2. මේ භව චක්‍රයෙහි අවිද්‍යාව රූපාදි ආලම්බනයන්හි ධර්‍ම ස්වභාවය වැසී මෙන් සත්වයන් මුළා කෙරේ. සංස්කාරයන් ගේ පහළ වීමට ද ප්‍රත්‍යය වේ.
එසේ ම සංස්කාර ද සහජාත සංස්කාරයනුදු රැස් කෙරේ. විපාත විඥානයට ප්‍රත්‍යය ද වේ.
විඥානය ද ආලම්බන විජානනය කෙරේ. නාම-රූපයනට ප්‍රත්‍යය ද වේ.
නාම-රූප ද ඔවුනොවුන් හට උපස්තම්භක වේ. ෂඩායතනයට ප්‍රත්‍යය ද වේ.
ෂඩායතනය ද තම තමන් විෂයක වූ රූපාලම්බනාදියෙහි පවතී. ස්පර්‍ශයට ප්‍රත්‍යය ද වේ.
ස්පර්‍ශය ද අරමුණු ස්පර්‍ශ කෙරේ. වේදනාවට ප්‍රත්‍යය ද වේ.
වෙදනාව ද ආලම්බන රසය අනුභව කෙරේ. තෘෂ්ණාවට ප්‍රත්‍යය වේ.
තෘෂ්ණාව ද ඇලිය යුතු ධර්‍මයන්හි ම ඇලේ. උපාදානයට ප්‍රත්‍යය ද වේ.
උපාදානය ද උපාදානයට ගෝචර ධර්‍මයන් දැඩි කොට ගැනීම කෙරේ භවයට ප්‍රත්‍යය ද වේ.
භවය ද නානා (පඤ්චවිධ) ගනීන්හි වික්‍ෂේපය කෙරේ. ජාතියට ප්‍රත්‍යය ද වේ.
ජාතිය ද ස්කන්ධයනුදු උපදව යි. (ඒ ස්කන්ධයන් අභිනව ප්‍රාදුර්‍භාව වශයෙන් පවත්නා හෙයිනි.) ජරා මරණයට ප්‍රත්‍යය ද වේ.
ජරා-මරණ ද ස්කන්ධයන් ගේ මිහි කිරීමෙන් බිඳීම් භාව-යෙහි සිටී. භාවන්තරයෙහි පහළ වීමට ප්‍රත්‍යය ද වේ. (ශෝකාදීන්ට කාරණ වන හෙයිනි) මෙ සේ සියලු පදයන්හි දෙපරිද්දෙකින් පවත්නා කෘත්‍ය වශයෙන් මේ භව චක්‍රය සුදුසු පරිදි දත යුතුයි.