කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
5. බාල වර්ගය
5-1 පළමුවන කුමුදු උපුල් ගෙනා දුප්පත් සේවකයාගේ වස්තුවයි.

දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං;

දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානතං.

නොනිදන්නාහට රාත්‍රිතොම දිගය. (ශ්‍රන්තායා) විඩා වූවහුට යොදුන දිගය. සද්ධර්මය නොදන්නාවූ බාලයන්ට සංසාරය දිගය.

5-2 දෙවන මහාකාශ්‍යප තෙරුන්ගේ සද්ධිවිහාරික භික්ෂුවගේ වස්තුවයි.

චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය, සෙය්‍යං සදිසමත්තනො;

එකචරියං (එකචරියං (ක.)) දළ්හං කයිරා, නත්ථි බාලෙ සහායතා.

(තමා හා එක්ව විසීමට නිසි කළ්‍යාණ මිතුරෙකු) සොයන්නේ (මහණතෙම) (ශීල සමාධි ප්‍රඥාවෙන්) තමහට වැඩිවූ හෝ තමා හා සමානයෙකු හෝ ඉදින් නොලද්දේ වීනම් තනිව විසීම දැඩි කරන්නේය. (කුමක්හෙයින්ද යත්? අඥානයා කෙරෙහි සහායතාතොමෝ නැද්ද එහෙයිනි.

5-3 තුන්වන ආනන්ද සිටුහුගේ වස්තුවයි.

පුත්තා මත්ථි ධනම්මත්ථි (පුත්තමත්ථි ධනමත්ථි (ක.)), ඉති බාලො විහඤ්ඤති;

අත්තා හි (අත්තාපි (?)) අත්තනො නත්ථි, කුතො පුත්තා කුතො ධනං.

මාගේ පුත්‍රයෝ ඇත. ධනයද ඇතැයි මෙසේ නුවණ නැතියේ වෙහෙසෙයි. තෙමේද තමාට නැත. පුත්‍රයෝ කොයින්ද? ධනය කොයින්ද?

5-4 සතරවන ගැටකපන සොරුන්ගේ වස්තුවයි.

යො බාලො මඤ්ඤති බාල්‍යං, පණ්ඩිතො වාපි තෙන සො;

බාලො ච පණ්ඩිතමානී, ස වෙ ‘‘බාලො’’ති වුච්චති.

යමෙක් තෙමේ අඥානවූයේ තමාගේ බාලභාවය දනීද, ඒ කාරණයෙන් හෙතෙම පණ්ඩිත (හෝ පණ්ඩිත සමාන හෝ) වන්නේය. යම් බාලයෙක් වනාහි පණ්ඩිතමානී වේද? හෙතෙම (ඒකාන්තයෙන්) බාලයයි කියනු ලැබේ.

5-5 පස්වන උදායි තෙරුන්ගේ වස්තුවයි.

යාවජීවම්පි චෙ බාලො, පණ්ඩිතං පයිරුපාසති;

න සො ධම්මං විජානාති, දබ්බී සූපරසං යථා.

අඥානතෙම දිවිපමණිනුදු ඉදින් නුවණැත්තන් කරා එළඹෙන්නේ නමුදු, හෙතෙම ධර්මය නොදන්නේය. කුමක් මෙන්ද යත්? (ලුණු ඇඹුල් ආදී) රස නොදන්නා හැන්ද මෙනි.

5-6 සයවන තිහක් පමණ පාඨෙය්‍යක භික්ෂූන්ගේ වස්තුවයි.

මුහුත්තමපි චෙ විඤ්ඤූ, පණ්ඩිතං පයිරුපාසති;

ඛිප්පං ධම්මං විජානාති, ජිව්හා සූපරසං යථා.

නුවණැත්තේ ඉදින් ඇසිල්ලකුදු බුද්ධාදී මහෝත්තමයන් ඇසුරු, කෙරේද, හෙතෙම ධර්මය දන්නේය. කුමක් මෙන්ද යත්? (ලුණු ඇඹුල්) රස දන්නා විඥානයෙන් යුක්තවූ ජිව්හා ප්‍රසාදය (දිව) මෙනි.

5-7 සත්වන සුප්පබුද්ධකුෂ්ටියාගේ වස්තුවයි.

චරන්ති බාලා දුම්මෙධා, අමිත්තෙනෙව අත්තනා;

කරොන්තා පාපකං කම්මං, යං හොති කටුකප්ඵලං.

(මෙලෝ පරලෝ වැඩ නොදන්නාවූ) මෝඩවූ බාලයෝ කටුකවූ විපාක ඇති යම් අකුශල කර්ම කෙරෙමින් තමන් හා සතුරුවූ සේ හැසිරෙති.

5-8 අටවන ගොවියාගේ කථාවස්තුවයි.

න තං කම්මං කතං සාධු, යං කත්වා අනුතප්පති;

යස්ස අස්සුමුඛො රොදං, විපාකං පටිසෙවති.

යම් කර්මයක් කොට පසුතැවිලි වේද, යම් කර්මයක් හුගේ (අනිෂ්ට) විපාකය කඳුලෙන් තෙත් මුහුණු ඇතිව හඬමින්, අනුභව කෙරේද? (එබඳුවූ) අකුශල කර්මය කරණලද්දේ නොමැනවි.

5-9 නවවන සුමනමාලාකාරයාගේ වස්තුවයි.

තඤ්ච කම්මං කතං සාධු, යං කත්වා නානුතප්පති;

යස්ස පතීතො සුමනො, විපාකං පටිසෙවති.

යම් කර්මයක් කොට නොතැවේද, යම් කර්මයක්හුගේ (ඉෂ්ට) විපාකය පිනාගියේ, සුන්දරවූ සිහි ඇත්තේ, අනුභව කෙරේද?, (එබඳුවූ) කුශලකර්මය කරණ ලද්දේ මැනවි.

5-10 දසවන උත්පලවර්ණාවගේ වස්තුවයි.

මධුවා (මධුං වා (දී. නි. ටීකා 1)) මඤ්ඤති බාලො, යාව පාපං න පච්චති;

යදා ච පච්චති පාපං, බාලො (අථ බාලො (සී. ස්‍යා.) අථ (?)) දුක්ඛං නිගච්ඡති.

අකුශල කර්මය (පව) යම්තාක්කල් විපාක නොදේද, ඒතාක්කල් අඥානතෙම (පාපකර්මය) මිහිරිකොට සිතන්නේය. යම් කලෙක පාපය විපාක දේද, එකල්හි අඥානතෙම (කායික චෛතසික) දුක්ඛයට පැමිණෙන්නේය.

5-11 එකොළොස් වන ජම්බුකාජීවකයාගේ වස්තුවයි.

මාසෙ මාසෙ කුසග්ගෙන, බාලො භුඤ්ජෙය්‍ය භොජනං;

න සො සඞ්ඛාතධම්මානං (සඞ්ඛතධම්මානං (සී. පී. ක.)), කලං අග්ඝති සොළසිං.

අඥාන (පුද්ගල) තෙම මසක් පාසා (එක්වරෙක) තණ අගින් ගෙණ භෝජනය අනුභව කරන්නේ නමුදු, හෙතෙම පිරිසිඳ දන්නාලද (චතුරාර්ය සත්‍ය) ධර්මයන් ඇති රහතුන්ගේ සොළොස්වන කලාවට (කොටසට) ද නොපැමිණෙන්නේය.

5-12 දොළොස්වන අභිප්‍රේත වස්තුවයි.

න හි පාපං කතං කම්මං, සජ්ජු ඛීරංව මුච්චති;

ඩහන්තං බාලමන්වෙති, භස්මච්ඡන්නොව (භස්මාඡන්නොව (සී. පී. ක.)) පාවකො.

කරණලද පාප (අකුශල) කර්මය එකෙණෙහිම කිරීමෙන් නොදැවෙන්නේය. අලුයෙන් වැසුණු අඟුරක් මෙන් ඒ අඥානයා දවමින් අනුව යන්නේය.

5-13 තෙළෙස්වන සට්ඨිකුට ප්‍රේතවස්තුවයි.

යාවදෙව අනත්ථාය, ඤත්තං (ඤාතං (?)) බාලස්ස ජායති;

හන්ති බාලස්ස සුක්කංසං, මුද්ධමස්ස විපාතයං.

බාලයා විසින් දන්නා ලද්ද (ශිල්පය නොහොත් බාලයාගේ ඉසුරුබව) බාලයාට අවැඩ යම්තාක් පිණිසම වන්නේය. බාලයාගේ (ප්‍රඥා නැමති) සිරස පළමින් ඔහුගේ කුශල කොට්ඨාශය නසන්නේය.

5-14 දහහතරවන සුධම්ම තෙරුන්ගේ වස්තුවයි.

අසන්තං භාවනමිච්ඡෙය්‍ය (අසන්තං භාවමිච්ඡෙය්‍ය (ස්‍යා.), අසන්තභාවනමිච්ඡෙය්‍ය (ක.)), පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු;

ආවාසෙසු ච ඉස්සරියං, පූජා පරකුලෙසු ච.

තමා කෙරෙහි නැති (ගුණයෙන්) බුහුමන් කිරීම කැමති වන්නේය. භික්‍ෂූන් කෙරෙහි හෙවත් භික්‍ෂූන් විසින් පිරිවැරීමද කැමති වන්නේය. සාංඝික ආවාසයෙහි අධිපතිකමද කැමති වන්නේය. අන් (උපාසක) කුලයෙහි පූජාවද කැමති වන්නේය.

මමෙව කත මඤ්ඤන්තු, ගිහීපබ්බජිතා උභො;

මමෙවාතිවසා අස්සු, කිච්චාකිච්චෙසු කිස්මිචි;

ඉති බාලස්ස සඞ්කප්පො, ඉච්ඡා මානො ච වඩ්ඪති.

ගිහියෝද, පැවිද්දෝද යන දෙදෙනම මා විසින්ම කරණ ලද්දා කොට සිතත්වායි කියාද, කිසි කුදු-මහත් කටයුත්තෙහි මා අනුවම පැවතුම් ඇතිවෙත්වායි කියාද, මෙසේ බාලයාහට විතර්කයද, තෘෂ්ණාවද, මානයද වැඩෙයි.

5-15 පසළොස්වන වනවාසික තිස්සතෙරුන්ගේ වස්තුවයි.

අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;

එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;

සක්කාරං නාභිනන්දෙය්‍ය, විවෙකමනුබ්‍රූහයෙ.

ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.