21. ප්‍ර‍තිපදාඥානදර්ශනවිශුද්ධි නිර්දේශය

star_outline

“උදය - ව්‍යය ඥානයෙහි පටන් සංස්කාරරොපේක්‍ෂාඥානය තෙක් පැවැති අෂ්ටවිධ ඥානයන් ගේ වශයෙන් විදර්‍ශනා වාරයා ගේ මස්තක ප්‍රාප්තියෙන් ඒ අටවැනි සංස්කාරො-පෙක්‍ෂා ඥානය ශිඛා ප්‍රාප්ත විදර්‍ශනා නම් වේ. නව වැනි සත්‍යානුලොමිකඥානය ද සමග මේ නවය ප්‍ර‍තිපදාඥාන දර්‍ශනවිසුද්ධි නම් වේ.

ඒ මෙසේයි:- මෙහි ඕභාසාදි දශ විදර්‍ශනොපක්ලේශයන්ගෙන් මිදුණා වූ විදර්‍ශනා චිත්ත වීථියට බැස ගත් හෙයින් විදර්‍ශනාය ය කියන ලදි.

(1) උදයව්‍යයානුදර්‍ශනඥානය

(2) භඞ්ගානුදර්‍ශනඥානය

(3) භයතුපස්ථානඥානය

(4) ආදීනවානුදර්‍ශනඥානය

(5) නිර්විදානුදර්‍ශනඥානය

(6) මුඤ්චිතුකාම්‍යතාඥානය

(7) ප්‍ර‍තිසඞ්ඛ්‍යානුදර්‍ශනඥානය

(8) සංස්කාරොපේක්‍ෂඥානය දැ යි මේ අෂ්ට ඥානයෝ දතයුතු වෙත්.

(9) සත්‍යානුලෝමික ඥානය යනු අනුලෝම ඥානයට නමෙකි.

අනු මාතෘකා
keyboard_arrow_right1. උදය-ව්‍යය ඤාණයstar_outline
keyboard_arrow_right2. භඞ්ගානුපස්සනා ඤාණයstar_outline
keyboard_arrow_right3. භයතුපට්ඨාන ඤාණයstar_outline
keyboard_arrow_right8. සඞ්ඛාරුපෙක්ඛා ඤාණයstar_outline
keyboard_arrow_right9. අනුලොම ඤාණයstar_outline