සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා
සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො.
සම්‍යක්සම්බුද්ධවරයන්ගේ ඉපැද්ම සුවයට කාරණ ය. සද්ධර්‍මදේශනාව ද සුවයට කාරණ ය. ඝඞ්ඝයා ගේ සමග බව ද (එක් සිත් බව ද) සුවයට කාරණ ය. සමග වූ භික්‍ෂූන් ගේ තපස ද (බුඞවචනය උගන්නට ද ධූතාංග පරිහරණයට ද මහණදම් රක්නට ද පිළිවන් හෙයින්) සුවට කාරණ ය.
"සුඛො බුද්ධානං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ භික්ෂූන්ගේ කථාවක් නිමිති කරගෙන දේශනා කළහ.
එක්දිනක් පන්සියයක් භික්ෂූන් උවටැන් ගාලාවේ සිටියේ ඇවැත්නි මෙලොව සැප නම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීවාහුය. කෙනෙක් කම් සුව ආදීය සමාන සුවයක් නැතැයි පැවසුහ. බුදුහු ඒ භික්ෂූන් සිටිතැනට වැඩමකර මා පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා වෙනම කථාවකැයි පැවසු විට කුමක් පවසව්ද මේ සියළු සැප සසර දුකට පිළිපන්නේ ඒවායි. පවසා මෙලොව බුද්ධෝත්පාදය, ධර්මය ඇසීම සංස සමගිය සතුටු සාමිචි බව මෙයම සැපයැයි පවසා මේ ගාථාව පැවසුහ.
බුදුන් ලොවැ ඉපදුම
නිතර බුදුබණ ඇසුමද
මහ සඟනැ සමගිය
සමගි සඟනගෙ තපස සුවමය.
"බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්මදේශනය සැපයකි සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකැයි පැවසුහ.
එහි යම් හෙයකින් බුදුන් ඉපදෙනවිට මහජනයා රාග කාන්තාර ආදීයෙන් එතර කරති. මේ නිසා බුද්ධානං උප්පාදො සුඛො බුදුන්ගේ උපත සුවයකි. යම් හෙයකින් ධර්ම දේශනය ජාත්‍යාදී ධර්මයන්ගෙන් මිදෙති නිසා සද්ධම්ම දෙසනා සුඛා ධර්මදේශනය සුවයකි. සාමග්ගි යනු සමගි චිත්තයයි. ඒ එක සිත් ඇති බව ද සුවයකි. සමගිවූවන්ගේ එකග වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින් සමග්ගානං තපො සුඛො යන්න කියන ලදී. එනිසාම බුදුරජාණන් වහන්සේ විසින් යම්සේ භික්ෂූන් සමගිව රැස් වේද, සමගිව විසිරේද සංස කරණීය කරන්නේ ද වෘද්ධියක්ම ඇතිවේ. එයම අපේක්ෂා කළ යුතුය. පරිහාණියක් ඇති නොවේ.
දේශනය අවසානයේ ඒ භික්ෂුහු රහත් ඵලයට පත්වූහ. මහජනයාටද දේශනය සාර්ථක වුහ.