14-2 යමක පාටි හාරිය කථා පුවත

යෙ ඣානපසුතා ධිරා නෙක්ඛම්මූපසමෙ රතා

දෙවා’පි තෙසං පිහයන්ති සම්බුද්ධානං සතීමතං.

යම් ප්‍රාඥ කෙනෙක් (ආලම්බනෝපනිධ්‍යාන ලක්‍ෂණොපනිධ්‍යාන වශයෙන් ද්වීප්‍රකාර) ධ්‍යානයෙහි (ආවජ්ජනාදි පංච වශිතාවන්ගේ වශයෙන්) යුක්තප්‍රයුක්තයෝ ද, නෙක්ඛම්ම සංඛ්‍යාත ක්ලේශව්‍යපශමයෙහි (නිවනෙහි) ඇලුනාහු ද, සිහි ඇති, ඒ සම්‍යක්සම්බුද්ධයනට දෙවියෝත් මිනිස්සුත් කැමැති වෙත්. (අපිත්) බුදු වූවෝ නම් යෙහෙකැ සි බුදු බව කැමැති වන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.

යෙඣාන පසුතා ධීරා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සංකස්ස නගර වාරයේ දී බොහෝ දෙවි මිනිසුන් නිමිති කරගෙන දේශනා කළහ. මෙම දේශනය රජගහ නුවරදී ඇතිවිය. එක් අවදියක රජගහනුවර සිටුවරයා පිරිසට ඇතිවන උවදුරු දුරුකරනු සඳහාත් ප්‍රමාදයෙන් ගැලවී යන ආභරණ ආදිය රැක ගැනීම සඳහාත් දැලක් බැඳ ගංගාවේ ජලක්‍රීඩාවේ යෙදුනි.

මේ අතර ගංගාවේ ආරම්භක ප්‍රදේශයේ ගං ඉවුරේ හටගෙන තිබු රත්සඳුන් ගසක මුල් සේදී ගඟට වැටී අතු කැඩී බිඳී ගල් වල ගැටී ජල රළ නිසා ඔපමට්ටම් වී පාත්‍රයක් මෙන් රවුමට සැදී ජලයේ පාවෙමින් දිය සෙවල බැඳී අවුත් ගඟ හරහා දමා තුබු ආරක්ෂක දැලේ රැඳුනි. සිටුවරයා මේ කුමක්දැයි කියා (දැව) ලීගැටයකැයි දැනගෙන එය ගෙන්වා ගෙන කුමක්දැයි තේරුම් ගැනීමට පිහිතුඩකින් ඇස බැලීය. එකෙනෙහි ලාකඩ පැහැයෙන් රත්සඳුන් බව හඳුනා ගත්තේය. මේ සිටුවරයා සම්‍යදෘෂ්ටිකද මිත්‍යදෘෂ්ටික ද නොවේ. මධ්‍යම අදහස් ඇත්තෙකි. ඔහු මෙසේ සිතුවේය. මගේ නිවසේ රත් සඳුන් බහුලව ඇත. මෙයින් කුමක් කරම්ද? ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මෙලොව අපි රහත් වෙමු. අපි රහතන් වෙමුයි. බොහෝ දෙනා පවසති. මම එක රහත් නමක් හෝ නොදනිමි. ගෙට ගෙන ගොස් පාත්‍රයක් ලියවා පසුම්බියක දමා උණගස් බැඳ හැටරියනක් උස අහසේ එල්ලා ඉදින් රහත්වරු සිටීනම් මෙය අහසින් අවුත් ගන්නැයි කියමි.

යමෙක් එලෙස ලබාගන්නම් දූ දරුවන් සමග සරණකොට යන්නෙමි. ඔහු සිතු ලෙසටම කළේය. ෂට් ශාස්තෘවරු මෙය අපට සුදුසුය. මෙය අපටම දෙන්නැයි කීහ. සිටුවරයා අහසින් පැමිණ ගන්නැයි පැවසුවේය. නිඝණ්ඨනාථ පුත්ත මෙය ගනු කැමතිව හයවැනි දින අතවැසියන් යැවීය. අහසින් ගමන් කිරීම අප්‍රමාදීන්ගේ කාර්යයකි - අපේ ආචාර්යන් වහන්සේට මෙය සුදුසුය. එනිසා මේ පාත්‍රය දෙන්නැයි ඉල්වීය. එහි දී සිටුවරයා අහසින් පැමිණ ගන්නැයි පැවසීය. නාථ පුත්ත ගනු කැමතිව අන්තේවාසිකයින්ට මෙසේ පැවසුහ. මම එක් අතක් හා පයක් ඔසවා අහසට නැගෙනු කැමැතෙක් ලෙසට අඟවන්නෙමි. තෙපි ආචාර්යන් වහන්ස කුමක් කරවුද? දැව පාත්‍රයක් නිසා සඟවා සිටින අර්හත්වය මහජනයාට නොදක්වව් කියමින් මගේ අත්පාවලින් අල්ලා ගෙන ඇද බිම දමන්නැයි පැවසීය. ඔහු එහි ගොස් සිටුවරයාට මෙසේ කීවේය. මහසිටුවරය ! මෙම පාත්‍රය මට මිස අන් අයට සුදුසු නොවේ. මෙය ප්‍රමාද කිරිමට කරුණක් නොවේ. මට අහසට නැගීමට කැමැත්ත දෙන්න. සිටුවරයා ස්වාමීති අහසට නැගීම ගන්නැයි පැවසුවේය. ඔහු එක් පාදයක් හා අතක් එසවීය අනතුරුව අතවැසියෝ ආචාර්යයන් වහන්ස කුමක් කරමුද? නොවටිනා මේ ලී පාත්‍රය වෙනුවෙන් වසාගෙන සිටින ඔබේ ගුණ මහ ජනයාට ප්‍රදර්ශනය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? යනුවෙන් පවසා අත්පාවලින් ඇද බිම දැමුහ. ඔහු සිටුවරයාට - මහ සිටුතුමණි! මොවුන් මට අහසට නැගීමට නොදෙති. මට පාත්‍රය දෙන්නැයි කිවේය. ස්වාමීනි අහසට නැගී ගන්නැයි සිටුවරයා පැවසුවේය. මෙලෙස දින හයක්ම තීර්ථකයෝ උත්සාහ කොටත් පාත්‍රය නොලැබුණහ. හත්වන දිනයේ ආයුෂ්මත් මොග්ගල්ලාන ද ආයුෂ්මත් පිණ්ඩල භාරද්වාජ තෙරුන් ද රජගහ නුවර පිඬු පිණිස පිටත් වෙමුයි ගොස් එක් ගල් තලාවක සිට සිවුරු පොරවන විට ධූතයන්ගේ කථාවක් පැතිරුනි. පින්වත්නි! පෙර ශාස්තෘවරු සදෙනෙක් අපි රහතුන් වෙමුයි හැසිරුනහ. රජගහ සිටුවරයා පාත්‍රයක් ඔසවා තබා දින හතක් ගතවීත් අහසින් පැමිණ එකද රහත් කෙනෙක් එය නොගත්තේය. අද රහතන් වහන්සේලා ලොව නොමැති බව දැන ගත්තෙමු” මෙම කථාව අසා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් පිණ්ඩාල භාරද්වාජ තෙරුන්ට කීහ.

ඇවැත්නි භාරද්වාජ ! මොවුන්ගේ කථාව ඇසුවේද? මොවුන් බුදුසසුනට නිග්‍රහ කරමින් මෙන් කථාකරති. ඔබද මහා ඍද්ධි මතෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. යව් අහසින් ගොස් එම පාත්‍රය ගන්න. ආයුෂ්මුත් මුගලන් තෙරණුවනි. ඔබ වහන්සේ ඍද්ධිමතුන් අතර ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධය. නුඹ එය නොගන්නේනම් මම ගන්නෙමි. ඇවැත්නි ගන්න. මෙසේ පැවසූවිට ආයුෂ්මත් පිණ්ඩාල භාරද්වාජ අභිඥා පාදක වතුර්ථ ධ්‍යාන යට සමවැදී නැගිට තුන් ගව් පමණ පැතලි ගලක් පාදාන්තයෙන් ගෙන කපු පුළුන් පිඩ ලෙස අහසේ ඔසවා රජගහ නගරය මත අහසේ හත්වරක් හැසිරුනි. උන්වහන්සේ තුන්ගව් පමණ වූ නගරයේ පියනක් මෙන් දක්නට ලැබුනි. නගරවාසීන් ගල්තලාව අපව මැඩගනීයයි බියෙන් කුළු ආදිය හිස තබා ඒ ඒ තැන්වල සැඟ වුණාහුය. හත්වැනිවර තෙරුන් පැතලි ගල පලා තමන් දැක්වීය. මහජනයා තෙරුන් දැක ස්වාමීනි පිණ්ඩල භාරද්වාජ ගල දැඩිකොට ගන්න අප සියලු දෙන නොනසන්නයි කීහ. තෙරුන් ගල්තලාව පා කෙළවරින් විසීකර දැමුවිට තිබුතැනම පිහිටියේය. තෙරුන්වහන්සේ, සිටුවරයාගේ ගේ මතුයේ වැඩසිටියහ. ඒ දැක සිටුවරයා දණ්ඩ නමස්කාරයෙන් වැඳවැටී ස්වාමිනි වඩින්නැයි ආරාධනා කොට අහසින් බට තෙරුන් වාඩි කරවා පාත්‍රය බිමට ගෙන චතුමධුර පුරවා තෙරුන්ට පිළිගැන්වීය. තෙරුන් පාත්‍රය ගෙන විහාරය දෙසට පිය නැගුහ. ආරණ්‍යගත වූත් ශුණ්‍යගාර ගතව සිටියාවුත් අය මේ ප්‍රාතිහාර්යය නොදුටුවහ. ඔවුන් රැස්වී ස්වාමීනි අපට ද ප්‍රාතිහාර්යය දක්වන්නැයි තෙරුන් පසුපස ගියහ. තෙරුන් වහන්සේ ඒ ඒ අයට ප්‍රාතිහාර්යයන් දක්වා විහාරයට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ පසුපසින් එන මේ ජනතාවගේ උසස් නාදය අසා ආනන්ද තෙරුන්ගෙන් මේ ශබ්දය කාගේ දැයි විමසුහ.

ස්වාමීනි, පිණ්ඩල භාරද්වාජ තෙරුන් විසින් අහසට පැන නැගී සඳුන් පාත්‍රය ගන්නා ලදී. උන්වහන්ගේ වටා සිටින පිරිස මෙලෙස උසස් හඩ ඇති කරයි. බුදුරජාණන් වහන්සේ තෙරුන් කැඳවා මෙය සත්‍යයදැයි ඔබ විසින් පාත්‍රය ගත්තේදැයි විමසුහ. එසේය ස්වාමීනි පැවසු විට ඇයි භාරද්වාජ එසේ කළේ තෙරුන්ට ගර්හාකොට එම පාත්‍රය කැබලිකර භික්ෂූන්ට අදුන් වශයෙන් ගැනීමට දී ශික්ෂාපදයක් පැනවූහ. තීර්ථකයෝ - ගෞතමයන් තෙරුන්ට ගර්හාකර පාත්‍රය බිඳදමා ප්‍රාතිහාර්යය නොදක්වන්නට ශික්ෂාපදයක් පැනවුහ. මෙම ශික්ෂාපදය ජීවිතය ගියත් නොකඩති. එනිසා භවත් ගෞතමයන් ද එය රකිනු ඇත. දැන් අපට අවකාශ ලැබේයයි නගර විථි ආදියෙහි ප්‍රචාරය කරමින් හැසිරුනහ. අපි තමන්ගේ ගුණය රකිමින් පෙර දාරුමය පාත්‍රය නිසා තමන්ගේ ගුණය මහජනයාට නො දැක්වුනු භවත් ගෞතමයෝද තමන්ගේ පාණ්ඩිත්‍ය්‍ය නිසා ඒ පාත්‍රය බිඳ දමා සිබපදයන් පැනවූහ. අපි ඔහු සමග ප්‍රාතිහාර්ය කරන්නෙමු.

බිම්බිසාර රජු මේ කථාව අසා බුදුන්වෙත ගොස් ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රාවකයින්ට ප්‍රාතිහාර්ය නොකරන ලෙසට සිඛ පදයක් පැනවුවේද? මහරජ එසේය. දැන් තීර්ථකයෝ ඔබ වහන්සේ සමග ප්‍රාතිහාර්ය කරන්නෙමුයි කියති. දැන් කුමක් කරන්නහුද? ඔවුන් කරන්නේ නම් මම ද කරමි. මහරජු ! ඔබවහන්සේ ශික්ෂාපදයක් පනවා තිබෙනවා නේද? නෑ මහරජ මට ශික්ෂාපදයක් පනවා නැත. එය මගේ ශ්‍රාවකයින්ට පනවන ලද්දකි. ස්වාමීනි ! ඔබ වහන්සේ අත්හැර සිට පදයක් පනවන ලද්දේද? එසේ නම් මහරජ ඔබෙන් පැනයක් පෙරළා අසමි. මහරජ ඔබේ උයනේ අඹ ආදී පළතුරු මහජනයා අනුභව කරන්නම් කුමක් කරන්නේද? දඩුවම් පමුණුවමි. එසේනම් ඔබට අඹ කන්නට ලැබේද? එසේය ස්වාමීනි මට දඩුවම් නැත. මට මා සතුදේ අනුභව කිරීමට ලැබේ. මහරජ යම්සේ ඔබ ගේ තුන්යොදුන් පමණවු රාජ්‍යයේ ආඥාව පවතිද තමන්ගේ උයනේ අඹ ආදිය කෑවාට දඩුවම් නැත්ද? අන් අයට දඩුවම් ලැබේද? එලෙසම කෙළ ලක්‍ෂයක් සක්වල මගේ ආඥාව පවතී අන් අයට මෙන් ආඥාව ඇතිකළ මට ප්‍රඥප්තිය ඉක්මවා යාමක් සිදුනොවේ. මම ප්‍රාතිහාර්ය දක්වන්නෙමි.

තීර්ථකයෝ මේ කථාව අසා දැන් අපි විනාශයට පත්වෙමු. ගෞතමයන් විසින් ශ්‍රාවකයින්ට පමණක් ශික්ෂාපද පනවා තිබේ. තමන්ට නොවේ. තමන්ම ප්‍රාතිහාර්ය කරනු කැමතිය. කුමක් කරමුදැයි මන්ත්‍රණය කළහ. රජු බුදුන්ගෙන් විමසූහ. ස්වාමිනි කවර දිනෙක දක්වමුද? මෙයින් සිව්මසක් ගියතැන ඇසළ පුණු මාසයේදි, ස්වාමීනි, කොතැන්හිද? මහරජ සැවැත් නුවරදී කුමක් හෙයින් මෙපමණ දුරදී පවත්වත්ද සියලුම බුදුවරු මහා ප්‍රාතිහාර්යය දක්වන තැනයි. එමෙන්ම රැස්වන මහාජනයාට දුර සිටම දැකිය හැකිය. තීර්ථකයෝ ඒ කථාව අසා මෙයින් සිවුමසකට පසුව භවත් ගෞතමයන් සැවැත්නුවර ප්‍රාතිහාර්ය කරත්යයි කියා දැන් ඔහු වෙන් නොකරම ලුහුබඳිමු එවිට මහජනයා අප දැක මේ කුමක්දැයි විමසති. එවිට අපි භවත් ගෞතමයන් සමග ප්‍රාතිහාර්යය දක්වන්නෙමුයි පවසමු. එවිට ඔහු පළායන්නේය. අපි ඔහුට පළායාමට නොදී ලුහුබඳිනෙමුයි පවසමු.

බුදුරජාණන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිරී පිටත්වුහ. තීර්ථකයෝ ද පසුපසින් පැමිණ දන් වළඳන තැනට එති. වසන තැන දෙවනදා උදේ ආහාරය ගනිති. මහජනයා මේ කුමක්දැයි විමසනවිට මුලින් කී ලෙසටම කියති. මහජනයා ද ප්‍රාතිහාර්ය දකිමුයි ලුහු බැන්දාහුය. බුදුරජාණන් වහන්සේ පිළිවෙළින් සැවැත් නුවරට වැඩම කළහ. තීර්ථකයෝද ඒ සමගම ගොස් උපස්ථායකයින් පහදවා ලක්‍ෂයක් උපයා කිහිරි කොටවලින් මණ්ඩපයක් කර නිල් උපුල් වලින් වසා මෙහි ප්‍රාතිහාර්ය දක්වන්නෙමුයි වාඩිගත්හ. පසේ නදි කෝසල රජු බුදුන්වෙත එළඹ ස්වාමීනි තීර්ථකයන් විසින් මණ්ඩපයක් කරවන ලදී. මම ද තොපට මණ්ඩපයක් කරවමි. මහරජ වැඩක් නැත. මට මණ්ඩප කරන්නෙක් ඇත. ස්වාමීනි මම හැර වෙනත් කිසිවෙක් අන් කවරෙක් නම් මණ්ඩපයක් කරන්නට හැකිවන්නේද? මහරජ ඇයි සක් දෙව්රජ ස්වාමීනි කොහිදී ප්‍රාතිහාර්ය දක්වන්නේද? මහරජ ගණ්ඩබ්බ රුක් මුලදීය. සර්වඥයන් වහන්සේ අඹ ගසක් යට ප්‍රාතිහාර්ය දක්වන්යයි අසා තීර්ථයකයෝ තමන්ගේ දායකයින්ට දන්වා යොදුනක් ඇතුළත අන්තිම වශයෙන් එදා හටගත් අඹ පැළ ද උදුරා දමා කැලයට විසි කළහ. බුදුරජාණන් වහන්සේ ඇසළ මාසයේ පුණු පොහෝදින ඇතුළු නගරයට පිවිසියහ. රජුගේ ගණ්ඩ නම් උයන්පල්ලා එක් තඹවන් පැහැයෙන් යුතු දිඹි ගොටුවක ඇතුළත මහත් අඹගෙඩියක් දැක එහි සුවඳ රස ලෝභයෙන් පැමිණි කපුටන් පළවා හැර රජුට පිරිනැමීම සඳහා ගෙනයමින් සිටියදී අතරමගදී බුදුන් දැක මෙසේ සිතුවේය. රජතුමා මේ අඹගෙඩිය අනුභවකර මට කහවණු අටක් හෝ සොළසක් දෙනු ඇත. එය ඒකාන්තයෙන් ජීවිතය පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ඉදින් මම බුදුරජාණන් වහන්සේට දෙන්නම් අවශ්‍යයෙන්ම එය අප්‍රමාණ කාලයක් හිත සුව පිණිස වන්නේ ය. ඔහු එය බුදුරජාණන් වහන්සේ පිරිනැමීය.

බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් දෙස බැලුහ. අනතුරුව සිව්වරම් දෙවි රජවරුන් පිරිනැමූ පාත්‍රය ගෙන අතේ තැබූහ. බුදුහු පාත්‍රය එළවා අඹ ගෙඩිය පිළිගෙන එහිම වාඩිවීමේ අදහසක් දැක්වීය. ආනන්ද තෙරුන් සිවුර නව ආසනයක් ලෙසට පැනවුහ. ඉක්බිති තෙරුන් පැන් පෙරා එම අඹගෙඩිය මිරිකා පානයක් කර පිරිනැමීය. බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ හට මෙසේ කීවේය. මේ අඹ ඇටය මෙහිම පස් ඈත් කොට සාරා රෝපණය කරන්න. ඔහු එසේ කළේය. බුදුහු එම තැනට අත සෝදා හළහ. එසේ සේදූ විටම නලිඟුසක් පමණ උසට නැගී උසින් රියන් පනහක් උසට අඹ රුකක් ඇතිවුනි. සතර දිසාවන්ට එකිනෙකට උස් විශාල අතු පහක් ඇතිවිය. එම අතු ද රියන් පනහක් දිගට පැතිරුනි. එම ගස මල් ගෙඩි වලින් යුක්තවී, එක් තැනක හොඳින් පැසුන අඹ පොකුරක් ඇතිවිය. පසුපස වඩින භික්ෂූන් අඹගෙඩි වළඳමින්ම වැඩම කළහ. රජතුමා මෙබඳු අඹ ගසක් ඇතිවීයයි අසා එය කිසිවෙක් නොකපන්නයි. ආරක්ෂාව යෙදීය. එම ගස ගණ්ඩ නම් උයන් පල්ලා විසින් රෝපිත නිසා ගණ්ඩබ්බ නමින් හැඳින්වුනි. ධුර්තයෝ ද අඹගෙඩි කා අරේ දුෂ්ට - තීර්ථකයන් ගෞතමයන් ගණ්ඩබ්බ රුක්මුල ප්‍රාතිහාර්ය දක්වන්නේයයි තෙපි යොදුනක් දුර එදින හටගත් අඹ පැළද උගුලුවා දමන ලදී. ගණ්ඩබ්බ නම් මේ යයි කියා ඔවුන් විසින් කන ලද ගෙඩිවල ඇට වලින් දමා ගැසුහ. සක්දෙවිරජ සුළං දෙවිඳුන්ට (වාත වළාහක) අණ කළේය. තීර්ථකයින්ගේ මණ්ඩපය සුළගින් උඩට ඔසවා දමා කුණු වලකට හෙලන ලෙසට නියම කළේය. වායු දෙවියා එලෙස කළේය. සුර්ය දෙවියන්ට ද දැඩිලෙස රශ්මි විහිදුවන ලෙසට නියෝග කළේය. ඔහු ද එලෙස කළේය. නැවත වායු දෙවියන්ට දැඩි සුළඟක් ම වන්නැයි නියෝග කළේය. එසේ කරන විට දාඩිය වැකුණ සිරුරු දුවිලිවලින් වැසී ගියේ ය. ඔවුහු තඹවන් පැහැ ඇත්තෝ වුහ. වැසිවළාහක දෙවියන් ද අණ ලැබ ඉතාමහත් වැහි බිඳු හෙළීය. අනතුරුව ඔවුන්ගේ ශරීර කබර ගොයින් මෙන් විය. ඒ නිවටුන් ලජ්ජාවට පත්ව ඉඩ ඇති තැන් තැන්වලින් පළා ගියහ. මෙසේ පළායන අතර පුර්ණ කාශ්‍යපගේ දායක ගොවියෙක් දැන් මගේ ආර්යන් ප්‍රාතිහාර්ය දක්වන වෙලාව යයි ගොස් ප්‍රාතිහාර්යය බලන්නෙමියි ගොනුන් මුදාහැර උදේම ගෙනෙන ලද කැඳ මුට්ටිය හා ලණුවද ගෙන එනවිට අතරමග පළායන පූර්ණ කස්සප දැක ස්වමීනි මම වහන්සේලාගේ ප්‍රාතිහාර්යය බලන්නෙමියි ආවෙමි. තෙපි කොහි යම්ද? ඔය මුට්ටියත් කඹයත් දෙවයි කියා අරගෙන ගංතෙරට ගොස් ඒ මුට්ටිය කඹයෙන් ගෙලේ බැඳගෙන ලජ්ජාවෙන් කිසිවක් නොකර දියට පැන දිය බුබුලු නංවමින් කලුරිය කොට අවීචියෙහි උපන්නේ ය. ශක්‍රයා අහසේ රුවන් සක්මනක් මැවීය. එහි එක් කෙළවරක් බටහිර සක්වල ක්‍ෂිතිජයේ කෙළවර විය. එක කෙළවරක් නැගෙනහිර කෙළවර ක්ෂිතිජයේ විය. තථාගතයන් වහන්සේ එක් රැස් යොදුන් තිස් හයක් දුර වැඩෙන සෙවනැල්ලේ දැන් ප්‍රාතිහාර්ය දැක්වීමට දැන් වේලාවයයි ගඳකිලියෙන් නික්මී ඉදිරියේ සිටිය හ. අනතුරුව සෘද්ධිමත් අනාගාමී ඵලයට පත් ඝරණි නම්වූ උපාසිකාව පැමිණ.

ස්වාමීනි ! මා බඳු දුවණියක් සිටිය දී ඔබ වහන්සේ වෙහෙසට පත්වීමෙන් ඵලයක් නැත. මම ප්‍රාතිහාර්ය දක්වන්නෙමි පැවසුවාය. ඝරණිය ඔබ කෙසේ කරන්නේද? ස්වාමීනි මම සක්වල ගැබ මහපොළව ජලය දක්වා දියකාවකු ලෙස කිමිදී නැගෙනහිර දිසාවේ මගේ ආත්මය (මා) දක්වන්නෙමි. එලෙසම බටහිර. දිගන්තයේද එලෙසට උතුරු දකුණු දිසාවන්හිද එසේම මැද ද කිමිදෙමි. ඇය කවරෙක්දැයි විමසුවිට ඇය ඝරණියයි මෙබඳු ගැහැණියකගේ ආනුභාව මෙතෙක් නම් බුද්ධානුභාවය කෙතෙක්ද එවිට තීර්ථකයෝ ඔබවහන්සේ නොදැකම පළායති. ඉක්බිති තථාගතයන් වහන්සේ ඝරණිය මෙබඳු ප්‍රාතිහාර්ය පෑමේ ඔබගේ දක්‍ෂතාවය මම දනිමි. මේ ප්‍රාතිහාර්ය පෑම ඔබ සඳහා ඔබට සම්බන්ධ නොවේයයි පවසා ප්‍රතික්‍ෂේප කළහ. ඇය බුදුහු මගේ ප්‍රාතිහාර්ය පෑම අනුමත නොකරයි. ඒකාන්තයෙන් මට වඩා වැඩි ප්‍රාතිහාර්ය පෑමේ දක්ෂයෙක් කෙනෙක් සිටිනු ඇතැයි සිතමින් එකත් පසෙක සිටියාය. බුදුරජාණන් වහන්සේ ද මෙලෙස මොවුන්ගේ ගුණය ප්‍රකට වන්නේයයි. මෙසේ සතිස් යොදුන් වූ පිරිස මැද සිංහනාද කරන්නේ යයි හඟිමින් නැවතද විචාළේය. තෙපි කෙසේ ප්‍රාතිහාර්ය පාන්නේද ඕ තොමෝ ස්වාමීනි මෙසේ කරන්නෙමියි පෙර කී පරිද්දෙන්ම කියා සිංහනාද කළාය. කියා ඔවුන් අතර චූල අනාථ පිණ්ඩික ද මා හා සමාන අනාගාමී වූ උපාසක පුතෙක් සිටිය දී බුදුන්වහන්සේ කලාන්ත කිරීමක් නැතැයි සිතා ස්වාමීනි මම ප්‍රාතිහාර්යක් කරන්නෙමියි කියනවිට කෙසේ කරන්නේ දැයි විමසුවිට ස්වාමිනි මම යොදුන් දොළසක් වූ බ්‍රහ්ම ආත්ම භාවයක් මවා මේ පිරිස මැද මහා මේඝ ගර්ජනා හා සමාන ශබ්දයෙන් ක්‍රම සමාන අත්පොළසන් නම් අත්පුඩි ගසන්නෙමි. මහජනයා මේ කිනම් ශබ්දයක්දැයි අසා චුල්ල අනාථ පිණ්ඩික ක්‍රම අත්පුඩි ශබ්දයයි කියති. තීර්ථකයෝ ගෘහ පතියාට මෙබඳු අනුභාවයයි තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවය කෙබඳු වන්නේද? ඔබ වහන්සේ නොදැකම පළා යන්නේය. බුදුරජාණන් වහන්සේ ඔබගේ ආනුභාව දනිමි. ඔහුටද එසේම කියා ප්‍රාතිහාර්ය පෑමට අනුමත නොකළහ. ඉක්බිති එක් පටිසම්භිදාලාභී වයසින් සත්වසක් වු චීර සාමණේරිය බුදුන් වැඳ ස්වාමීනි මම ප්‍රාතිහාර්ය කරන්නෙමියි පැවසුවාය කෙසේ කරන්නේදැයි විමසුහ.

ස්වාමීනි, මහාමේරුව ද සක්වල පර්වතය ද හිමාලය ද ගෙනවුත් මෙතැන පිළිවෙළින් තබා මම හංස ධේනුවක් මෙන් ඒ ඒ තැනින් නික්මී නොගැවී යන්නෙමි. මහජනයා මේ කවුදැයි විමසා චීර සමණේරියයි දැනගත්තේ තීර්ථකයෝ වයස හතක් වූ සාමණේරියක ගේ ආනුභාව මෙතෙක් නම් බුද්ධානු භාවය කෙබඳු වන්නේදැයි ඔබවහන්සේ නොදැකම පළායති. මෙයින් පසුව රූප හා වචන කියන ලද පරිදි දතයුතුය. ඇයට ඔබේ ආනුභාව දනිමියි පවසා ප්‍රාතිහාර්ය දැක්වීමට අවසර නුදුන්හ

.

අනතුරුව මහමුගලන් තෙරණුවෝ බුදුන් වැඳ ස්වාමීනි ප්‍රාතිහාර්ය කරන්නෙමි යි. පවසා කෙසේ කරන්නේදැයි විමසුවිට මහමේරු පර්වත රාජයා දත් අතර තබා මද ඇට ලෙසට කපා දමමි. වෙන කුමක් කරන්නේද? මේ මහපොළොව - කලාළයක් ලෙස වෙලා ඇඟිලි අතර තබමි. වෙන කුමක් කරන්නේද? මහපොළව කුඹල් සකක් සේ කරකවා පෙරළා පඨවි ඹජය (පැණි) මහජනයාට කවනෙමි. අන්කුමක් කරන්නේද? වමත පඨවිය තබා දකුණතින් මේ සත්ත්වයින් දකුණතින් ගෙන අනෙක් දිවයිනක තබනෙමි වෙනත් මොනවා කරන්නේද?

මහමේරුව කුඩ මිටක් සේ ගෙන මහපොළව ඔසවා ඒ මත තබා කුඩයක් අතින්ගත් භික්ෂුව ලෙසට එක අතකින් ගෙන අහසේ සක්මන් කරන්නෙමි. බුදුහු ඔබේ ආනුභාවය දනිමියි. පවසා උන් වහන්සේගේ ප්‍රාතිහාර්ය පෑමද අනුමත නොකළහ. අනතුරුව තථාගතයන් වහන්සේ මගේ කුසලතාව දන්නේ යයි සිතා එකත් පසෙක වැඩසිටියහ. අනතුරු තථාගතයන් වහන්සේ මොග්ගල්ලාන මේ මල්ගොටුව ඔබට බැඳුනේ නොවේ. අනතුරුව සිව්පිළිසිඹියා පත් අර්හත් සත්හැවිරිදිව චුන්ද සාමණේරයන් බුදුන්වැඳ ස්වාමීනි මම ප්‍රාතීහාර්ය දක්වන්නෙමියි පැවසුහ. කෙසේ දැයි විමසුවිට ස්වාමීනි මම ජම්බු ද්විපයට කොඩියක් වැනි වු මහදඹ ගස සොල්වා මහ දඹ ගෙඩි ගෙනවුත් මේ පිරිසට කන්නට දෙන්නෙමි. පරසතු රුකේ මල් ගෙනවිත් ඔබවහන්සේ පුදමි.

බුදුහු දනිමි ඔබේ ආනුභාව යයි පවසා ඒ ප්‍රාතිහාර්යය ද ප්‍රතික්‍ෂේප කළෝය. අනතුරුව උප්පලවණ්ණා තෙරණිය ප්‍රාතිහාර්ය දක්වන්ට විමසා කරන පිළිවෙත විමසුවිට යොදුන් තිස්හයක් දුර විහිදී ජනතාව පිරිවරා සක්විති රජවී පැමිණ ඔබවහන්සේගේ පා වඳිමි මම වනාහි අසම ධූරය. මගේ ධූරය දැරීමට සමත් වෙනස් කිසිවෙක් නැත. මගේ ධූරය දැරීමට සමත් කෙනෙක් ඇතිවන්නේ නම් එය ආශ්චර්යයකි. අහේතුක තිරවච්ඡාන යෝනියක උපන් කාලයේද මගේ ධූරය ඉසිලීමට සමත් කිසිවෙක් නොවීයයි පවසා කවර දිනෙක කවර දාදැයි විමසුවිට අතීත පුවත තථාගතයන් වහන්සේ පෙන්වා දුන්හ.

"යම් යම් සේ වඩා බර ගැඹුරුවේද? එවිට කණ්හ යොදන්නැයි ඔහු ධූරය උසුලනු ඇත”

මේ කණ්හ වෘෂභ ජාතකය විස්තර කර නැවත එහි අර්ථය විශේෂ කොට දක්වමින්

"වහාම වචනයම කියන්නේය. අමනාප වදනක් කිසිදා නැත. මනාපවු ප්‍රියවචන කියන විට වඩාත් බර ඉසිලීමි. සතුටු සිතින් ධනය ද ලබාදුන්නේ වෙයි.

මේ නන්දිවිශාල ජාතකය විස්තරකර පැවසුහ. මෙසේ ද පවසා තථාගතයන් වහන්සේ රුවන් සක්මනට බැසගත්හ. ඉදිරියෙන් දොළොස් යොදුනක් පිරිස විය. එසේ පසුපසින් ද උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පිරිස එතරම් සිටියහ. ඍජුලෙස - ඉදිරියෙන් යොදුන් විසිහතරක් ඒ පිරිස මැද භාග්‍යවතුන් වහන්සේ යමක පටිහාරිය කළහ. එය පාලි භාෂාවෙන් මෙසේ දතයුතුයි.

ඒ තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥාණය කෙසේද? ශ්‍රාවකයන්ට අසාධාරණවූ එම කෙසේ ද යනු සිරුරේ උඩ කොටසින් ගිනි කඳක් පවත්වයි. සිරුරේ යට කොටසින් දියකඳක් නිකුත් කරයි. සිරුරේ උඩකොටසින් ගිනිකඳක් ද යට කොටසින් ජල කඳක් ද නිකුත් කරයි.

ශරීරයේ ඉදිරි කොටසින් ද පසුපසින්ද දකුණු ඇසින් ද වම් ඇසින්ද - දකුණු කණින්ද - වම් කණින් ද - දකුණු නැහැයෙන් ද - වම් නැහැයෙන් ද දකුණු අංශ යෙන් ද - වම් අංශයෙන් ද දකුණු අතින් ද - වම් අතින් ද - දකුණු පසින් ද වම්පසින් ද දකුණු පාදයෙන් ද වම් පාදයෙන් ද ඇඟිලිවලින් ද - ඇඟිලි අතරින් ද - එක් එක් රෝමකූපයකින් - ගිනිකඳක් ද ජලකඳක්ද මුළු සිරුරෙහි - නීල පීත - ලෝහිත - ඔදාන මාජේෂ්ඨ ප්‍රභාස්වර රශ්මි ධාරා විහිදුවමින් සක්මන් කළහ. නියමිත බුද්ධ රූපය. සිටී ද - වාඩිවී ද - සයනය කරයි ද බුදුන් කරන ලෙසින්ම එම බුදුරුව අනුගමනය කරයි. මෙය බුදුන්ගේ යමක ප්‍රාතිහාර්ය ඥාණයයි. බුදුහු මෙම ප්‍රාතිහාර්යය එදා ගණ්ඩබ්බ වනයේදී සිදුකළහ. උන්වහන්සේගේ තේජෝ කසින සමාපත්ති වශයෙන් උඩුකයින් ගිනි කඳක් ද - ආපෝකසින සමාපත්තියෙන් යටිකයින් දියකඳක් ද පවත්වති. දියදහරා පිටවන තැනින් ගිනිජාල නිමෙන්නේ නොවේ. සියළු ප්‍රදේශයන්හි ජල - ගිනි - ධාරා මිශ්‍රම නො පවතී.

මෙම ජල - ගිනි ජාලා බ්‍රහ්ම ලෝකය දක්වාම ගමන්කර චක්‍රවාට මුවවිට පැවතුනි. ෂඩ් වර්ණය කළයකින් වත්කරන දියකළ රන් දියරයක් ඇතිවිය. යන්ත්‍ර නාලයකින් නික්මෙන රස ධාරාවක් මෙන් එක් සක්වල ගැබකින් නික්ම උඩට ගොස් බඹලොව හැපී නැවතුනි. නැවත චක්‍රවාට ගැබින් උඩට ගොස් මුවවැටියේම ගැසුනි. එක් සක්වල ගැබක් එක් වහළ මුදුනක් සේ බෝධි ඝරයක් වීය. එකම ආලෝකයක් විය. එදවස බුදුහු සක්මන් කරමින් ප්‍රාතිහාර්ය පාන්නේ . අතරතුර මහජනයාට ධර්මකථා පැවසුහ. මෙලෙස දේශනා කරමින් ද ජනයාට ආශ්වාශයට ඉඩදී එකෙනෙහි මහජනයා සාධුකාර පැවැත්විය. ඒ සාධුකාර දෙන අවස්ථාවේ දි තථාගතයන් වහන්සේ මහා ජන පිරිසේ සිත් විමසා බලන්නේ එකිනෙකාගේ සිත සොළොස් ආකාරයෙන් සිත් හසර දැනගත්හ. මෙලෙස ඉතා ඉක්මනින් බුදුන්ගේ පෙරළෙන සිත යම් යම් කෙනෙක් යම් ධර්මයක් යම් ප්‍රාතිහාර්යක් ප්‍රියකරයි ද ඔවු නොවුන්ගේ අවශ්‍යතා වශයෙන් ධර්මය දේශනා කිරීම ද දැක්විම ද කළහ. මෙලෙස ධර්ම දේශනා කිරීමෙන් ද ප්‍රාතිහාර්ය කිරීමෙන් ද මහත් ධර්මාවබෝධයක් සිදුවිය.

තථාගතයන් වහන්සේ මේ රැස්වීමේ දී තමන්ගේ සිත්ගෙන අනෙක් ප්‍රශ්නයක් විමසීමට පටන් කෙනෙක් නොදැක බුද්ධ කායක් නිර්මාණය කළහ. එම නියමිත බුදුගෙන් විමසු ප්‍රශ්නවලට තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්හ. බුදුන් සක්මන් කරන අතර බුදුරජාණන් වහන්සේ ඉඩ සලසා නියමිත බුදුරුව ද සක්මන් කරයි. මේ ලෙස කරනවිට බුදුන්ගේ ධර්මය අසා ප්‍රාතිහාර්ය ද දැක ප්‍රාණකෝටියකට ධර්මාභිසමය වීය. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වමින්ම අතීත බුදුවරු කවර තැනක වස් සමාදන්වීදැයි ආවර්ජනා කරන්නේ තාවතිංස භවනයේ දී වස් සමාදන් වූ බව සිහිපත් කොට තාවතිංස භවනයේදී වස් සමාදන් වී මවු දෙවියන්ට අභිධර්මපිටකය දේශනා කළ බව දැක දකුණු පාදය ඔසවා යුගාන්ධර පර්වතය තබා අනෙක් පාදය ඔසවා මහමෙර මත තැබුහ. මෙලෙස - යොදුන් සැටඅට ලක්‍ෂයක් දුර ත්‍රිපද වික්‍රමයෙන් කළහ. පියවර දෙක අතර බුදුහු පා දිගහැර පයතැබීයයි නොසැලකිය යුතුය. උන්වහන්සේ පාතබන විට පර්වතය පාමුලට පැමිණ එය පිළිගත්තේ ය. මෙලෙසට යොදුන් හැට අට ලක්‍ෂයක් දුර පාද තුනකින් (ත්‍රිපද වික්‍රමයෙන්) ඉටුකළහ. සක්දෙවිඳු බුදුන් දැක මෙලෙස සිතූහ. පාණ්ඩුකම්බල ශෛලාසනයේ බුදුහු මේ වස්කාලය වැඩසිටින සේක. බොහෝ දෙවියන්ට උපකාර වන්නේ ය. බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වන විට අනෙක් දෙවියන්ට අත තැබීමට පවා නොහැකි වන්නේ ය මේ පඬුපුල් අස්න දිගින් යොදුන් හැටකි. පළලින් යොදුන් පනහකි. ඝනකමින් යොදුන් පනහකි. බුදුන් වාඩිවු විට හිස් වූයේ වන්නේ ය. බුදුහු සක් දෙවිදුගේ මේ අදහස දැනගෙන තමන්වහන්සේගේ සඟල සිවුර ගල්තලාව වසමින් හෙලුවෝය. ශක්‍රදේවේන්ද්‍ර මෙසේ සිතුවේ ය. සිවුර අස්න වසමින් හෙළුවේ ය. උන්වහන්සේ ඉතා සුළු තැනක වාඩිගනු ඇත. බුදුහු ඔහුගේ ඒ අදහස දැන කුඩාපුවත මහා පාංශකූලය දැමුයේ - පඬුපුල් අන වසාසිටින සේ අතුරා සිවුර මතම වැඩසිටිය හ. මහජනයා මේ අතර බුදුන් නොදැක හඳ අවරට ගියාසේ හිරු බැසගියා සේ අඳුරු සහිත විය. ලෝකයේ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යෙෂ්ඨ වූ තථාගතයන් වහන්සේ චිත්‍රකූට පර්වතයට කෛලාස කූටයට හෝ යුගන්ධර පර්වතයට වැඩම කළෝ ද දක්නට නැතැයි පවසමින්.

ගතො නු චිත්ත කූටං වා - කෙලාසිං වා යුගන්ධරං

න නො දංක්ඛව සම්බුද්ධං - ලොක ජෙටඨං නරා සභං

මෙම ගාථාව කියමින් හැඬුහ. අනෙක් අය බුදුරජාණන් වහන්සේ විවේකයට කැමතිය. උන්වහන්සේ මෙබඳු පිරිසක් අතර මෙබඳු ප්‍රාතිහාර්ය කරන ලද්දේ යයි ලජ්ජාවෙන් අනෙක් රටකට ජනපදයකට හෝ යන්නට ඇත ඉතින් අපට දක්නට නොලැබේ යයි හඬමින් මේ ගාථාව පවසමින්

පවිවෙක රතො ධීරො - නයිමං ලොකං පුනෙහිති

න නො දක්ඛෙම සම්බුද්ධං - ලොක ජෙටඨං නරා සභං

විවේකයෙහි යෙදෙන තථාගතයන් වහන්සේ නැවත ලොවට නොඑන්නේ ය. ලෝක ජ්‍යෙෂ්ඨ උතුම් සම්බුදුන් වහන්සේ නැවත නොදකින්නෙමු. ඔවුහු මහ මුගලන් තෙරුන්ගෙන් විමසූහ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහිද? උන්වහන්සේ තමන් වහන්සේ දැනගෙන සිටිය ද අන් අයගේ ද ගුණ ප්‍රකට වේවායි සිතමින් අනුරුද්ධ තෙරුන්ගෙන් විමසන ලෙසට පැවසූහ. ඔවුහු තථාගතයන් වහන්සේ කොහිදැයි අනුරුද්ධ තෙරුන්ගෙන් විමසූහ. උන්වහන්සේ තාවතිංස භවනේ පණ්ඩුකම්බල ශෛලාසනයේ වස් සමාදන්වී මාතෘ දිව්‍යරාජයාට අභිධර්ම පිටකය දේශනා කිරීමට ගිය බව අනුරුද්ධ හිමියෝ දැනුම් දුන්හ. අනතුරුව ස්වාමීනි උන්වහන්සේ කවරදිනක ආපසු වඩිත්දැයි විමසුහ. තුන් මසක් අභිධර්මය දේශනා කර මහා පවාරණය කරන දින ආපසු වඩිනබව පැවසුහ. ඔවුහු බුදුන් නොදැක නොයන්නෙමු යි එහිම කඳවුරු බැඳගත්හ. ඔවුන්ට වහලය වුයේ අහසයි. එතරම් මහත් පිරිසකට සිරුර පීඩාවක් නොවිය. පොළොතලය විවරවිය. හැමතැනම පොළව පිරිසිදු විය. තථාගතයන් වහන්සේ පළමුව මේ මහා ජනකායට ධර්මදේශනා කරන්නැයි පැවසුහ. මූල අනාථපිණ්ඩික ද ආහාර දෙනු ඇත. මේ නිසා ඒ තෙමස තුළ චූල අනාථපිණ්ඩික සිටුවරයා ද මෙතරම් පිරිසට යැපිම සඳහා කැඳ බත් කළයුතු ද බුලත් සුවඳ දැ මල් ආභරණ ආදිය පිරිණැමුහ. මහමුගලන් තෙරුන් වහන්සේ පිරිසට ධර්මය දේශනා කළහ. ප්‍රාතිහාර්ය නැරඹීමට පැමිණි අය විසින් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ද දුන්හ. බුදුරදුන් ද පඬුපුල් අස්නේ වස් සමාදන් වුයේ දසදහසක් සක්වල දෙවියෝ පිරිවරාගත්හ.

"යම් දිනෙක තථාගතයන් වහන්සේ පණ්ඩුකම්බල ශෛලාසනයේ පරසතු රුක් මුල වැඩ සිටියදී දසදහසක් සක්වල දෙවිවරු එක්වී බුදුරදුන් සේවනය කළහ.

කවර දෙවියෙක් හෝ පැහැයෙන් බුදුන් තරම් බැබලුනේ නැත. සියළු දෙවියන් අභිභවා බුදුරජාණන් වහන්සේ බැබලුනහ.

මෙලෙස සියළු දෙවියන්ගේ ශරීර ප්‍රභාව යටකොට බුදුන් වැඩ සිටින විට මාතෘ දෙවියා තුසිත භවනයෙන් පැමිණ දකුණු පස වාඩිවිය. ඉන්ද්‍ර දෙවියා ද පැමිණ දකුණු පැත්තෙන්ම වාඩිවිය. අංකුර දෙවි වම් පස වාඩිවිය. ඔහු මහේ ශාක්‍ය දෙවියන් රැස් වන විට වෙවී ගොස් යොදුන් දොළසක් ඇති ස්ථානයක ඉඩ ලබාගත්තේ ය. ඉන්ද්‍ර දෙවියා ද එහිම වාඩිවිය. බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාම දැක තම ශාසනයේ දන්දුන් පුද්ගලයන්ට දුන් දානයේ මහත් ඵල භාවය දැනුවත් කරනු කැමතිව මෙසේ පැවසුහ.

අඞකුර හා ඉන්ද්‍ර දෙවියන් බලා දක්‍ෂිණාව අගය කරමින් මේ වදන පැවසුහ.

අඞ්කුර ඔබ දිගුකලක් මහදන් දෙන ලද්දේ ය මා සමීපයට පැමිණ ඉතා දුර සිටින්නේ ය. මේ ශබ්දය පොළොතලයට පැමිණියේ ය. ඒ සියළු පිරිස ඇසුවේ ය.

චෝදනා ලත් අඞ්කුර දෙවියා මෙසේ පැවසීය. ඒ මගේ දානයෙන් කවර ප්‍රයෝජනයක්ද මේ ඉන්ද්‍ර දෙවියා සුළු දානයක් දුන්නේය. එහෙත් අපට වඩා සඳ තරු සේ වඩාත් බබළන්නේ ය.

එහි දජ්ජා - යනු දුන්නේ ය යන අරුතයි. මෙසේ පැවසුවිට බුදුහු ඉන්ද්‍ර දෙවියාට පැවසුවේ ය. ඉන්ද්‍රය ඔබ මගේ දකුණු පස වාඩිවුයේ කුමක් හෙයින් ඉවත්ව නොගොස් වාඩිවී සිටිද? ස්වාමිනි මම යහපත් කෙතක ඉතා සුළු බිජ කොටසක් වැපුරු ගොවියෙක් වැන්න. දක්‍ෂිණෙය්‍ය සම්පත් ලැබුවෙමි. දක්‍ෂිණර්භයන් පැහැදිලිකරමින් පැවසීය.

සරුසාර නොවු කුඹුරක බොහෝකොට බීජ වැපුරුවේද විපුල අස්වැන්න නොලැබේ ගොවියා ද සතුටු නොවේ. එලෙසම සිත් අයට පිරිනමන ලද දානය විඵුල ඵල නොවේ. දායකයා ද සතුටු නොවේ.

යම්සේ යහපත් කුඹුරක් අල්පවූ බීජ රෝපණය කරයි ද මැනවින් අස්වනු ලැබේ. ගොවියා ද සතුටට පත්වේ. සිල්වත් ගුණවත් උතුමන්ට සුළු හෝ කළ උපකාරය මහත්ඵල පූණ්‍යයක් විය. මොහු විසින් කරන ලද. පුර්ව කර්මය කුමක් ද ඇතුළුගම පිඬු පිණිස වැඩමකළ අනුරුද්ධ තෙරුන්ට තමා සතු හැන්දක් පමණ භික්‍ෂාවක් දන්දුනි. ඔහුගේ මේ කුඩා පිනෙන් දසදහසක් වර්ෂ යොදුන් දොළසක් උඩම නැග දෙන ලද දානයෙන් මහත්ඵල කරවිය. එනිසා මෙසේ පැවසුහ. අනතුරුව අඩ්කුර දානය නම් සකසා දියයුතුය. මෙසේ මනා කෙත වපුරණලද බීජය මෙන් මහත්ඵල වෙයි, ඔබ එලෙස නොකෙළේ ය. එනිසා ඔබේ දානය මහත්ඵල නොවීය, මේ කරුණ පැහැදිලිකරමින්

විමසා බලා දානය දිය යුතුය. යමෙකුට දීමෙන් මහත් ඵල වේදැයි විමසා දියයුතුය.

"තථාගතයන් වහන්සේ විමසා දෙන දානය ප්‍රශංසා කළහ. මේ ජීව ලෝකයේ දක්‍ෂිණාර්හයන් වෙත දෙන දානය මහප්ඵල වන්නේ යහපත් කෙතක වපුල බීජයක් මෙනි

මෙසේ පවසා තවදුරටත් ධර්මය දේශනා කරමින් තෘණ දෝෂයෙන් යුත් කෙතසේ මේ ප්‍රජාව රාගදෝෂයන්ගෙන් යුක්තය. එනිසා වීතරාගීන්ට දෙන දානය මහත්ඵල වේ. තෘණ දෝෂ කෙත සේ මේ ප්‍රජාව දොෂයෙන් යුතු වේ. එනිසා වීතදෝෂීවූ උතුමන්ට දෙන දානය මහත්ඵලවේ. තෘණ දෝෂ වූ කෙත සේ මෝහයෙන් යුතු පුජාව අතර මෝහයෙන් තොරවු උතුමන්ට දෙන දානය මහත්ඵලවේ. තෘණ දෝෂ කෙතසේ මේ ප්‍රජාව ඉච්ඡාදෝෂයෙන් යුතුවේ. එනිසා ඉච්ඡාවන්ගෙන් තොරවු රහතුන්ට දෙනලද දානය මහත්ඵල වේ.

මේ දෙසුම අවසානයේදි අඩ්කුර ද ඉන්ද්‍ර ද සෝවාන් ඵලයේ පිහිටියහ.

ඉක්බිති බුදුහු දේව සමාගමයේදී මාතෘ දෙවියන් නිමිති කරගෙන - කුසලා ධම්මා - අකුසලා ධම්මා අව්‍යකථා ධම්මා - යනුවෙන් අභිධර්ම පිටකය පැනවුහ. මේ අයුරින් තෙමසක් නොකඩවා අභිධර්ම පිටකය දේශනා කළහ. දේශනය පවත්වන අතර පිඬුසිඟා යන අවස්ථාවේ දී - මම එනතුරු මේ ධර්ම කොටස දේශනා කරන්නැයි නිර්මිත බුදුරුවට පවසා හිමවතට වැඩමකර නාග ලතා දැහැටි වළදා අනෝතත්ත විලෙන් මුහුණ සෝදා උතුරු කුරු ප්‍රදේශයේ පිණ්ඩපාතය රැගෙන මහාසල් මාලකයේ සිට වැළදීම කළහ. සැරියුත් තෙරණුවන් එහි ගොස් බුදුන්ට උවටැන් කළහ. බුදුහු බත්කිස අවසානයේ සැරියුත් තෙරුන් අමතා සාරිපුත්ත අද මම මෙපමණ ධර්මයක් දේශනා කළෙමි. මෙය ඔබගේ පන්සියයක් පිරිවර භික්ෂූන්ට උගන්වන්නැයි පැවසුහ. යමක ප්‍රාතිහාර්යයේ පැහැදී කුල පුතුන් පන්සියයක් තෙරුන්වෙත පැවිදි වුහ. ඔවුන් වෙනුවෙන් බුදුහු මෙසේ පවසා දෙව්ලොවට වැඩමකර නිර්මිත බුදුන් විසින් දේශනා කළ ස්ථානයේ සිට තමන් වහන්සේ ධර්මය දෙසුහ. සැරියුත් තෙරුන්ද ගොස් භික්ෂූන්ට ධර්මය දේශනා කරති.

තථාගතයන් වහන්සේ දෙලොව වැඩසිටියදී ම සප්ත ප්‍රකරණ උගත්හු වූහ. ඔවුහු කාශ්‍යප බුද්ධ කාලයේ දී කුඩා කිරිවවුලන් වී එක් පර්වත බෑවුමක පර්වත පාදයක එබී සිට තෙරවරුන් දෙනමක් සක්මන් කරමින් අභිධර්මය සජ්ඣායනා කරන ස්වරයේ නිමිති ගෙන ඇසුහ. ඔවුහු මේ ස්ඛන්ධය යි මේ ධාතුයි යනුවෙන් නොදැන හඩ ඇසීමෙන් පමණක්ම ඉන් චුතව දෙලෝ ඉපිද එක් බුද්ධාන්තරයක් දිව සැප විඳ සැවැත් නුවර කුලගෙවල ජනිත වී යමක ප්‍රාතිහාර්යයෙන් පැහැදි පැවිදිවුහ. පැවිදිව සියල්ලන්ට පළමුව අභිධර්මය උගෙන සප්ත ප්‍රකරණීකයෝ වුහ. බුදුන් ද මේ අයුරින්ම තුන්මසක් අභිධර්මය දේශනා කළහ. දෙසුම කෙළවර අසූකෝටි දහසක් දෙවියන්ට ධර්ම අවබෝධය විය. මහාමායා දෙවිතුමා ද සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඇය ද යොදුන් තිස් හයක් පරිමණ්ඩල පිරිස් ඇතිව සත්වෙනි දින පවාරණය වන්නේ යයි මහමුගලන් තෙරුන් වෙත පැමිණ පැවසුවාය. ස්වාමීනි තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් වඩින දිනය සැලකිරිම වටින්නේය. මහමුගලන් තෙරණුවෝ මෙම කථාව ඇවැත්නි ! යහපතැයි කියා එහිම පොළවේ කිමිද මහමේරුවට නගින මා මහජනයා දකීවායි අදිටන් කොට මැණිකක් අමුනන නූලක් ලෙස පෙනෙන රූපය ඇතිව මහමෙර මුදුනට නැග්ගෝය. මිනිස්සු ද එක යොදුනක් දෙකක් නැද්දෙයි කියමින් බලා සිටියහ. තෙරුන් වහන්සේ ද බුදුන්ගේ පා පිට හිස තබා වැන්දාහුය. වැඳ ස්වාමීනි ඔබ වහන්සේ දැක මිස නොයමියි රැස්ව සිටින පිරිස කවදා පොළවට බසින්නේ දැයි බලා සිටිති.

තථාගතයන් වහන්සේ ඔබගේ ජ්‍යෙෂ්ඨ ම සහෝදර සැරියුත් තෙර කොහේදැයි විමසුවිට පිළිතුරු දෙමින් ස්වාමීනි සංකස්ස පුර දොරටුවේ වස් සමාදන් වුහ. මොග්ගල්ලාන මම මෙයින් සත් වැනි දිනයේදී මහා පවාරණය සඳහා සංකස්ස පුර දොරටුවට බසින්නෙමි. මා දකිනු කැමැත්තෝ එතැනට පැමිණෙත්වා, සැවැත්නුවර සිට සකස්ස නගරයට යොදුන් තිහකි. මෙපමණ දුර මාර්ගයේ කිසිවෙකුටත් මාර්ග පිළිබඳ කටයුතු නැත. පෙහෙවස් සමාදන්ව විහාරයට ධර්මශ්‍රවනයට යන අයුරින් පැමිණෙන ලෙසට පැමිණෙත්වායි ඔවුන්ට දැනුම් දෙන්න. තෙරුන් ස්වාමිනි යහපන්දයි ගොස් එලෙසින් දැනුම් දුන්න.

1. සප්ත ප්‍රකරනීකයෝ නමින් හඳුන්වා ඇත්තේ අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ සත (ග්‍රන්ථ) උගත් පිරිසයි.

තථාගතයන් වහන්සේ වස් පවාරණය කර සක් දෙවිඳුට දැනුම් දුන්හ. මහරජ මිනිස් පියසට යන්නෙමි. සක්දෙවිදු රන්මය - මැණික්මය හා රිදීමය ඉණිමන් තුනක් මැවීය, ඒවායේ පාද සංකස්ස නගරයේ දොරටු මුල පිහිටියහ. ඒවායේ හිස මහමේරු පර්වතයේ මුදුන්විය. ඒවායෙන් දකුණුපස රන් හිණිමග දෙවියන්ට විය. වම් පස රිදී ඉණිමග මහා බ්‍රහ්මයන්ට විය. මැද පිහිටි මැණික් ඉණිමග තථාගතයන් වහන්සේට විය. බුදුරජාණන් වහන්සේ ද මහමෙර මුදුනේ සිට දෙලොවින් බැසීමේ යමක පාටිහාරිය කොට උඩ බැලුහ. බ්‍රහ්මලෝකය දක්වාම එකම අංගනයක් වීය. යට බලනවිට අවීචි නරකයේ සිට එකම අංගනයක් විය අනෙක් දිසා අනුදිසා බැලුහ. නොයෙක් චක්‍රවාටයන් ලක්‍ෂයක එකම අංගනයක් වුහ. දෙවියෝ මිනිසුන් පැසසුහ. මිනිස්සු දෙවියන් පැසසුහ. භාග්‍යවතුන් වහන්සේ ෂඩ් වර්ණ විහිදවූහ. එදවස බුද්ධශ්‍රීය බලා යොදුන් තිස්හයක් අවට පිරිස බුද්ධත්වය නොපැතූ එකද පුද්ගලයෙක් නොවීය. රන් ඉණිමගින් දෙවියෝ බැස්සාහුය. රිදී ඉණිමගින් බ්‍රහ්මයෝ බැස්සාහුය. මැණික් ඉණිමගින් මේ තථාගතයන් වහන්සේ බැස්සාහුය. පංචසිඛ ගාන්ධර්ව දෙවියා බේලුව පණ්ඩු විනාව ගෙන දකුණු පසින් සිට බුදුන්ට ගාන්ධර්ව පුජාව කරමින් බැස්සේය. මාතලී ද සංගාහක ද වම්පස සිට දිව්‍යමය මල් ගඳ ගෙන වඳිමින් බැස්සාහුය. මහා බ්‍රහ්මයා ඡත්‍රය ධරයි. සුයාමදෙව් සෙමෙර සැලීය බුදුහු මේ පිරිස් පිරිවරා ගෙන බැස සංකස්ස නුවර දොරටුවේ පිහිටියහ. සැරියුත් තෙරුන් ද පැමිණ බුදුන් වැඳ මෙයට පෙර සැරියුත් තෙරුන් ද මෙබඳු බුද්ධ ශ්‍රීයක් යුතුව වඩින බුදුන්ගේ ශෝභාමත් බවත් දැක නොසිටියහ.

මවිසින් මෙයට පෙර දී කිසිදිනෙක මෙබඳු බුද්ධ ශ්‍රීයක් දැක හෝ අසා නැත. මෙබඳු සිරියෙන් ප්‍රියවාදී තථාගතයන් වහන්සේ තුසිත භවනයෙන් වැඩම කළහ.

මේ ආදී ප්‍රකාශවලින් තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කරමින් ස්වාමීනි අද සියලුම දෙවි මිනිසුන් ඔබ වහන්සේ ප්‍රියකරති. බුද්ධත්වය ප්‍රාර්ථනා කරතියි පැවසුහ. ඉක්බිති බුදුන්වහන්සේ සාරිපුත්ත ! මෙබඳු ගුණයන්ගෙන් යුතු බුදුවරු නම් දෙවි මිනිසුන්ට ප්‍රියවේයයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.

දැහැනෙහි ද නිවනෙහි

ඇලුණු සම්බුදු උතුමන්

කෙරෙහි තිලොවම සත්වග

පිය වඩත්මැයි නිතැතින්

ධ්‍යානයෙන් යුතු නෙක්ඛම්මයේ ඇළුන ප්‍රාඥයෝ රහත්හු දෙවියෝ ද ප්‍රියකරති බුදුරජාණන් වහන්සේලා දෙවිමිනිසුන්ට ප්‍රියවන්නාහ.

එහි ඣානපසුතා - යනු ලක්‍ෂණ උපනිජ්ඣාන ආරම්මණ උපනිජ්‍ඣාන යන මේ ධ්‍යාන දෙකේ ආවර්ජන (හමුවුන අරමුණ පිළිගැනීමට ඉඩ සැලැස්වීම) සමාපජ්ජන (සමවැදීම) අධිට්ඨාන (මෙය මෙසේ වේවායි පැතීම) උට්ඨාන (උනන්දුව) ප්‍රත්‍යවේක්ෂණය කල්පනා කිරීම සිතා බැලීම, "නෙක්ඛමවුප ඝමෙරතා” මෙහි නෙක්ඛම්ම යනු - කෙලෙස් සමනය නිවන් රසය නිවනෙහි ඇලීම සඳහා කියන ලදී. දෙවාපි දෙවියෝ ද මිනිස්සු ද ඔවුන් පීහයන්ති ප්‍රිය කරති. ප්‍රාර්ථනා කරති. සතීමතං - මෙබඳු ඔවුන්ගේ සිහියෙන් යුතු බුදුන්ගේ ගුණ දැක අපි දු බුදුවන්නෙමුයි බුද්ධත්වය කැමතිවෙමින් සිටී යන අර්ථයි.

මේ දෙසුම අවසානයේ කෝටි තිහක් පමණ ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික භික්ෂූන් පන්සියයක් රහත් ඵලයෙහි පිහිටියහ. බුදුවරු නම් යමක ප්‍රාතිහාර්ය කරන අතරම දෙලොවට වැඩම කොට වස් සමාදන් වී සඞ්කස්ස නගරයට බැසීම නොකඩවා සිදු කෙරෙති. එහි දී බුදුන්ගේ දකුණු පා පිහිටන තැන අචලචේතිය ස්ථාන නම් වේ. බුදුවරු එහි සිට පෘථජනාදින්ගේ ප්‍රශ්න විමසති පුහුදුන් අය තමතම දැනුම අනුව ප්‍රශ්න විසඳා ගති, ඔවුන්ට සෝවාන් මාර්ගයේ ප්‍රශ්න විසඳීමට නොහැකිවුහ. එලෙසට සකෘදාගාමින් ගේ ප්‍රශ්නවලට සෝවාන් වුවන්ට පිළිතුරු දිය නොහැකිය. මුගලන් තෙරුන්ගේ විෂය අතැත් මහතෙරවරුන්ට ද සැරියුත් තෙරුන්ගේ විෂය මුගලන් තෙරුන්ට ද බුදුන්ගේ විෂය සැරියුත් තෙරුන්ට ද විසඳිය නොහැකිය. තථාගතයන් වහන්සේ බටහිර දෙස ආදී සියළු දිසාවන් බැලුහ. හැමදෙයම එකම අංගනයක් විය. අට දිසාවන්හි දෙමිනිස්සු උඩ බ්‍රහ්මලෝක නවයක යට බුමාටු නාග සුපර්ණයෝ ඇඳිලි බැඳ ස්වාමීනි ! මෙහි මේ ප්‍රශ්නයට විසඳුමක් නැත. මෙහි මා ගැනද සලකන්නැයි කීවාහුය. බුදුහු සැරියුත් වෙහෙසට පත්වේ. “යම් සංඛත ධර්මය රහත්හු බොහෝ නිසාද මේ ප්‍රාඥ ස්වභාවය විමසන ලද්දේ කියනු මැනව”

මේ බුද්ධ විෂයේ විමසන ලද ප්‍රශ්නය අසා ශෛක්‍ෂ අශෛක්‍ෂයින්ගේ ආගමනය පිළිබඳව විසඳයි. ප්‍රශ්නයේ නිසැක ස්ඛන්ධාදීහි කාගේ මුවකින් මේ ප්‍රතිපදාව කියන්නේ මම බුදුගේ අදහස ගැනීමට නොහැකි වන්නෙමියි මගේ අදහස ගැන සැකකරයි මවිසින් න්‍යාය නොදුන්විට කථාකිරිමට නොහැකි වන්නේන්ද න්‍යාය පමණක් දක්වන්නෙමියි න්‍යාය දක්වමින් සාරිපුත්ත මෙය සිදුවීදැයි බලන ලෙසට පැවසුහ. මෙබඳු අදහසක් ඇතිවිය. සැරියුත් තෙර මගේ අදහස ගෙන කියන්නේ ස්ඛන්ධ වශයෙන් කියන්නේ යයි තෙරුන්ට න්‍යාය දක්වමින් එම ප්‍රශ්නය න්‍යාය සියයකින් න්‍යාය දහසකින් උවටැන් කළේය. ඔහු බුදුන් විසින් දෙන ලද න්‍යයෙහි පිහිටා එම ප්‍රශ්නය කිවේය. බුදුරදුන් හැර අනෙකෙකුට සැරියුත් තෙරුන්ට ප්‍රශ්න පැවරීමට සමතෙක් නම් නැත. එනිසාම සැරියුත් තෙරුන් බුදුන් ඉදිරිපස සිට සිංහනාද පැවැත්වූහ. ස්වාමීනි මම මුළු කල්පයක් වැස්ස වැටෙන විට මෙපමණ වැහිබිඳු මුහුදට වැටුනි. මෙපමණ බිමට වැටුනි. මෙපමණ පර්වතයට වැටුනි යයි ගණනය කර ලියා දක්වන්නට සමත් වෙමි. බුදුන් ද මම එය දනිමි සාරිපුත්ත යයි පැවසුහ. මේ සැරියුත් තෙරුන්ගේ ප්‍රඥාවට උපමා නැත.

"ගඟක වැලි පරයා මුහුදේ දිය බිඳු පරයා පොළවේ මැටි පරයා මගේ බුද්ධියෙන් ලක්‍ෂණ දැක්විය හැකිය.

ඉදින් ස්වමීනි බුදධි සම්පන්න ලෝකනාතයන් වහන්ස මම එක පැනයක් විසඳුවිට එක වැලි ඇටයක් එක ජල බිදුවක් එක පස් බිඳක් නොහැර ප්‍රශ්න සියයක් හෝ දහයක් හෝ විසඳමින් මෙසේ කියන ලදි ගඞ්ගා වැලි ආදියේ එක් එක් වැලි කැටය ගෙන එකත් පසෙක තබන්නේද එවිට ගංගා ආදීයේ වැලි අවසන් වනු ඇත. එහෙත් මගේ ප්‍රශ්න විසදීම අවසන් නොවේ. මෙලෙස මහා ප්‍රාඥවු භික්ෂුව බුදුන් විෂයෙහි තබන ලද ප්‍රශ්නයට කෙළවර හෝ අන්තය හෝ නොදැක බුදුන්විසින් දෙන ලද න්‍යායට අනුව සිට ප්‍රශ්න විසඳුවේ. මෙය අසා කථාවක් ඇතිකළහ. භික්ෂුව යම් ප්‍රශ්නයක් විමසුවේ සියලු ජනයෝ කථාකිරීමට නොහැකිවුහ. එම ධර්මය සේනාපති සාරිපුත්ත තෙරණුවෝ එකලාව පැවසුවේය. බුදුහු මෙම කථාව අසා දැන් පමණක් නොව සැරියුතෙරුන් මහජනයාට විසඳිය නොහැකි ප්‍රශ්න පෙරද විසඳුවේයයි පවසා අතීත කථාව ගෙනහැර දැක්වුහ.

රැස්වු දහසකට වැඩි පිරිසක් අණුවන ලෙස වසර සියයක් අඩුවේද මහාප්‍රාඥවූ එක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙන් කියන ලද වචනයේ අර්ථය දැනගනී.

මෙම ජාතකය විස්තර වසයෙන් දැක්වුහ.

පරො සහ සසම්පි සමාගතානං - කඤෙයසුං තෙ වස්සසතං අපඤ්ඤා

එකොව පුරිසො සපඤ්ඤා - යො භාසිතස්ස විජානාති අත්ථං

දහසකට අධික වු ප්‍රඥා රහිත වූ ඔහු අවුරුදු සියයක් අඩන්නාහු නමුත් කාරණය වටහා නොගනිති. යමෙක් ප්‍රකාශිත වචනයාගේ අර්ථය දනීද. ඒ එක ප්‍රඥාවන්තයා උතුම් වේ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.