14-3 ඒරක පත්ත නා රජුගේ කථා පුවත

කිච්ඡො මනුස්සපටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධම්මසවනං කිච්ඡො බුද්ධානං උප්පාදො.

මිනිසත්බව පිළිලැබීම නම් (මහත් වෑයමෙන් මහත් කුසලින් පිළිලැබියැ යුතු බැවින්) දුර්‍ලහය. සත්ත්‍වයන්ගේ ජීවිතය (හෙවත් ජීවිකාව) ද (නිරතුරු ගොවිතැන් වෙළෙඳාම් ඈ කොට දිවි පවත්වන බැවිනුත් මඳ කලක් පවත්නා බැවිනුත් කෘච්ඡ්‍ර ය (දුක් ය). දහම් ඇසීම ද (නොයෙක් කප් කෙළ සුවහස්හි දහම් දෙසන්නකු දුලබ හෙයින්) කෘච්ඡ්‍ර ය (දුර්‍ලභ ය) සම්‍යක්සම්බුද්ධවරයන් ගේ ඉපැත්ම ද (මහත් වෑයමින් අභිනීහහාරය සමෘද්ධ වන බැවිනුත් සමෘද්ධාභිනීහාර ඇති මහපුරිසක්හුගේ උපත ද නොයෙක් කප් කෙළ සුවහස්හි දු දුලබ බැවින්) කෘච්ඡ්‍ර ය (දුලබ ය).

"කිච්ඡො මනුස්ස පටිලාභොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බරණැස මහ රුක් සතක් අතරින් එක් රුක් මුලක වැඩ සිටියදී ඒරක පත්ත” නම් නා රජු නිමිති කරගෙන දේශනා කළහ.

හේ වනාහි පෙර කස්සප සම්මා සම්බුද්ධ ශාසනයෙහි තරුණ භික්ෂුවක් ලෙස සිටියදී ගංගාවක නැවක නැගී වඩින අතර ඒරක නම් වූ තණ පඳුරක කොළයක් අල්ලාගෙන සිටිය දී සැඩ පහරින් වේගයෙන් වයන විටද එය අත් නොහළේය. ඒරක පඳුරත් කඩාගෙන ගියේ, ස්වල්ප මාත්‍ර වු එම නැවත දේශනා මගින් ශුද්ධ නොකොට වර්ෂ විසිදහසක් කල් අරණ්‍යයේ මහණ දම් කරද අපවත්වන විට ඒරක පඳුරේ ගැනිම මහ බරක්ම සිතා (කොළයේ ගෙලින් ගත්තා සේම) ඇවත දෙසීමට කැමති වුවත් අනෙක් තෙරනමක් නොදැක - මගේ ශීලය පිරිසිදු නොවේයයි උපන් විපිළිසර ඇත්තේ ඉන් චුත වී ඒරක ගසක නැවක් (ඔරුවක්) පමණ නාගරාජයෙක් වී උපන්නේ ය. ඔහුගේ නමද "ඒරක පත්ත” නම් විය. ඔහු උපන් කෙනෙහි ආත්මභාවය බලා මෙපමණ කලක් මහණ දම් පුරා අහේතුක ආත්මභාවයක මැඩියන් කන ස්ථානයක උපන්නේ යයි විපිළිසර විය ඔහු පසුකලෙක එක් දුවක ලැබ ගඟමැද දියමත මහ පෙනය ඔසවා දුවණිය ඒ පෙනය මත නටවමින් ගායනා කළේය. ඔහුට මෙබඳු අදහසක් විය. ඒකාන්තයෙන් මම මේ උපායෙන් බුදුන් උපන්විට ඔහුගේ උපන්බව අසන්නෙමි. යමෙක් මගේ ගීයට පිළිතුරු ගීයක් පටන්ගනීද ඔහුට මහත් සම්පත් සමග මේ දුවණිය දෙනෙක් අඩ වසකට වරක් පෙහෙවස් දින ඒ දියණිය පෙනයේ තබයි. ඇය එහි සිට නටමින් මේ ගාථාව කීවාය.

කුමක් හෙයින් රජ අධිපතිවේ ද කුමකින් රජ ප්‍රධාන රජෙක් වේද? කෙලෙස රජස් නැත්තෙක් වෙයිද? කෙලෙසක අඥානයෙක් යයි කියනු ලැබේද?

මෙය ගීයක් ලෙසට ගායනා කරයි.

මුළු දඹදිව් වැසියෝ නාග කන්‍යාව ගන්නෙමි සිතා ගොස් තම තමන්ගේ ඥාණ ශක්තියෙන් ප්‍රතිගීත කොට ගායනා කරති. ඇය එය ප්‍රතික්‍ෂේප කරයි මෙලෙස අඩමසක් පෙනයේ සිට ගායනා කරන්නේ එක් බුද්ධාන්තරයක් ඉක්මගියේය. අනතුරුව බුදුන් ලොව පහළ වී එක් දිනක ඉතා උදැසන ලොව බලන්නේ ඒරකපත්ත ආදිකොට උත්තර මානවකයා තමන්ගේ ඤාණ ජාලයට පිවිසි අයුරු දැක කුමක් වන්නේදැයි ආවර්ජනා කරන්නේ අද ඒරක පත්ත නාරජ තම දුව පෙනයේ තබා නටන දිනයයි. මේ උත්තර මානවක මම දුන් ගීතය ගයන්නේ සෝවාන් වී එය ගෙන නාරජු සමීපයට යන්නේය. ඔහු එම ගාථාව අසා බුදුන් උපන්බව දැන මා සමීපයට එන්නේය. මම ඔහු පැමිණිවිට මහා සමාගමයේදී ගාථාවක් කියන්නෙමි. ගාථාව කෙළවර අසුහතර දහසක් ප්‍රාණීන් ධර්මාවබෝධය ලබන්නේය යයි දුටහ. බුදුහු එතනට ගොස් බරණැසට නොදුරේ මහරි රුක් සතක් ඇති තැන ස්ථායෙන් එකක් මුලට ගොස් වැඩසිටියහ. දඹදිව් වැස්සෝ ප්‍රතිගී ගෙන රැවුවාහුය. බුදුහු නොදුරෙන් ගමන් කරමින් සිටි උත්තර මානවකයා දැක උත්තර යයි ඇමතූහ. ඇයි ස්වාමීනි ! උත්තර මෙහි එන්න. අනතුරුව ඔහු පැමිණ නමස්කාර කර වාඩි වූ ඔහුට ඔබ කොහි යන්නේද? ඒරක පත්තගේ දුවණිය ගායනා කරන ස්ථානයට යමිය පැවසීය. ඔබ ගීතයට ප්‍රති ගීතය දන්නේද? ස්වාමීනි දනිමි. එසේ නම් එය කියන්න. අනතුරුව ඔහු දන්නා පමණින් කියනවිට උත්තරට මෙය ප්‍රතිගීතය නොවේ. මම ඔබට ප්‍රතිගීතය දෙමි. මෙය ගෙන යන්න. හොඳයි ස්වාමීනි, නාග මානවිකාව ගයනවිට මේ ප්‍රති ගීතය ගයන්න.

"ඡද්වාරාධිපති රාජා - රජ්ජ මනො රජිස්සරො

අරඤ්ඤං විරජො හොති - රජ්ජං බාලොති වුච්චති"

මානවිකාවගේ ගීතයේ අර්ථය නම් කිංසුඅධිපති රාජාති - අධිපති රජු නම් කවුද? "කිංසු රාජා රජිස්සරොති කථං පන රාජා රජිස්සරො නාමහෝති ප්‍රධාන රජු වන්නේ කෙලෙසද? කෙසේනම් විරජ නම් වේද? පටිගීතයේ අදහස.

ඡද්වාරාධිපති - යමෙක් ෂඩ්ඉන්ද්‍රියන්ට අධිපති වේද? ෂට් ද්වාරාදියෙන් එකම ධර්මමපද අටුවාව දොරටුවකින්වත් රූපාදී අරමුණුවලින් යටත් නොවේද මොහු රජ නම් වේ. රජිස්සරනම් යමෙක් වනාහි ඒ අරමුණු ඇලේද, ඔහු ඇලෙන බැවින් රජිස්සර නම් වේ. අරජ්ජං - නො ඇලෙන තැනැත්තා විරජ නම් වේ. රූපාදී රජස්හි ඇලෙන තැනැත්තා බාලයා යයි කියනු ලැබේ. මෙලෙස - ඔහුට ප්‍රතිගීතය දී උත්තර ඔබ මේ ගීය ගැයූ පසු මේ ගිතයට මේ ප්‍රතිගීතය ඇය විසින් ගයන්නේය

.

“කෙනස්සු වුයිහති බාලො - කථං නුදති පණ්ඩිතො

යොගක්ඛෙමි කථං හොති - තං මෙ අක්ඛායි පුව්ජිතො”

මෙහි අර්ථය :- කාමඔඝ ආදී සතරාකාර ඕඝයෙන් ගිලෙන, පාවෙන තැනැත්තා බාලයා නම් වේ. (ගිලේ) එම ඕඝය නුවණැත්තා සම්‍යක් ප්‍රධන් වීර්යසංඛ්‍යාත යෝගයෙන් ජයගනී. ඔහු සියළු කාමයෝග ආදී යෙන් වෙන්වූයේ යොගකඛෙමි නමින් හඳුන්වයි. උත්තර ද මේ - පිළිතුරු ගීය ගනිමින් සිටියදීම සෝවාන් ඵලයේ පිහිටියේය. ඔහු සෝවාන් වී එම ගාථාව ගෙන එහි ගොස් පින්වතිය - මම ප්‍රතිගීත ගෙනආමි. මට අවකාශයක් (ඉඩක්) දෙන්න. යයි කියා නිතර ගැවසීගත් ජනයා අතර ඔවුන් පාගමින් ගියේය. නාග මානවිකාවිය ද පියාගේ පෙනයේ සිට නටමින් කිංසු ආධිපතී රාජා යන ගීය ගායනා කළාය. එවිට උත්තර ජද්වාරාධිපති - යන ගීය ගායනා කළේය නැවත - නා මෙණෙවිය - "කෙනස්සු වුයිහති - යන ගීතය ගායනා කළාය. එහි පිළිතුරුගීය ගැයීය. උත්තර එයට පිළිතුරු වශයෙන් ඔඝෙනවුයිහති යන පිළිතුරු ගීය කීවේය. නා රජු එය අසා බුදුන් උපන් බව දැන මවිසින් එක් බුද්ධාන්තරයක් මෙබඳු පදයක් නො ඇසුවෙමි. බුදුලොව පහළවීයයි සතුටින් වලිගයෙන් ජලයට පහර දුන්නේය. මහා රළක් ඇතිවිය. ගංගාවේ ඉවුරු දෙකම බිඳීගියේය. ඔබ මොබ ගවයෙක් තරම් උසට ජලයේ මිනිස්සු ගිලී ගියහ. ඔහු එපමණ මහජනයා පෙනයේ තබා උඩට නැගී ගොඩබිම තැබුහ. ඔහු උත්තර සමීපයට පැමිණ ස්වාමීනි බුදුන් වහන්සේ කොහිදැයි විමසුවේය. මහරජ එක් මහරි ගසක් මුල වැඩසිටිති. පැවසීය. එන්න ස්වාමීනි කියා උත්තර සමගම ගියේය. මහජනයා ඔහු සමගම ගියෝය. නා රජු ෂඩ්වර්ණ රශ්මි අතරට පිවිස බුදුන් වැඳ අඩමින් සිටියේය. අනතුරුව බුදුරජාණෝ මේ කුමක්ද මහරජයයි විමසුහ. ස්වාමීනි මම ඔබ වහන්සේ සමාන බුදු කෙනෙකුන් ළඟ ශ්‍රාවකයෙක් ලෙසට විසිදහසක් අවුරුදු මහණදම් පිරුවෙමි. මට ධර්මය නිමකරන්නට නොහැකිවිය. ප්‍රමාදයකින් ඒරක කොළයක් කැඩීම් පමණකින් අහේතුක ප්‍රතිසන්ධියක් ගෙන බඩගාගෙන යන ස්ථානයක උපනෙමි. එක් බුද්ධාන්තරයක් මනුෂ්‍ය ආත්මභාවයක් නො ලැබීමි. ධර්මය ඇසීමක් නොවීය. ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දැකීමක් නොවීය. බුදුහු ඔහුගේ කථාව අසා මහරජ මනුෂ්‍ය ආත්මය යනු ඉතා දුලබය, බණ ඇසීම ද එසේමය. බුද්ධෝත්පාදය ද දුර්ලභය මෙය ඉතා දුකසේ අපහසුවෙන් ලැබිය යුතුයයි කියා ධර්මය දේශනා කළේ මේ ගාථාව පැවසුහ.

මිනිස් බව ලැබුවද

එය රැක දිවි ගෙවීමද

සඳහම් ඇසීමද

බුදු කෙනෙකු ඉපදීමද

දුලබ දේවල් මෙන්

උසස් කටයුතු සතර වේ මැයි

"මනුෂ්‍යත්වයක් ලැබීම අපහසුය. මිනිස් ජීවිතය අපහසුය. ධර්මය ඇසීම ද දුර්ලභය. බුදුවරුන්ගේ පහළවීම ද දුලබය.

මෙහි අරුත මහත් උත්සාහයෙන් මහත් කුශලයෙන් ලැබියයුතු නිසා මනුෂ්‍යත්ම ප්‍රතිලාභය නම් කිච්ඡො දුල්ලභො - කෘත්‍යය අපහසුය. දුලබය. නිතර කෘෂි කර්මාන්තාදිය කොට ජීවිත වෘත්තිය සකසා ගැනීම නිසා මච්චානං ජීවිතං කිච්ඡං ජීවිතය අපහසුය. නොයෙක් කල්පවල ධර්මය දේශනා කරන පුද්ගලයන්ගේ අඩුබව නිසා දුර්ලභ නිසා සද්ධම්ම සවණම්පි කිච්ඡං - ධර්මය ඇසීම ද අපහසුය මහත් ව්‍යායාමයෙන් - අභිනීහාර සමෘද්ධියෙන් සමෘද්ධිමත් වු අභිනීහාරයෙන් අපමණ කෝටි දහස් කල්පයකින් බුද්ධොත්පාදය දුර්ලභය. කිච්ඡ නම් - අතිශයින්ම දුර්ලභය. බුද්ධානං උප්පාදො කෘත්‍යයන් අතුරෙන් අතිශය දුර්ලභ කෘත්‍යයයි.

දේශනයේ කෙළවර අසුහතර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. නාරජුද එදින සෝවාන් ඵලයට පත්වන්නට තිබුනි. තිරිසන් ගතිය නිසා එය නොලැබුනි. ඔහු හම හැව ඇරිම - නිදා ගැනීම මෙථුන සේවනය - චුතිය යන අවස්ථා පහේදි නාග සිරුරම ගෙන පීඩාවට පත්වේ. එම නොමැතිවිට තරුණයෙකුගේ රූපයෙන් හැසිරිමට අවස්ථාව ලැබේ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.