සමථ භාවනාව
චිත්ත චෛතසික ධර්මයන්ගේ සාමාන්‍ය ස්වභාවය නම් නොයෙක් ආරම්මණයන්හි වික්ෂිප්තව හැසිරීමය. එක් අරමුණෙක සිත පිහිටුවා ගැනීම ඉතා දුෂ්කරය. යම් ධර්මයකගේ උපකාරයෙන් මේ චිත්ත චෛතසික ධර්මයන් එක් අරමුණෙක සමව, මනාව, වික්ෂිප්ත නොවී පිහිටුවා ගැනීම වේ නම් ඒ ධර්මයට සමාධිය යයි කියනු ලැබේ. මෙහිදී සමාධිය වශයෙන් දක්වනු ලබන්නේ ඤාණසම්ප්‍රයුක්ත කුසල චිත්තයෙහි යෙදෙන බලවත් එකාග්රතාවයයි.
සමාධියෙහි ලක්ෂණය හෙවත් සාමාන්‍ය ස්වභාවය නම් නොයෙක් ආරම්මණයන්හි සිත නොවිසිරෙන බව හෙවත් අවික්‍ෂේප භාවයයි. වික්ෂේපය නැති කිරීම හෙවත් නොසන්සුන් බව නැති කිරීම සමාධියගේ කෘත්‍යය හෙවත් සම්පත්තිය වේ.
සමාධියෙහි පච්චුපට්ඨාන නම් වූ වැටහෙන ආකාරය හෝ ඵලය නම්, උද්ධච්ච හේතුවෙන් කම්පා නොවන බව හෙවත් අකම්පණ භාවයයි. සමාධියෙහි ආසන්න කාරණය හෙවත් පදට්ඨානය නම් සුඛ යයි.
අවික්‍ෂේප ලක්ෂණයෙන් සමාධිය එක් වැදෑරුම් වුවද එහි නොයෙක් ප්‍රභේද වේ.