අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. අකාලික නම් වූ ගුණය

ලොකොත්තර මාර්‍ග කුසලයාගේ විපාකය වන ඵලචිත්තය, මාර්‍ගචිත්තයට අනතුරුව ම, එක් චිත්තක්‍ෂණයකුදු කාලය නො ඉක්මවා ලැබෙන හෙයින් අකාලික යයි කියනු ලැබේ. කල් නො යවා විපාක දෙන හෙයින් අකාලික නම් වේ. ලෞකික කුසලය අපරාපරිය වශයෙන් හෝ උපපද්‍ය වශයෙන් හෝ විපාකදෙයි. දිට්ඨධම්මවෙද්‍ය කර්‍මයාගේ විපාකය වූවත් එම ආත්මයෙහිම ස්වල්පකාලයක් වූවත් ගතවී විපාක දෙන්නේ ය. එහෙයින් ලෞකික කුසල විපාක දීමට කාලයක් ගතවන බැවින් කාලිකය. ලොකොත්තර කුසලය කාලයක් ගත නොවී විපාක දෙන හෙයින් අකාලික නම් වේ.