අභිධර්මාර්ථ ප්‍රදීපිකා

5. ඕපනයික නම් වූ ගුණය

ලොකොත්තර මාර්‍ග ඵල ධර්‍මය සිත්හි උපනයනය කළයුතු හෙයින් ද, එළවිය යුතු හෙයින් ද, උපදවා ගතයුතු හෙයින් ද ඕපනයික නම් වන්නේය. නිර්‍වාණයට පමුණු වන හෙයින් මාර්‍ගය ද, ප්‍රත්‍යක්‍ෂ කටයුතු බවට පමුණුවන හෙයින් ඵලය හා නිර්‍වාණය ද උපනෙය්‍ය නම් වේ. එහෙයින් නව ලොකොත්තර ධර්‍මය ඕපනයික නම් වන්නේය.