අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. සප්පීතික සමාධිය සහ නිප්පීතික සමාධිය.

උපචාර ධ්‍යාන අවස්ථාවෙහි ප්‍රීතිය ඇතිව හෝ නැතිව හෝ කාමවචර කුසල චිත්තය උපදී. ප්‍රීතිය ඇති කල්හි සමාධිය සප්පීතික සමාධියද, ප්‍රීතිය නැති කල්හි නිප්පීතික සමාධියද වේ.

චතුෂ්ක නයින් ප්‍රථම, දුතිය ධ්‍යාන දෙක්හිද, පඤ්චක නයින් ප්‍රථම, දුතිය, තතිය ධ්‍යානයන්හිද ප්‍රීති නම් වූ ධ්‍යානාඞ්ගය ඇති හෙයින් එහි උපදනා සමාධිය සප්පීතික සමාධි නම් වේ. චතුෂ්ක නයින් තෘතිය චතුර්‍ත්‍ථ ධ්‍යාන දෙක්හිද, පඤ්චක නයින් චතුර්‍ත්‍ථ පඤ්චම ධ්‍යාන දෙක්හිද ප්‍රීතිය බැහැර කළ හෙයින් එහි උපදනා සමාධිය නිප්පීතික සමාධි නම් වේ.