සුසුඛං වත ජීවාම යෙසං නො නත්‍ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථා.
ආශ්චර්‍ය්‍යයෙකි! යම් බඳු අපට රාගාදි කිසි පළිබෝධයෙක් නැද්ද, එබඳු වූ අප ඉතා සුව සේ ජීවත් වමු. ආභාස්වර බ්‍රහ්මයන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වම්හ.
"සුසුඛං වත” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ පඤ්චපාල නම් බ්‍රාහ්මණ ගමෙහි වැඩසිටිය දී මාරයා අරමුණු කරගෙන දේශනා කළහ.
එක් දිනක් බුදුහු පන්සියයක් කුමරියන්ගේ සෝවාන් ඵලයට හේතු සම්පත් දැක ඒ ගමම ඇසුරු කොට ගෙන වැඩ වාසය කරති. මේ කුමාරිකාවෝද නැකැත් දවසේ ගඟට ගොස් නා සැරසී, නගරය දෙස බලා පිටත්වුහ. බුදුරජාණන් වහන්සේ ද එම ගමට පිවිස පිඬු පිණිස හැසිරෙති. අනතුරුව මාරයා මුළු ගමේම මිනිසුන්ගේ සිරුරුවලට ආවේශ වී බුදුන්ට බත් හැන්දක් තරම්වත් නොලැබෙන ලෙසට කටයුතු කළේය. මෙසේ කොට පාත්‍රය සෝදා ගෙන වඩින බුදුන් වෙත ගම් දොරදී මෙසේ පැවසුවේය. ශ්‍රමණය පිණ්ඩපාතය නොලැබුනේද? බුදුහු ඇයි මාරය එබඳු දෙයක් ඔබ කළේ. එසේනම් ස්වාමිනි නැවත වඩින්න. එහිදී නැවත බුදුන් වැඩම කළේනම් සියල්ලන්ගේ සිරුරට ආවේශ වී බුදුන් ඉදිරියේ අත්පුඩි ගසා කෙළිකවටකම් කරන්නෙමියි සිතීය මේ අවස්ථාවේදීම ඒ කුමාරිකාවරු ගමට පිවිස බුදුන් දැක වැඳ එකත් පසෙක සිටියාහුය. මාරයා ද ස්වාමීනි පිණ්ඩපාතය නොලැබීමෙන් බඩගිනි දුකෙන් පෙළෙන්නේද කියා විමසීය. බුදුහු පාපි මාරය ! අපි කිසිවක් නොලැබද බඩගිනි දුකෙන් නොපෙළී ආභස්සර ලොව මහබඹු ලෙස ප්‍රීති සුවයෙන්ම කල් ගත කරනෙමුයි පවසා මේ ගාථාව පැවසුහ.
රා දොස් මෝහ ඈ
කිසිවක් නොමැති උතුමෝ
"ආබස්සර" බඹුන් මෙන්
සැපෙන් සතුටෙන් සිටිති හැමදා
යම්බඳු අපට රාගාදි කිසි පලිබෝධයක් නැත් ද එසේ වු අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු. ආභස්සර බ්‍රහ්මයන් ලෙස ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වෙමු.
තත්ථ යෙසං නොති - එහි යම් අපගේ පළිබෝධ වශයෙන් රාගාදි බාධකයක් නොමැතිව පීතිඟඛා ආභස්සර දෙවියන්ලෙසට ප්‍රීතිය අනුභව කරමින් ප්‍රීති සුව කමින් කල් ගත කරන්නේද එසේම කල්ගත කරමු. අපිද මෙසේ වන්නෙමු. යන අයයි. මේ දේශනය අවසානයේ පන්සියයක් කුමරියෝ සෝවාන් ඵලයේ පිහිටියහ.