කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
10. දණ්ඩ වර්ගය
10-1 සවග මහණුන්ගේ පළමුවන කථා පුවත.

සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො;

අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.

සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.

10-2 සවග මහණුන් පිළිබඳ දෙවැනි කථා පුවත.

සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙසං ජීවිතං පියං;

අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.

සියලු සත්වයෝම වධබන්ධනාදියට බිය වෙති. සියල්ලන්ටම ජීවිතය ප්‍රියය. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවාද හිංසා නොකරවන්නේය.

10-3 බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත

සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන විහිංසති;

අත්තනො සුඛමෙසානො, පෙච්ච සො න ලභතෙ සුඛං.

යම් පුද්ගලයෙක් තමාහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළාද, හෙතෙම පරලොව සුව නොලබන්නේය.

සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන න හිංසති;

අත්තනො සුඛමෙසානො, පෙච්ච සො ලභතෙ සුඛං.

යමෙක් තමහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දඬුවමින් නොපෙළාද ඒ පුද්ගලතෙම පරලොව සුව ලබන්නේය.

10-4 කුණ්ඩධාන තෙරුන්ගේ කතා පුවත.

මාවොච ඵරුසං කඤ්චි, වුත්තා පටිවදෙය්‍යු තං (පටිවදෙය්‍යුං තං (ක.));

දුක්ඛා හි සාරම්භකථා, පටිදණ්ඩා ඵුසෙය්‍යු තං (ඵුසෙය්‍යුං තං (ක.)).

කිසිවකුට පරුෂ වචනයක් නොකියව. (තා විසින් පරුෂ වචන) කියන ලද්දාවූ අන්‍යයෝ තට පෙරළා කියති. එසේම, එකටෙක කථාව දුක්ය. තට පෙරළා දඬුවම් ලැබෙයි.

සචෙ නෙරෙසි අත්තානං, කංසො උපහතො යථා;

එස පත්තොසි නිබ්බානං, සාරම්භො තෙ න විජ්ජති.

ඉදින් (වටින්) කැඩූ ලොහොතලියක් මෙන් තාගේ සිත නිශ්ශබ්ද කෙළෙහි නම් නිවණට පැමිණියා නම් වෙහි. තට පෙරළා දෙසීම් නොවන්නේය.

10-5 විශාඛා ආදී උපාසිකාවන්ගේ උපොසථ සමාදන්වීම පිළිබඳ කථා පුවත

යථා දණ්ඩෙන ගොපාලො, ගාවො පාජෙති ගොචරං;

එවං ජරා ච මච්චු ච, ආයුං පාජෙන්ති පාණිනං.

යම්සේ ගොපලුතෙම දඬුයෙන් හරකුන් තණ බිමට පමුණුවාද, එපරිද්දෙන්ම ජරාවද මරණයද යන (මොහු දෙදෙන) සත්වයන්ගේ ජීවිතය ගෙන යන්නේය.

10-6 අජගර නම් ප්‍රේතයාගේ කථා පුවත.

අථ පාපානි කම්මානි, කරං බාලො න බුජ්ඣති;

සෙහි කම්මෙහි දුම්මෙධො, අග්ගිදඩ්ඪොව තප්පති.

තවද පව්කම් කරන්නාවූ අනුවණ තෙම (එය) දනියි. ඒ නුවණ නැත්තේ ස්වකීය පාපකර්මයන් ගින්නෙන් දනලද්දක්හු මෙන් තැවෙයි.

10-7 මහමුගලන් තෙරුන්ගේ කථා පුවත.

යො දණ්ඩෙන අදණ්ඩෙසු, අප්පදුට්ඨෙසු දුස්සති;

දසන්නමඤ්ඤතරං ඨානං, ඛිප්පමෙව නිගච්ඡති.

යමෙක් දඬුවම් නොකළ යුතු, ද්වේෂ නොකරණ පුද්ගලයන් විෂයෙහි අපරාධ කෙරේද, හෙතෙම දශවිධ දුක්ඛ කාරණයන් අතුරෙන් එක්තරා දුක්ඛකාරණයකට වහාම පැමිණෙන්නේය.

වෙදනං ඵරුසං ජානිං, සරීරස්ස ච භෙදනං (සරීරස්ස පභෙදනං (ස්‍යා.));

ගරුකං වාපි ආබාධං, චිත්තක්ඛෙපඤ්ච (චිත්තක්ඛෙපං ව (සී. ස්‍යා. පී.)) පාපුණෙ.

දැඩිවූ (කායික) වේදනාවකට හෝ ධනහානියකට හෝ ශරීර භෙදයකට හෝ නැවත බලවත් රෝගයකට හෝ උන්මාදයට හෝ පැමිණෙන්නේය.

රාජතො වා උපසග්ගං (උපස්සග්ගං (සී. පී.)), අබ්භක්ඛානඤ්ච (අබ්භක්ඛානං ව (සී. පී.)) දාරුණං;

පරික්ඛයඤ්ච (පරික්ඛයං ව (සී. ස්‍යා. පී.)) ඤාතීනං, භොගානඤ්ච (භොගානං ව (සී. ස්‍යා. පී.)) පභඞ්ගුරං (පභඞ්ගුනං (ක.)).

රජුන් කෙරෙහි වන්නාවූ උවදුරකට හෝ දරුණුවූ (අභ්‍යඛ්‍යානයකට) චෝදනාවකට හෝ නෑයන්ගේ විනාශයට හෝ භෝගයන්ගේ විනාශයට හෝ පැමිණෙන්නේය.

අථ වාස්ස අගාරානි, අග්ගි ඩහති (ඩය්හති (ක.)) පාවකො;

කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජති (සො උපපජ්ජති (සී. ස්‍යා.)).

ඔහුගේ ගෙවල් පාවක (ශුද්ධකරන්නා) නම්වූ ගින්න දවයි. ඒ අඥාන පුද්ගලතෙම මරණින් මතු නරකට පැමිණෙන්නේය.

10-8 බහුභාණ්ඩික තෙරුන්ගේ කථා පුවතයි.

න නග්ගචරියා න ජටා න පඞ්කා, නානාසකා ථණ්ඩිලසායිකා වා;

රජොජල්ලං උක්කුටිකප්පධානං, සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං.

තරණය නොකළ සංකා ඇති මිනිසා නග්නව (නිර්වස්ත්‍රව) කරණ තපස්ද ශුද්ධ නොකෙරෙයි. ජටාවෝ ශුද්ධ නොකෙරෙති. ඇඟ මඩ ගැල්වීමද ශුද්ධ නොකෙරෙයි. අහර නොවළඳා කරණ තපස්ද ශුද්ධ නොකෙරෙයි. ආගන්තුක ධූලි දැරීම ශරීරයෙහි දැලි ඉලීම යන මේද උක්කුටුකයෙන්ම (වකගැසී) හිඳ කරණ තපස්ද යන මොහුද ශුද්ධ නොකෙරෙති.

10-9 සන්තති මහ ඇමැත්තාගේ කථා පුවත.

අලඞ්කතො චෙපි සමං චරෙය්‍ය, සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී;

සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛු.

සැරසුනු පුද්ගල තෙමේද ඉදින් ධර්මයෙහි යෙදී පවතීද, ශාන්තද, දැමුනේවීද, (සිව්මග නියමයෙන්) නියතද බඹසර ඇත්තේද, සියලු සතුන් කෙරෙහි දණ්ඩනය (හිංසා) බහා තබා වෙසේද හෙතෙම බ්‍රාහ්මණයයි කියයුතුය. හෙතෙම ශ්‍රමණයයිද කියයුතුයි. භික්‍ෂුයයිද කියයුතුවේ.

10-10 පිලෝතික ථෙරි පුවත

හිරීනිසෙධො පුරිසො, කොචි ලොකස්මි විජ්ජති;

යො නිද්දං (නින්දං (සී. පී.) සං. නි. 1.18) අපබොධෙති (අපබොධති (සී. ස්‍යා. පී.)), අස්සො භද්‍රො කසාමිව.

කසය වළහන්නාවූ උතුම් අසෙකු මෙන් යම් මහණෙක්තෙම නින්දාව ප්‍රබොධ නොකෙරේද, (පවෙහි) ලජ්ජාවෙන් (අකුශල විතර්කයන්) දුරු කරණ කිසි පුරුෂයෙක් තෙම ලෝකයෙහි ඇත්තේය.

අස්සො යථා භද්‍රො කසානිවිට්ඨො, ආතාපිනො සංවෙගිනො භවාථ;

සද්ධාය සීලෙන ච වීරියෙන ච, සමාධිනා ධම්මවිනිච්ඡයෙන ච;

සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා, ජහිස්සථ (පහස්සථ (සී. ස්‍යා. පී.)) දුක්ඛමිදං අනප්පකං.

කසයෙන් පහරණලද උතුම් අශ්වයෙකු මෙන් වීර්යයවත් වවු. සසර කලකිරීම් ඇත්තාහු වවු. ශ්‍රද්ධාවෙන්ද ශීලයෙන්ද වීර්‍ය්‍යයෙන්ද සමාධියෙන්ද විදර්ශනා ප්‍රඥාවෙන් (ධර්මානුකූල විසඳීමෙන්) ද සමන්විතව සම්පූර්ණවූ විජ්ජාචරණ ඇතිව බොහෝවූ මේ සංසාර දුක දුරුකරවු.

10-11 සුඛ සාමණේර කථා පුවත

උදකඤ්හි නයන්ති නෙත්තිකා, උසුකාරා නමයන්ති තෙජනං;

දාරුං නමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති සුබ්බතා.

දියාලුවෝ දිය ගෙන යත්මය. ඊ වඩුවෝ ඊ නමත්. වඩුවෝ දඬු නමත්. මනාවත් පිළිවෙත් ඇත්තෝ තමා (සිත) දමනය කරත්.