ජීරන්ති වෙ රාජරථා සුචිත්තා
අථො සරීරම්පි ජරං උපෙති
සතඤ්ච ධම්මො න ජරං උපෙති
සන්තො හවෙ සබ්භි පවෙදයන්ති.
(මුතු මිණි ඈ සත්රුවනින් ද සෙසු රථාලංකාරයෙන් ද) විශේෂයෙන් විසිතුරු කරණ ලද රජුන්ගේ මගුල් රථයෝ ද ඒකාන්තයෙන් ජරාවට පැමිණෙති (මහලු ව දිරති). නැවත (කවා පොවා නහවා උළා හඳවා පලඳවා නොයෙක් ලෙස පරිහරණය කරණ ලද) මේ සිරුර ද (වයස් මිහිකිරීමෙන් ඛාණ්ඩිත්‍යාදියට පැමිණෙමින්) ජරාවට එළැඹෙයි. (බුද්ධාදි සත්පුරුෂයන්ගේ) නව ලෝකෝත්තර ධර්මය වනාහි ජරාවට නො පැමිණෙයි. (බුද්ධාදි) සත්පුරුෂයෝ සත්පුරුෂයන් හා සමග ඒකාන්තයෙන් බණන්නාහු ය.
"පිරන්ති වෙ රාජරථා” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ සිටියදී මල්ලිකා දේවීය අරමුණු කර ගෙන දේශනා කළහ.
ඕ තොමෝ එක් දිනක් නාන කොටුවේ දී මුහුණ සෝදා සිරුර නවාගෙන කෙණ්ඩා සේදීමට පටන්ගත්තාය. ඇයත් සමගම ඇතුළුවුන එක් කීකරු සුනඛයෙක් ඇය එසේ නැමි සිටිනු දැක අසද්ධර්මසන්ථවය කරන්නට පටන් ගත්තේය. ඇය ස්පර්ශය ඉවසමින් සිටියේය. රජු ද මතුමහලේ වා කවුලුවෙන් බලමින් සිටිය දී මෙය දැක ඇය පැමිණි කල වසලිය වැනසේවා කුමක් නිසා මෙබඳු දෙයක් කළාදැයි විමසුවාය.
දේවයන් වහන්ස මා විසින් කුමක් කළේද? සුනඛයන් සමඟ සංවාසයේ යෙදුනේ නොවේදැයි පැවසුවේය. නැත දේවයන් වහන්ස, මගේ සියැසින් දුටුදේ ඔබ විශ්වාස නොකරන්නේ ! වසලිය නැසේවායි කීය. මහරජ යමෙක් මේ දිය කොටුවට පිවිසිවිට මේ වා කවුලුවෙන් බලනවිට එක් අයෙක් දෙයාකාරයට පෙනෙයි. යනුවෙන් සිදුනොවූවක් (බොරුවක්) පැවසුවාය. ඉදින් මාව විශ්වාස නොකරන්නේ නම් ඔබ මේ දියකොටුවට පිවිසෙන්න. මම කවුළුවෙන් බලාසිටිමි ඇය කීවාය. ඇය වාකවුළු දොර බලාසිටින්නී ඒ අතර ඇගේ වචනය විශ්වාස කරගෙන රජු ද දියකොටුවට පිවිසියේය. ඇය ජනේලයෙන් බලා සිට අන්ධ බාල වූ මහරජ කුමක් නිසා ඔබ කොටළුදෙනක හා සංවාසයේ යෙදුනේද? විමසුවාය. නැත සොඳුරිය මම එවැන්නක් නොකරමි. කි විට මා විසින්ද දකින ලද දෙය ඔබ නොඅදහන්නේදැයි පැවසුවේය. මෙය අසා රජු ඒකාන්තයෙන් මේ කොටුවට පිවිසි කෙනෙක් දෙකක් ලෙසට පෙනේ යයි විශ්වාස කළේය. මල්ලිකා මෙසේ සිතුවාය. මේ රජු අඥාන නිසා මගේ වචනය පිළිගෙන රැවටීමට වැටුනි. මම පවක් කළෙමි මේ කර්මය බුදුරජාණන් වහන්සේ ද දැනගනු ඇත. අසූමහ ශ්‍රාවකයින් ද අශ්‍රාවකයින් ද දැනගනු ඇත. අහෝ මවිසින් බැරෑරුම් පවක් කරන ලද්දෙමි. මේ රජ අසදිස මහා දානය දීමේදී උපකාරී වීමි. එක් දිනකදී කරන ලද පරිත්‍යාගය දාහතර කෝටියක් විය.
බුදුරජාණන් වහන්සේට සේසත වාඩිවන පුටුව, මේසය, හා පාද පීඨය යන මේ වැදගත් මහාර්ඝ වස්තු පූජා කළෙමි. ඇය මරණ මඤ්චකයේ දී මෙබඳු පරිත්‍යාග සිහි නොකර ඒ පව්කම සිහිපත් කරන්නී කළුරිය කොට - අවිචියේ උපන්නාය. රජුට ඇය ඉතා ප්‍රිය විය. ඔහු බලවත් ශෝකයෙන් යුතුව ඇගේ සිරුර ආදාහනයකර ඇය උපන් තැන විමසමියි බුදුන් වෙත ගියේය. බුදුහු ඔහු ආ කරුණ අමතකවන ලෙස අදිටන් කළහ. ඔහුට බුදුන් සමීපයේ සිහිකටයුතු කථා අසා ගෙන ගිය විට සිහිකොට මම මල්ලිකාවගේ උපන් ස්ථානය විමසමියි ගොස් දෙවන දවස් අසමියි දෙවන දවස ද ගියේය. බුදුහු පිළිවෙළින් දින හතක් යන තුරු ඔහුට සිහිපත් නොවීමට සැලසුහ ඇය ද දින සතක් නිරයේ පැසි අටවන දින ඉන් චුතව තුසිත භවනෙහි උපන්නාය. බුදුහු කුමක් හෙයින් දින හතක් මේ කරුණ රජුට සිහිපත් නොවීමට පත් කළේද? ඇය වනාහි රජුට අතිශය ප්‍රිය වුවාය. එනිසා ඇය නිරයේ උපන් බව අසා ඉදින් මෙතරම් ශ්‍රද්ධාවත් කෙනෙක් නිරයේ උපන්නේ නම් දන් දී කුමක් කරමුද? කියා මිථ්‍යාදෘෂ්ටි ගෙන පන්සියයක් භික්ෂූන්ට ගෙදර දුන් දානය වළක්වා නරකයෙහි ඉපදේය යන අදහසිනි. මේ අදහස නිසා ඇය පිළිබඳව රජුට විමසීමට සිහිය ඇති නොවන ලෙසට යටපත් කරන ලදී. එසේ කොට අටවැනි දින බුදුහු පිඩුසිගා වඩින අතර රාජ මන්දිරය අභියසට වැඩම කළහ.
රජු බුදුන් වැඩියේ යයි අසා නික්මී පාත්‍රය ගෙන ප්‍රසාදයට නැග යාමට පටන් ගත්තේය. බුදුහු රථ ශාලාවේ වැඩසිටින ආකාරයක් දැක්වීය. රජු බුදුන් එහිම වාඩිකරවා කැඳ හා කැවිලි වර්ගවලින් සංග්‍රහ කොට වැඳ වාඩිවී ස්වාමීනි මම මල්ලිකා දේවියන්ගේ උපන්තැන විමසන්නට ගියේ අමතක විය. ස්වාමීනි ! ඇය කොතැන ඉපදුනාද? මහරජ තුසිත භවයෙහියයි පැවසුහ. රජු ස්වාමීනි ඇය තුසිත භවයේ නුපන්නානම් අන් කවරෙක් එහි ඉපදෙන්නේදැයි ස්වාමීනි ඇය හා සමාන ස්ත්‍රියක් නැත. ඇය සිටින තැන බුදුන්ට මෙය දෙමි. මෙය කරමි යනුවෙන් දානය සංවිධානය කිරීම හැර අන් දෙයක් නැත. යනුවෙන් පවසා ස්වාමීනි ඇය පරලොව ගියතැන් සිට සිරුර පමණක් නැතය පැවසුවේ. බුදුහු මහරජ එලෙස නොසිතන්න. සියල්ලන්ගේ ඒකාන්ත ධර්මය මෙයයි පවසා මහරජ මේ රථය කාගේ රථයද ස්වාමීනි සීයාගේය. මෙය කාගේද මහරජ මේ මගේ පියාගේ රථයයි. මෙම රථය කාගේද මහරජ මෙය මගේය ස්වාමීනි පැවසුවේය. මෙසේ පැවසූවිට බුදුහු මහරජ ඔබගේ සීයාගේ රථය ඒ අයුරින්ම පියාගේ රථය මෙන් නොවීය. ඔබගේ පියාගේ රථය ඔබේ රථය ස්වරූපයට නොපැමිණියේය. මෙබඳු දැවදඬු ලී කොට ආදියද දිරා යාමට පත්වේ. ආත්ම භාවයට කුමක්වේද? මහරජ සත්පුරුෂ ධර්මයට ජරාවක් නැත. සත්ත්වයෝ නම් නොදිරන්නේ නැතැයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
මැනවින් විසිතුරු කරන ලද රාජකීය වාහන වුවද දිරායයි මැනවින් විසිතුරුකළ ශරීරයද ජරාවට පත්වේ. යහපත් පුරුෂයන්ගේ ධර්මය ජරාවට පත් නොවේ මේ කරුණ සත්පුරුෂයෝම සත්පුරුෂයන්ට ඒකාන්තයෙන් පවසා සිටිති.
මේ රිය පෙනේ පිය මුතු පුතු රජුන් සතු
සොබාදහම ලෙස ඒ හැම දිරිය යුතු
සපුරිස් දහම් පමණක් කර ලොවම නතු
නොදිරා තිබෙන බව මහරජ සිතිය යුතු
තත්ථ එහි වෙ යන අවධාරණ අර්ථයේ නිපාත පදයකි. ”සුවිත්තා” සප්තරත්නවලින් විවිධ අයුරින් අලංකාරයන්ගෙන් සැරසූ රාජ රථ ද දිරායත්. සරිරමජි හුදෙක් රථ කරත්ත පමණක් නොව මැනවින් පිළිදැගුම් කළ සිරුරද කැඩී බිදී ජරා බවට පත්වේ. සත්ඤචාති - බුද්ධාදීන් විසින් සත්ත්වයන්ගේ යහපත සඳහා දෙසන ලද නවවිධ ලෝකෝත්තර ධර්මය වනාහි එලෙස විනාශ නොවේ. පවෙදයන්ති - යනු බුද්ධාදී උතුමෝ සියළු සත්පුරුෂයන් පණ්ඩිතයන් සමග කරන ප්‍රකාශයයි මේ දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයට පත්වූහ.