අකුරු ප්‍රමාණය
අකුරු
පසුබිම
බුද්ධානුස්සතියෙහි අනුසස්
- බුදුන්වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තෙක් වෙයි.
- යටත් පැවතුම් ඇත්තෙක් වෙයි.
- ශ්‍රද්ධායෙන් ද, ස්මෘතියෙන් ද, ප්‍රඥායෙන් ද, පුණ්‍යයෙන් ද මහත් බවට පැමිණියේ වේ.
- නිතර ප්‍රීති ප්‍රමොද්‍යයෙන් වසන්නේ වේ.
- කුඩා මහත් බිය ඉවසන්නේ වේ.
- දුක් ඉවසීමට සමත් වේ.
- “බුදුන් හා එක්ව වසමි” යි යන අදහස් ඇත්තේ වේ.
- බුද්ධානුස්මෘතිය රඳා සිටින මොහුගේ ශරීරය පවා චෛත්‍යයක් මෙන් පිදිය යුතු බවට පත් වේ.
- ඔහුගේ සිත බුද්ධ භූමියට නැමුණේ වේ.
- පාපයක් කරමියි සිතෙන්නා හා සමගම බුදුන් අභිමුඛයෙහි සිටිනාසේ පෙනී යන හෙයින් පව් කිරීමෙහි ලජ්ජා භය ඇත්තෙක් වේ.
- මාර්‍ගඵල නොලද්දේ නම් මරණින් මතු ඒකාන්තයෙන් ම සුගති ගාමී වේ.
අභිධර්මාර්ථ ප්‍රදීපිකා