මේ භව චක්‍රයෙහි “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යන්නෙහි සංස්කාර ප්‍රත්‍යයොත්පන්නය යි දැක් වූ හෙයින් ඊශ්වරාදි කාරකයෙක් ඇත යන දෘෂ්ටිය වළකයි.
“සංඛාර පච්චයා විඤ්ඤාණං” යන්නෙන් ‘භවයෙන් භවයට ආත්ම සංක්‍රමණය වන්නේ ය’ යන මිථ්‍යාදෘෂ්ටිය වළකයි.
“විඤ්ඤාණ පච්චයා නාම-රූපං” යන්නෙන් ආත්මය යි කල්පනා කරන ලද වස්තූන් නාම රූපය යි භෙද දන්නා හෙයින් ඝන සංඥාව වළකයි.
“නාම-රූප පච්චයා සළායතනං” යනාදීන් ආත්මය ද දනී. ස්පර්‍ශ කෙරේ. විඳී, ආශා කෙරේ. දැඩිවැ අල්වා ගනී. වෙයි, උපදී. දිරයි. මියෙයි. යනාදි දර්‍ශන වළකයි (ආදි ශබ්දයෙන් ශොකාදිය ද ගැනේ) මෙ සේ මිථ්‍යා දෘෂ්ටි වළකන හෙයින් ද මේ භව චක්‍රය සුදුසු පරිදි දත යුතු යි.