අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නීවරණ ධර්‍ම

ධ්‍යානාදී වූ කුසල ධර්‍මයන් හා නිවණ අරමුණු කරන්නට නොදී මුවා කරන්නා වූ ද, නොහොත් නිවන් මග අවුරන්නා වූද ධර්‍මයෝ නිවරණ ධර්‍මයෝ යි.

නීවරණ ධර්‍මයෝ සදෙනෙකි එනම්:

  1. කාමච්ඡන්‍ද නීවරණය
  2. ව්‍යාපාද නීවරණය
  3. ථීනමිද්ධ නීවරණය
  4. උද්ධච්ච කුක්කුච්ච නීවරණය
  5. විචිකිච්ඡා නීවරණය
  6. අවිජ්ජා නීවරණය