නත්ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො කලි
නත්‍ථි ඛන්‍ධසමා දුක්ඛා නත්‍ථි සන්තිපරං සුඛං.
රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම අපරාධයෙක් නැත. පඤ්චස්කන්‍ධ දුඃඛය හා සම දුකෙක් නැත. නිර්‍වාණ සැපයට වැඩි තරම් සුවයෙක් නැත.
"නත්ථි රාගසමො'ති' ඉමං යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්තරා කුල දැරියක් නිමිති කරගෙන දේශනාකළහ.
ඇගේ දෙමාපියෝ ඇය විවාහ කර දෙන මංගල උත්සව දිනයේ දී බුදුරදුන්ට ආරාධනා කළහ. බුදුහු භික්ෂු සංඝයා පිරිවරා ගෙන එහි වැඩමකර වැඩසිටියහ. එම මනාලියද? මැනවින් භික්ෂූන් වහන්සේලාට ජලය පෙරීම් ආදිය කරමින් ඔබ මොබ හැසිරෙයි. ඇගේ ස්වාමීයා ද ඒ ඒ දේ බලමින් සිටියේය. ඇය දෙස රාගික වශයෙන් බලාසිටි ඔහුගේ ඇතුළත කෙළෙස් මුදාහැරියේය. ඔහු නුවණින් පෙළුනේ බුදුරජාණන් වහන්සේට හෝ අසූමහා ශ්‍රාවකයින්ට උවටැන් නො කළේය. අත දිගහැර ඒ මනාලිය ගන්නෙමියි සිතුවේය. බුදුහු ඔහුගේ එම අදහස දැනගෙන එම ස්ත්‍රිය නොපෙනෙන ලෙසට අදිටන් කළහ. ඔහු බිරිඳ නොදැක බුදුන් දෙස බලා සිටියේය. ඔහු බලා සිටින විට බුදුහු කුමාරය, රාග ගින්න හා සමාන වෙනත් ගින්නක් නැත. දේවේශය හා සමාන කිළුටක් නැත. ස්ඛන්ධ පරිහරණය තරම් දුකක් නැත. නිවන් සුවය හා සමාන සැපයක් නැතැයි පවසා මෙම ගාථාව පැවසුහ.
රාගය වැනි වු ගින්නක් තුන් ලොවේ නැත
තරහව වැනි වු කැලලක් තුන් ලොවේ නැත
පස්කඳ දැරුම සැරසුම වැනි දුකක් නැත
පරම සුවය නිර්වාණය නමින ඇත
එහි - නත්ථි රාග සමො - දුම ජලය හෝ අඟුරු හෝ නොදක්වා ඇතුළතම දවා අළුමිටක් කිරීමට පටන් රාගය හා සමවු අනෙක් ගින්නක් නම් නැත. කලී යනු ද්වේශය හා සමාන අපරාධයක් ද නැත. ඛන්ධසමා යනු පඤ්චස්කන්ධය හා සමාන පරිහරණයෙන් ඇතිවන වෙනත් දුකක් නැත.
සන්තීපරං යනු නිවන හා සමාන වූ වෙනත් උත්තරීතර සැපයක් ද නැත. නිබ්බාණං පරමං සුඛං යන්නේ අදහස එයයි.
දේශනය අවසන මනාල කුමරිය සෝවාන් ඵලයේ පිහිටියහ. එම අවස්ථාවේ දී බුදුහු එකිනෙකා පෙනන ආකාරයට අදිටන් කළහ.