භව චක්‍ර‍ය

‘වට්ට තුනක් ඇති භව චක්‍ර‍ය නො නැවතී භ්‍ර‍මණය වේ’ යන මෙහි සංස්කාර භව දෙදෙන කම්මවට්ට යැ. ‘අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන කිලෙසවට්ට යැ. විඤ්ඤාණ-නාම-රූප-සළායතන-ඵස්සවෙදනා විපාක වට්ටය යි. මේ තුන් වටක් ඇති මේ භව චක්‍ර‍ය යම්තාක් කෙලෙස්වට නො සිඳේ නම් ඒ තාක් නො සිඳෙන ප්‍ර‍ත්‍යය ඇති හෙයින් නො නැවතී නැවැතැ නැවැතැ පරිවර්‍තනය (භ්‍ර‍මණය) වේ ය යි දතයුතු.

මෙ සේ බමන්නා වූ ඒ භව චක්‍ර‍ය තෙමේ :

1. සත්‍යප්‍රභව හෙයින් ද,

2. කෘත්‍ය හෙයින් ද,

3. වාරණ හෙයින් ද,

4. උපමා හෙයින් ද,

5. ගම්භිර හෙයින් ද,

6. නය හෙයින් ද,

සුදුසු සේ දතයුතු වේ.

අනු මාතෘකා