2. ධම්මානුස්සතිය
දහම් ගුණ මෙනෙහි කොට භාවනා වශයෙන් වැඩීම ධම්මානුස්සති භාවනා නම් වේ. ධම්මානුස්සතිය වඩනු කැමති යෝගාවචරයා විසින් “ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි” කියා භාවනා කළ යුතු. මෙයින් ත්රිපිටක ධර්මය නම් වූ පර්ය්යාප්ති ධර්මයෙහි ද, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මාර්ග හා සතර ඵලය ද, නිර්වාණය ද යන නවලොකොත්තර ධර්මයෙහි ද ගුණ මෙනෙහි කරණු ලැබේ.