මුහුත්තමපි චෙ විඤ්ඤූ පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති ජිව්හා සූපරසං යථා.
නුවණැත්තේ මොහොතක් නමුදු බුද්ධාදි ප්‍රාඥයන් සෙව්නේ ද, හේ වහා (පර්‍ය්‍යාප්ති ප්‍රතිවේධ) ධර්‍මය දැන ගනී. සූපව්‍යංජනයෙහි රස දැන ගන්නා දිව මෙනි.
මුහුත්තමපි චෙ විඤ්ඤූ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි තිහක් පමණවූ පාථෙය්‍යක භික්ෂූන් අරභයා දේශනාකළ සේක.
ස්ත්‍රියක් සොයමින් ඇවිදින ඔවුන්ට කප්පාසික වනලැහැබෙහිදී ප්‍රථමයෙන් දහම් දෙසූසේක. එදින ඒ සියල්ලෝම ඒහිභික්ෂු භාවයෙන් පැවිදිව සෘද්ධිමය පාත්‍ර සිවුරු දරා තෙලෙස් ධුතාංග සමාදන්ව සිටිනඅතර, නැවත බොහෝ කලකින් බුදුන්වෙත පැමිණ අනමතග්ග සූත්‍රදේශනාව අසා ඒ ආසනයෙහිම රහත්බවට පැමිණියාහුය.
භික්ෂූහු අහෝ පුදුමයි, මේ භික්ෂූහු ඉතා ඉක්මනින්ම දහම දැනගත්තාහුයයි දම්සභා මණ්ඩපයෙහි කථාවක් ඇතිකළහ. බුදුරජාණන්වහන්සේ ඒ කථාව අසා, මහණෙනි දැන් පමණක් නොවෙයි. පෙරත් මේ තිහක් පමණ යහළුවෝ ධූර්තයන්ව සිට තුණ්ඩිල ජාතකයෙහි මහාතුණ්ඩිලගේ බණ අසාත් වහාම ධර්මය දැනගෙන පන්සිල් සමාදන් වූහ. ඒ හේතු සම්පත් බලයෙන් මෙකල සිටිඅසුනෙහිදීම රහත්බවට පැමිණියාහුදැයි වදාරා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.
මොහොතක් හෝ නුවණැත්තා පණ්ඩිතයෙකු ඇසුරු කළොත් වහා දහම ඉගෙනගනී දිව රස දැනගන්නාසේ
එහි අර්ථය - විඤ්ඤූ යනු පණ්ඩිත පුරුෂයායි. මුහුත්තමපි චෙ යනු තවත් කෙනෙකි. පණ්ඩිතං පයිරුපාසති ඔහු ඒ පඬිවරයා සමීපයෙහි ඉගෙනගනිමින් සාකච්ඡාකරමින් ඛිප්පමෙව වහාම පර්යාප්ති ධර්මය විජානාති දැනගනියි. ඉන්පසු කර්මස්ථාන කියවාගෙන ප්‍රතිපත්ති පුරමින් වෑයම්කරමින්, යම්සේ නොනැසුණු ජිව්හප්‍රසාදය ඇති පුද්ගලයෙක් රසදැන ගැනීම සඳහා දිවඅග තබාගනිමින්ම ලුණු බහුලබව ආදී භේදවූ රසය දැනගනීද, මෙසේ පණ්ඩිතතෙම වහාම ලෝකෝත්තර ධර්මයද දැනගනී. දේශනාවසානයෙහි බොහෝ භික්ෂූහු රහත් බවට පැමිණියාහුය.