දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්‍ථ ජායති
යත්‍ථ සො ජායති ධීරො තං කුලං සුඛමෙධති.
පුරුෂාජානේය (හෙවත් උත්තම පුරුෂ) තෙම දුර්‍ලභ ය. හෙ තෙම හැම තැන්හි ම උපදෙන් නො වෙයි. ඒ ප්‍රාඥ තෙම යම් කුලයෙක උපදනේ ද, ඒ කුලය සුවයට පැමිණෙන්නේ ය. (සැපතින් වැඩෙන්නේ ය.)
"දුල්ලභො” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම විහරණය කරමින් ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න නිමිති කරගෙන වදාළහ.
තෙරුන් වහන්සේ එක් දිනක් දිවා විහරණයේ සිටිමින් සිතූහ. ආජානීය ඇතුන් ජද්දන්ත කුලයේ හෝ උපෝසථ කුලයේ හෝ උපදිති. ආජානීය අසුන් සෛන්ධව කුලයේ හෝ වළාහක රාජකුලයේ හෝ ඇතිවන්නේද දක්‍ෂිණා පථයේද? ආදිය කියනවිට බුදුරජාණන් වහන්සේ විසින් ආජානීය ඇතුන් ආදීන්ගේ උපන්තැන් පවසන ලදී ආජානීය පුරුෂයන් කොහේ උපදිත්දැයි උන්වහන්සේ බුදුන්වෙත එළඹ වැඳ මේ කරුණු විමසූහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද අජානීය පුරුෂයෝ හැමතැනම පහළවන්නේ නැත. ඍජුව දිගින් යොදුන් තුන්සියයක් පළලින් යොදුන් නවසීයයක් පමණ වු මජ්‍ඣිම ප්‍රදේශයේ පහළ වෙති. ඒ ඒ කුලවලත් පහළ නොවෙති. බත්තිය මහා සාල කුලයේ හෝ බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපදිතියි පවසා මේ ගාථාව දේශනා කළහ. " දුල්ලභො පුරිසාජඤඤා”
ධීර වීර දූ පුතුන් - ඉපදුම ලොවේ දුලබයි.
එසේ උපදින පවුල - යසස්පිරි මහාසාලය
"දුල්ලභො” යනු ආජානීය පුරුෂයන් දුර්ලභය ආජානීය ඇතුන් අසුන් මෙන් සුලභ නොවේ. නසො සබ්බත්ථ - ප්‍රත්‍යන්ත දේශවල හෝ පහත් කුලවල හෝ පහළ නොවේ. මධ්‍යම දේශයේ මහජනයා වැඳීම් පිදීම් ආදිය කරන ස්ථානවල ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ ආදී කුලවලින් එකක පහළ වේ. යත්ථ සො ජායති ධීරො මෙසේ ඇතිවන ඒ උතුමන් මහාප්‍රාඥ සම්මා සම්බුද්ධයි තං කුලං සුඛමෙධතී යනු සුවයට පත්වේය යන අර්ථයි. මේ දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.