4. එහිපස්සික නම් වූ ගුණය
නවලොකොත්තර ධර්‍මය, ඒකාන්තයෙන් ම විද්‍යමාන බැවින් ද, පිරිසුදු බැවින් ද, එව, බලව යයි කීමට සුදුසු වන හෙයින් එහිපස්සික නම් වන්නේ ය. වලාකුල් රහිත වූ අහසෙහි බබලන පූර්‍ණ චන්‍ද්‍රයා මෙන් ඒකාන්තයෙන් ම විද්‍යමානය. පඬුවන් පලසෙක ලූ ජෝතිරංග මාණික්‍යය මෙන් ඒකාන්තයෙන් ම පිරිසුදු ය. එබැවින් එව බලව යයි කීමට සුදුසු වෙයි.