සුසුඛං වත ජීවාම වෙරිනෙසු අවෙරිනො
වෙරිනෙසු මනුස්සෙසු විහරාම අවෙරිනො.
(ප්‍රාණවධාදි පංචවිධ වෛරයෙන්) වෛරී වූ මනුෂ්‍යයන් අතුරෙහි (දුශ්චරිතවෛර නැතියෙන්) අවෛරි වූ අපි, මනුෂ්‍යයන් දුශ්චරිත වෛරයෙන් වෛරී වැ පවත්නා කල්හි අවෛරි ව වසමෝ ද, එසේ වූ අපි ඒකාන්තයෙන් ඉතා සුව සේ ජීවත් වමු.
සුසුඛං වත ජීවාම ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සෙසු, විහරාම අනාතුරා.
ආශ්චර්‍ය්‍යයෙකි! අපි ක්ලේශාතුරයන් අතුරෙහි අනාතුර වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු . (මෙසේ) මිනිසුන් ක්ලේශාතුර වන කල්හි අපි එයින් ආතුර නොවී වසමු.
සුසුඛං වත ජීවාම උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සෙසු විහරාම අනුස්සුකා.
ආශ්චර්‍ය්‍යයෙකි! අපි පස්කම් සෙවීමෙහි උත්සුක මිනිසුන් අතුරෙහි එහි අනුත්සුක වන්නමෝ ඉතා සුවසේ ජීවත් වමු. (මෙසේ) මිනිසුන් පස්කම් සෙවීමෙහි උත්සුක වන කල්හි අපි එහි අනුත්සුක ව වසමු.
"සුසුඛං වතා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ශාක්‍ය ජනපදයේ වැඩ සිටිය දී කෝලාහල සංසිඳවනු සඳහා ඤාතීන් නිමිති කරගෙන දේශනා කළහ.
ශාක්‍ය කෝලිය වැසියෝ කපිල වත්ථුව හා කෝලිය නගර අතර රෝහිණි නම් නදියේ එකම බැම්මක් බැඳ කුඹුරු ගොවිතැන් කරති. පොසොන් මස ගොයම් මැලවී යනවිට දෙනුවරවාසී කම්කරුවෝම රැස්වූහ. එහිදී කෝලිය නගරවාසීන් මෙසේ කීහ. මේ ජලය දෙනුවරටම ගෙනයාමේදී ඔබට ද අපට ද ප්‍රමාණවත් නොවේ. මෙම ජලය අපට එක ජල ලාභයකින්ම ශෂ්‍ය සම්පත ලැබේ. අනෙක් අය මේ ජලය අපට දෙන්න. අනෙක් අය එවිට තෙපි අටුකොටු පුරවා සිටින විට අපි රන් රුවන් නිල්මිණි කළු කහවණු ගෙන පැසී මලු ගත් අත් ඇතිව ඔබගේ ගෙවල් දොරවල් ලඟ වී ඉල්ලා බලාසිටිය නොහැකිය. අපගේ අස්වැන්නද එකම ජලයකින් ඇතිවේ. එනිසා ජලය අපට දෙන්න. නැහැ අපි නොදෙමු එසේනම් අපිද ජලය නොදෙමු. මෙලෙස වැඩී වාදවිවාද කර එකෙක් නැගිට එකෙකුට පහර දුන්නේය. ඔහු ද අනෙකාට පහර දෙමින් එකිනෙකා පහරදී රාජකුලයන්ට ජාතියෙන් අපහාස කරමින් කෝලාහලය වර්ධනය කළහ. කෝලිය නුවර කම්කරුවෝ තෙපි කපිලවත්ථුවාසීන් ගෙන යව්. යමෙක් නරි - බලු ආදීන් තමන්ගේ සොහොයුරියන් හා සහවාසයේ යෙදුනේද. එවැනි තොපගේ ඇතුන් ද අශ්වයෝ ද කඩු පලිහ ආදී ආයුධ අපට කුමක් කරන්නේ? එවිට ශාක්‍ය කම්කරුවෝ කුෂ්ට රෝගයෙන් පෙළන තොපි දරුවන් ද ගෙන අනාථ වූ ජන්මයක් නැති තිරිසනුන් සේ කොළොම් ගස්යට විසුවෝ තොපගේ කඩු පලිහ ඇත් අස් සේනා අපට කුමක් කෙරෙත්ද? මෙසේ දොස් නගාගත් විට එම කර්මාන්තයේ යෙදු ඇමතිවරුන්ට කිවාහුය. ඇමතිවරු රාජ කුලයන්ට කීහ. අනතුරුව ශාක්‍යයෝ සොහොයුරියන් හා සංවාසයෙන් ඇති වූවන්ගේ ශක්තියත් බලයත් පෙන්වන්නෙමුයි යුද්ධයට සැරසී නික්මුනාහුය. කෝලියවාසීන් ද කොළොම් ගස් යට විසුවන්ගේ ශක්තිය බලය පෙන්වන්නෙමුයි යුද්ධයට සැරසී නික්මුනාහුය. බුදුරජාණන් වහන්සේ ද අළුයම ඥාතීන් දැක මා නොගියොත් මොවුන් නැසෙන්නෝයයි මා විසින් යාම වටීයයි සිතා හුදකලාවම අහසින් වැඩමවා රෝහිණී නදියේ මැද අහසේ පළක් බැඳ වාඩි වුහ. නෑයෝ බුදුන් දැක ආයුධ විසිකර වැන්දාහුය. අනතුරුව බුදුහු ඔවුන්ට මෙසේ පැවසුහ. මහ රජ මේ යුද්ධය කුමක්ද? ස්වාමීනි අපි නොදනිමු. මෙය දන්නේ කවරෙක්ද? හමුදාපති දනී. සේනාපති යුවරජ දන්නේ යයිද උපායෙන් දාස කම්කරුවන් දක්වා ම විමසා ස්වාමීනි ජලය පිළිබඳ යුද්ධයකැයි පැවසුහ. ජලය කෙතරම් වටීද මහරජ ස්වාමීනි ස්වල්පයකි. මහරජ ක්‍ෂත්‍රියයෝ කෙතරම් අනර්ඝද? ස්වාමීනි ක්‍ෂත්‍රියයෝ නම් බෙහෙවින් අනර්ඝ වුවෝ වෙති. එසේ නම් සුළු වටිනා කමක් ඇති ජලය නිසා වටිනා ක්‍ෂත්‍රියයන් විනාශ කිරීම සුදුසු නොවේමය. ඔවුහු නිහඩවුහ. අනතුරුව බුදුහු ඔවුන් අමතා ඇයි මහරජ වරුනි මෙබඳු දේ කරන්නෙ, මම නොසිටියේ නම් අද ලේ ගඟක් ගලනු ඇත. ඔබ විසින් නුසුදුසු දෙයක් කරන ලදී තෙපි පස්විධ වූ වෛරයෙන් යුතුව වාසයකර වූ මම අවෛරීව වාසය කරමි. තෙපි කෙලෙස්වලින් රෝගීව වාසය කරමු. මම කෙලෙසුන්ගෙන් තොරව නිරෝගීව වෙසෙමි තෙපි කාම ගුණයන් සොයමින් වාසය කරවු. මම කාමගුණයන්ගෙන් බැහැරව අනාතුරව වාසය කරමියි පවසා මේ ඟාථාව දේශනා කළහ.
ජීවත්වන ඕනෑනම් ඔබ සුවසේ
මෙත් සිත් උපදවනු මැන වයිර වෙනුවට
මිනිසුන් අතර කෙළෙසුන්ගෙන් නිති ලෙඩ වු
නැති කොට කෙළෙස් නීරෝගිව සිටිය යුතු
පස්කම් සුව සොයන අයගෙන් එක පිම්මේ
වෙන්වි අනාතුරවමැ දිවි ගෙවිය යුතු
වෛරීන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. වෛරී මිනිසුන් අතර අවෛරීව වාසය කරමු. ආතුර වු මිනිසුන් අතර අනාතුරව සුවසේ ජීවත් වෙමු රෝගී වු මිනිසුන් අතර නිරෝගීව වාසය කරමු. කෙලෙසුන් සෙවීමට උනන්දුවන මිනිසුන් අතර පස්කම් නො සොයන අය ලෙසම වාසය කරමු.
එහි සුසුඛ නම් - සුදුසු සුවයයි. මෙය කියන ලදී යම් ගිහිවු අය අත්පා සිඳදමමින් හෝ, පැවිදි වුවෝ වෙදකම් ආදිය වශයෙන් ජීවන වෘත්තිය උපදවා සුවසේ ජීවත්වෙමු යයි කියත්ද? වෛරී මිනිසුන් අතර අවෛරීවද කෙළෙසුන්ගෙන් ලෙඩවූවන් අතර කෙළෙසුන්ගෙන් තොරව නිරෝගීව ද පස්කම් සුව සොයන රෝගීන් අතර එයින් නිරෝගීව ද ජීවත්වෙමු. සෙස්ස කියන ලද පරිද්දෙන්මය. දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ඵලයේ පිහිටියහ.