොවෙයි. මේ (පවර්තාදී) සරණයට පැමිණ සියලු (සංසාර) දුක්ඛයෙන් (සත්වතෙම) නොමිදෙන්නේය.

යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො;

චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.

යමෙක් බුදුන්ද ධර්මයද සංඝයාද සරණ ගියේද චතුරාර්යය සත්‍යයන් මනාකොට විදර්ශනා ඥානයෙන් දක්නේවේද?

දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං;

අරියං චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.

දුක්ඛසත්‍යයද, සමුදය සත්‍යයද, (ඒ දුක්ඛයාගේ හික්මීමට කාරණවූ) නිරෝධ සත්‍යයද, දුක්ඛනිරොධයට පමුණුවන්නාවූ ආර්යය අෂ්ටාංගික සංඛ්‍යාත මාර්ග සත්‍යයද (මනාකොට නුවණැසින් දක්නේවේද)

එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තමං;

එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චති.

මේ සරණය ක්‍ෂෙමය. මේ සරණය උතුම්ය. මේ සරණයට පැමිණ සියලු සංසාර දුක්ඛයෙන් සත්වතෙම මිදෙන්නේය.

14-7 ආනන්ද තෙරුන් විමසු ප්‍රශ්න පිළිබඳ කථා පුවත

දුල්ලභො පුරිසාජඤ්ඤො, න සො සබ්බත්ථ ජායති;

යත්ථ සො ජායති ධීරො, තං කුලං සුඛමෙධති.

උතුම් පුරුෂවූ (සම්‍යක් සම්බුද්ධ) තෙමේ දුර්ලභය. ඒ (සම්‍යක් සම්බුද්ධ) තෙම හැමතන්හිම නූපදනේය. ඒ ප්‍රාඥතෙම යම් කුලයක උපදනේවේද, ඒ කුලය සුවයට පැමිණෙන්නේය.

14-8 බොහෝ භික්ෂූන්ගේ කථා පුවත.

සුඛො බුද්ධානමුප්පාදො, සුඛා සද්ධම්මදෙසනා;

සුඛා සඞ්ඝස්ස සාමග්ගී, සමග්ගානං තපො සුඛො.

බුදුවරයන්ගේ ඉපැත්ම සුවය. ධර්ම දේශනාවද සුවය සංඝයාගේ සමගිබව සුවය. සමගවුවන් (භික්‍ෂුන්) ගේ තපසද සුවය.

14-9 කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන්චේතිය පිළිබඳ කථා පුවත

පූජාරහෙ පූජයතො, බුද්ධෙ යදි ව සාවකෙ;

පපඤ්චසමතික්කන්තෙ, තිණ්ණසොකපරිද්දවෙ.

පූජාවට සුදුසුවු, (ත්‍රිවිධ) ප්‍රපඤ්චයන් මනාකොට ඉක්මවූ, ඉක්මවූ ශෝක වැලපීම් දුක්ඛයන් ඇති බුදුවරයන්ද, නැතහොත්, බුදු සවුවන්ද යමෙක් පුදාද?

තෙ තාදිසෙ පූජයතො, නිබ්බුතෙ අකුතොභයෙ;

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං, ඉමෙත්තමපි කෙනචි.

නිවීගිය සිත් ඇති, කොයිනුත් බිය නැති, එබඳුවු උන්වහන්සේලා පුදන්නහුගේ පින්කම් මෙතෙකැයි ගණින්නට කිසිවෙකු විසිනුදු නොහැකි.