කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
11. ජරා වර්ගය
11-1 විශාඛා උවසියගේ පන්සියයක් යෙහෙළියන්ගේ කථා පුවත

කො නු හාසො (කින්නු හාසො (ක.)) කිමානන්දො, නිච්චං පජ්ජලිතෙ සති;

අන්ධකාරෙන ඔනද්ධා, පදීපං න ගවෙසථ.

නිතොර ඇවිලගෙණ දිලිසෙන කල්හි සිනාවක්, සතුටක්, කවරේද? අඳුරෙන් (අවිද්‍යාන්ධකාරයෙන්) වළඳනා ලද්දාවූ තෙපි මාර්ගඵල ප්‍රඥායයි කියනලද ප්‍රදීපය කුමට නොසොයවූද?

11-2 දෙවැනි සිරිමා පුවත

පස්ස චිත්තකතං බිම්බං, අරුකායං සමුස්සිතං;

ආතුරං බහුසඞ්කප්පං, යස්ස නත්ථි ධුවං ඨිති.

යමක (මේ ශරීරයාගේ) නිත්‍යවූ පැවැත්මෙක් නැද්ද, රෝග සමූහයවූ අඹනලද්දාවූ, ගිලන්වූ, බොහෝදෙනා විසින් (සූභය සුඛයයි) කල්පනාකරණ ලද්දාවූ, මේ ශරීරය බල.

11-3 උත්තරී තෙරණියගේ කථා පුවත

පරිජිණ්ණමිදං රූපං, රොගනීළං (රොගනිඩ්ඪං (සී. පී.), රොගනිද්ධං (ස්‍යා.)) පභඞ්ගුරං;

භිජ්ජති පූතිසන්දෙහො, මරණන්තඤ්හි ජීවිතං.

මේ රූපය ඉතා දිරාගියේය. රෝගයන්ට (නිවාසස්ථාන හෙයින්) කූඩුවක් බඳුයි. වහා නැසෙන සුලුය. මේ කුණුකය නොබෝ කලකින් බිඳෙන්නේය. (කුමක් හෙයින්ද යත්?) යම් හෙයිකින් ජීවිතය මරණයම අන්තකොට ඇත්තේද එහෙයිනි.

11-4 හතර වැනි අධිමානක කථා පුවත

යානිමානි අපත්ථානි (යානිමානි අපත්ථානි (සී. ස්‍යා. පී.), යානිමානි’පවිද්ධානි (?)), අලාබූනෙව (අලාපූනෙව (සී. ස්‍යා. පී.)) සාරදෙ;

කාපොතකානි අට්ඨීනි, තානි දිස්වාන කා රති.

සරත් කාලයෙහි ඒ ඒ තත්හි දමනලද්දාවූ-ලබුවැනිවූ, කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ ඇට ඇද්ද, ඒ දැක කවර නම් කාමරතියක් වේද?

11-5 රූපනන්දා තෙරණියගේ කථා පුවත.

අට්ඨීනං නගරං කතං, මංසලොහිතලෙපනං;

යත්ථ ජරා ච මච්චු ච, මානො මක්ඛො ච ඔහිතො.

යම් තැනෙක්හි ජරාවද මරණයද (නවවිධ) මානයද ගුණමකු බවද බහන ලදද, මසින් හා ලෙහෙයෙන් ගල්වන ලද නුවරක් ඇට වලින් කර තිබේ.

11-6 මල්ලිකා දේවියගේ කථා පුවත

ජීරන්ති වෙ රාජරථා සුචිත්තා, අථො සරීරම්පි ජරං උපෙති;

සතඤ්ච ධම්මො න ජරං උපෙති, සන්තො හවෙ සබ්භි පවෙදයන්ති.

විශේෂයෙන් විසිතුරු කරණ ලද්දාවූ රජුගේ මගුල් රථයෝද දිරීමට පැමිණෙති. නැවත මේ ශරීරයද දිරීමට එළඹෙයි. බුද්ධාදී සත්පුරුෂයන්ගේ ධර්මය වනාහි දිරීමට නොපැමිණෙන්නේය. බුද්ධාදීහු සත්පුරුෂයන් හා සමග ඒකාන්තයෙන් (මෙසේ) කියති.

11-7 ලාලුදායි තෙරුන්ගේ කථා පුවත

අප්පස්සුතායං පුරිසො, බලිබද්ධොව (බලිවද්දොව (සී. ස්‍යා. පී.)) ජීරති;

මංසානි තස්ස වඩ්ඪන්ති, පඤ්ඤා තස්ස න වඩ්ඪති.

අල්පශ්‍රැතවූ (අසා බලා නොදත්) මේ පුද්ගලතෙමේ ගොනෙකු මෙන් මුහුකරන්නේය. ඒ මහණහුගේ ශරීර මාංශයෝම වැඩෙත්. ඕහට ප්‍රඥාතොම නොවැඩෙයි.

11-8 ආනන්ද තෙරුන්ගේ උදාන ගාථා පුවත

අනෙකජාතිසංසාරං , සන්ධාවිස්සං අනිබ්බිසං;

ගහකාරං (ගහකාරකං (සී. ස්‍යා. පී.)) ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.

නැවත නැවත උත්පත්තිය (යම් හෙයකින්) දුක්ද (එහෙයින්) මේ ආත්මභාව සංඛ්‍යාත ගෙය කරන්නහු සොයන්නාවූ මම නොයෙක් (කෙළ ලක්‍ෂ ගණන්යයි කියනලද) ඉපදීම් ඇති සංසාරයෙහි (ඒ ශුන්‍ය) නොලබන්නෙම් (චුති ප්‍රතිසන්ධි වශයෙන්) දිව ඇවිද්දෙමි.

ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි;

සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං;

විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා.

ගෙය කරණ වඩුවා දක්නා ලද්දෙහිය. නැවත ගෙයක් නොකරන්නෙහිය. තාගේ සියලු පරාළයෝ බිඳින ලදහ. ගෙයි කැණිමඬල විසුරුවන ලදී. (මාගේ) සිත නිවනට වනි. තෘෂ්ණා ක්ෂයයයි කියනලද අර්හත්වයට පැමිණියෙමි.

11-9 මහධන සිටුපුතුගේ කථා පුවත

අචරිත්වා බ්‍රහ්මචරියං, අලද්ධා යොබ්බනෙ ධනං;

ජිණ්ණකොඤ්චාව ඣායන්ති, ඛීණමච්ඡෙව පල්ලලෙ.

බඹසර නොවැස, යෞවන වයස්හී ධනය නොලැබ මසුන් නැති විලෙක මඩ පිට (හිඳ තැවෙන) මහලු කොස්ලිහිණියන් මෙන් තැවෙන්නාහුය.

අචරිත්වා බ්‍රහ්මචරියං, අලද්ධා යොබ්බනෙ ධනං;

සෙන්ති චාපාතිඛීණාව, පුරාණානි අනුත්ථුනං.

බඹසර නොවැස, යෞවන වයස්හී ධනය නොලැබ දුන්නෙන් හරණලද ශර මෙන් පෙර වින්දාවූ සැපතට ශෝක කරමින් හොවිති.