කාමසොභන සිත්
කාමාවචර සිත් පනස්හතරෙන්, අශෝභන සිත් තිහ මෙයට පෙර විස්තර කරණ ලදී. ඉතිරි සිත් විසිහතර සොභන සිත් ය. ශ්‍රද්ධා, සති ආදී ශෝභන චෛතසික යෙදෙන හෙයිනි. මේ කාමසොභන සිත් සියල්ල ම සහේතුක වෙති. අලෝභ, අදෝෂ, අමෝහ යන හේතු තුනම යෙදෙන සිත් ත්‍රිහේතුක සිත් යයි ද, අලෝභ අදෝෂ යන හේතු දෙක පමණක් යෙදෙන සිත් ද්විහේතුක යයි ද ව්‍යවහාර වේ. මේ කුශල හේතු, අකුසල හේතුන්ට වඩා බලවත් ය. තාවකාලිකව හෙවත් තදඞ්ගප්රහාණි වශයෙන් අකුසල හේතු මර්දනය කිරීමට මේ කුසල් සිත් වලට ශක්තිය තිබේ.
මේ කාම සොභන සිත් විසිහතරෙන් සිත් අටක් මහා කුසල් සිත් ය. සිත් අටක් මහා විපාක සිත් ය. ඉතිරි සිත් අට මහා ක්‍රියා සිත් ය.