(මෙය නිදානවග්ග සංයුත්තයේ දශබල වර්ගයේ දෙවන සූත්‍රය ය)
- ඒවං මේ සුතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි. භික්ඛවෝති. භදන්තේ.’ ති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.
- දසබලසමන්නාගතෝ භික්ඛවේ! තථාගතෝ චතුහි ච වේසාරජ්ජේහි සමන්නාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තේති.
- ඉති රූපං, ඉති රූපස්ස සමුද්‍රයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථංගමෝ. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයෝ, ඉති සඤ්ඤාය අත්ථංගමෝ. ඉති සංඛාරෝ, ඉති සංඛාරානං සමුදයෝ, ඉති සංඛාරානං අත්ථංගමෝ. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයෝ, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝ. ඉති ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේව-දුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.
- අවිජ්ජායත්‍වෙව අසේසවිරාගනිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්ඤාණ නිරෝධෝ, විඤ්ඤාණනිරෝධා නාමරූප නිරෝධෝ, නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ, සළායතනනිරෝධා ඵස්ස නිරෝධෝ, ඵස්සනිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හානිරෝධෝ, තණ්හා නිරෝධා උපාදානනිරෝධෝ, උපාදාන නිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාති නිරෝධෝ, ජාතිනිරෝධා ජරා මරණසෝක පරිදේව දුක්ඛදෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති.
- ඒවං ස්වාක්ඛාතෝ භික්ඛවේ! මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාසිතෝ ඡින්නපිලෝතිකෝ. ඒවං ස්වාක්ඛාතේ ඛෝ භික්ඛවේ! මයා ධම්මේ උත්තානේ විවටේ පකාසිතේ ඡින්නපිලෝතිකෙ අලමේව සද්ධාපබ්බජිතේන කුලපුත්තේන විරියං ආරභිතුං “කාමං තචෝ ච නහාරූ ච අට්ඨි ච අවසිස්සතු සරීරෙ උපසුස්සතු මංසලෝහිතං, යං තං පුරිසථාමේන පුරිසපරක්කමේන පත්තබ්බං, න තං අපත්‍වා විරියස්ස සණ්ඨානං භවිස්සතීති.”
- දුක්ඛං භික්ඛවේ! කුසීතෝ විහරති වෝකිණ්ණෝ පාපකේහි අකුසලේහි ධම්මේහි, මහන්තං ච සදත්ථං පරිහාපේති. ආරද්ධවිරෝ ච ඛෝ භික්ඛවේ! සුඛං විහරති පවිවිත්තෝ පාපකේහි අකුසලේහි ධම්මේහි මහන්තං ච සදත්ථං පරිපූරේති.
- න භික්ඛවේ! හීනේන අග්ගස්ස පත්ති හෝති. අග්ගේන ච ඛෝ භික්ඛවෙ! අග්ගස්ස පත්ති හෝති.
- මණ්ඩපෙය්‍යමිදං භික්ඛවේ! බ්‍රහ්මචරියං සත්ථා සම්මුඛීභූතෝ. තස්මා තිහ භික්ඛවේ! විරියං ආරභථ අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. “එවං නෝ අයං අම්හාකං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති. සඵලා සඋද්‍රයා. යෙසඤ්ච මයං පරිභුඤ්ජාම චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චයභේසජ්ජ පරික්ඛාරං, තේසං තේ කාරා අම්හේසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා’ති.
- ඒවං හි වෝ භික්ඛවේ! සික්ඛිතබ්බං අත්තත්ථං වා භික්ඛවේ! සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේතුං. පරත්ථං වා භික්ඛවේ! සම්පස්සමානේන අලමේව අප්පමාදේන සම්පාදේතුං. උභයත්ථං වා භික්ඛවේ! සම්පස්සමානේන අලමේව අප්පමාදෙන සම්පාදේතුන්ති.
දශබල සූත්‍රයේ භාවය
- මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාම විහාරයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
- මහණෙනි! තථාගතයන් වහන්සේ දශබලයෙන් යුක්ත වූවාහු චතුර්වෛශාරද්‍යඥානයෙන් යුක්ත වූවාහු තමන් වහන්සේ උත්තමස්ථානයෙහි ඉන්නා බව ප්‍රතිඥා කරන්නාහ. පිරිස්හි සිංහනාද කරන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ.
- මේ රූපයය, රූපය උපදින්නේ මෙසේ ය, රූපය නිරුද්ධ වන්නේ මෙසේ ය, මේ වේදනාවය, වේදනාව උපදින්නේ මෙසේ ය, වේදනාව නිරුද්ධ වන්නේ මෙසේ ය, මේ සංඥාවය, සංඥාව උපදින්නේ මෙසේ ය, සංඥාව නිරුද්ධ වන්නේ මෙසේ ය, මොහු සංස්කාරයෝ ය, සංස්කාරයන් උපදින්නේ මෙසේ ය, සංස්කාරයන් නිරුද්ධ වන්නේ මෙසේ ය, මේ විඥානයය, විඥානය උපදින්නේ මෙසේ ය, විඥානය නිරුද්ධ වන්නේ මෙසේ ය, මෙය ඇති කල්හි මෙය වේය, මෙය ඉපදීමෙන් මෙය උපදී ය, මෙය නැති කල්හි මෙය නො වේය, මෙය නිරෝධයෙන් මෙය නිරුද්ධ වේය. අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාරයෝ උපදිති, සංස්කාරයන් ප්‍රත්‍යය කොට විඥානය උපදී. විඥානය ප්‍රත්‍ය කොට නාමරූප උපදී, නාමරූපයන් ප්‍රත්‍ය කොට ෂඩායතනය උපදී, ෂඩායතනය ප්‍රත්‍යය කොට ස්පර්ශය උපදී, ස්පර්ශය ප්‍රත්‍යය කොට වේදනාව උපදී, වේදනාව ප්‍රත්‍යය කොට තණ්හාව උපදී, තණ්හාව ප්‍රත්‍යය කොට උපාදානය උපදී, උපාදානය ප්‍රත්‍යය කොටගෙන භවය උපදී, භවය ප්‍රත්‍යය කොට ජාතිය වේ. ජාතිය ප්‍රත්‍යය කොට ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාසයෝ වෙත්. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.
- අවිද්‍යාවගේ ම නිරවශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ.
- මහණෙනි! මා විසින් මෙසේ ධර්මය මනා කොට කියන ලද්දේ ය. උඩුකුරු කරන ලද්දේ ය. විවෘත කරන ලද්දේ ය. පැහැදිලි කරන ලද්දේ ය. අඩුවක් නැති කොට සම්පූර්ණ කොට පවසන ලද්දේ ය. මහණෙනි! මා විසින් මෙසේ ධර්මය මනාකොට පවසා ඇති කල්හි උඩුකුරු කොට ඇති කල්හි වැසුම් හැර ඇති කල්හි පැහැදිලි කොට ඇති කල්හි සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්‍රයා විසින් “සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. ශරීරයේ ලේ මස් වියළී යතොත් වියළී යේවා, පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් අර්හත්වයකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්යය නැවැත්වීමක් නො වන්නේ ය” යි වීර්‍ය්‍ය කරන්නට සුදුසු ය.
- මහණෙනි! අලසයා ලාමක වූ අකුශල ධර්‍මයන්ගෙන් යුක්ත ව දුකින් වෙසෙන්නේ ය. අර්හත්ඵල සංඛ්‍යාත මහත් වූ අර්ථය පිරිහෙවා ගන්නේ ය. මහණෙනි! පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ ලාමක වූ අකුශල ධර්මයන් ගෙන් වෙන් වූයේ සැපයෙන් වෙසෙන්නේ ය. අර්හත්ඵල සංඛ්‍යාත මහත් වූ අර්ථය සම්පූර්ණ කරන්නේ ය.
- මහණෙනි! ලාමක වූ ශ්‍රද්ධාදියෙන්, අග්‍ර වූ අර්හත්වයට පැමිණීමක් නො වන්නේ ය. අග්‍ර වූ ශ්‍රද්ධාදියෙන් ම අග්‍ර ඵලයට පැමිණීම වන්නේ ය.
- මහණෙනි! මේ ශාසන ධර්මය පෑදුණා වූ බිමෙකි. ශාස්තෘවරයා සම්මුඛව ඇත්තේ ය. එහෙයින් මහණෙනි! “මෙසේ කිරීමෙන් අපගේ පැවිද්ද වඳ නො වන්නේ ය, සඵල වන්නේ ය. දියුණු වන්නේ ය. අපි යමකුගේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් පරිභෝග කරමුද අපට උපකාර කරන්නවුන්ගේ ඒ දීමනා මහත්ඵල මහානිසංස වන්නාහ” යි නො පැමිණියා වූ ලෝකෝත්තර මාර්ගාදියට පැමිණීම පිණිසත් නො ලැබූ ලෝකෝත්තර මාර්ගාදිය ලබනු පිණිසත් ප්‍රත්‍යක්‍ෂ නො කළ ධර්ම ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසත් උත්සාහ කළ යුතු ය.
- මහණෙනි! තොප විසින් මෙසේ හික්මිය යුතු ය. මහණෙනි! ආත්මාර්ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් යුක්ත වීමට සුදුසුම ය. පරාර්ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් යුක්ත වීමට සුදුසු ය. උභයාර්ථය ම හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් යුක්ත වීම සුදුසු ය.
අනු මාතෘකා
keyboard_arrow_rightදශබල සූත්‍රයේ විස්තරයstar_outlineshare
keyboard_arrow_rightදශබල ඥාන.star_outlineshare
keyboard_arrow_rightදශබල ඥානය දැක්වෙන ගාථා දෙකක් මෙසේ ය :-star_outlineshare
keyboard_arrow_rightබ්‍රහ්මචක්‍රයstar_outlineshare
keyboard_arrow_rightචතුර්වෛශාරද්‍ය ඥානයstar_outlineshare
keyboard_arrow_rightපඤ්චස්කන්ධයstar_outlineshare