(4) එවංධම්මතා නය, කිරි ආදිය හේතු කොට ගෙන දී ආදි ඵලය ලැබීම වන්නාක් මෙන් අවිද්‍යාදී ප්‍රත්‍යයන් හේතු කොට සංස්කාරාදි ඵලයන් ගේ ලැබීම වේ. සංස්කාරාදීන් විනා අන්‍ය ඵලයන් ගේ ලැබිම නො වේ ය යි මෙසේ වූයේ එවං ධම්මතා නය නම් වේ.
එවංධම්මතා නය අවිපරීත කොට දක්නේ ප්‍රත්‍යයට අනුරූප පරිද්දෙන් ඵලය ඇති සේ අවබෝධ කරන හෙයින් අහේතුක දෘෂ්ටිය ද, අක්‍රිය දෘෂ්ටිය ද බැහැර කෙරේ.
ඒ විපරීත කොට දක්නේ ප්‍රත්‍යයට අනුරූප සේ ඵල ප්‍රවෘත්තිය වටහා නොගෙන අනියම් හේතුවකින් අනියම් ඵලයක් නො වීම වටහා නො ගැනීමෙන් අහේතුක දෘෂ්ටිය හා නියති වාදය දැඩි කොට ගනී.
මෙසේ මේ භව චක්‍රය වේ.
මේ භව චක්‍රය ඉතා ගැඹුරු හෙයින් නුවණින් බැස ගත නො හේ. නානා නයින් ගහණ හෙයින් ඉක්ම වීමට දුෂ්කර යැ. සමාධි නැමැති උතුම් හන ගලෙහි මනාව මුවහත් කළ මාර්‍ගඥාන නැමැති කඩුවෙන් හෙන සත් මඬලක් මෙන් නිතොර මැඩ පියන්නා වූ භව චක්‍රය නො පළා සසර බිය සිහිනෙනුදු ඉක්මැ වූ කිසිවෙක් නැති.
බුදුහු මෙසේ වදාළහ.
“ගම්භීරොචායං ආනන්‍ද! පටිච්චයසමුප්පාදො ගම්භීරාවභාසො ච එතස්සවානන්‍ද ධම්මස්ස අඤ්ඤණා අනනූබොධා අප්පටිවෙධා එවමයං පජා තන්නතාලුකජාතා ගුළා ගුණඪික ජාතා, මුඤ්ජබබබ්බජ භුතා, අපායං, දුග්ගතිං විනිපාතං, සංසාරං නාතිවත්තති”[1] ‘ආනන්‍ද! මේ පටිච්චසමුප්පාද ධර්‍මය ගැඹුරු යැ. ගැඹුරුව ම වැටහෙන්නේ යැ. ආනන්‍දය! මේ පටිච්චසමුප්පාද ධර්‍මය නොදැනීමෙන් අවබෝධ නො කිරීමෙන්, මෙසේ මේ ප්‍රජාව අවුල් වූ හූවටක් බඳුවැ වඩු කිරිල්ලක ගේ කැදැල්ලක් බඳු වූ, මුදුණත - බබුස්තණ බඳුවැ දුකට ගති වූ විවසවැ පතිත වන අපාය ද, සසර ද නො ඉක්මවයි’
එහෙයින් තමහට ද, මෙරමා හට ද, හිත වැඩ පිණිස පිළිපන්නේ සෙසු කිස තබා ප්‍රතීත්‍ය සමුත්පාද ධර්‍මයෙහි වැර වඩන්නේ ය.
“මෙ සසුන නැණැතියෝ - ගැඹුරු පිළිසමුපාභි*[2]
පිහිට ලබනසෙ නිරතුරු-සිහියෙන් වැර වඩත්වා”
හුදී ජකවා ගේ ප්‍රසාදය සඳහා කළ විශුද්ධිමාර්‍ගයෙහි විදර්‍ශනා භාවනාධිකාරයෙහි ප්‍රඥාභූමි නිර්‍දෙශ නම් සතළොස් වන පරිච්ඡේදය යි.
18 වන පරිච්ඡේදය