ව්‍යාපාද නීවරණය
නව ආඝාත වස්තූන් අරමුණුකොට ගෙණ යම් වෛර යක්, අස්ථාන ආඝාතයක් උපදීද විත්තයාගේ එබඳුවූ සිත නැසීම් ස්වභාවයවූ යම් ආඝාතයෙක්, ප්‍රතිඝාතයෙක් හෝ අරමුණු පෙරළීම් ස්වභාවයයි කියන ලද ප්‍රතිඝයක් හෝ වේද යම් විරෝධයක් හෝ ප්රතිවිරෝධයක් හෝ වේ ද කොපයක් හෝ සම්ප්රකොපයක් හෝ වේ ද, යම් ද්වේෂයක් හෝ දැඩි ද්වේෂයක් හෝ හාත්පස දැඩි වූ ද්වේෂයක් හෝ වේ ද, චිත්තයාගේ යම් විපර්‍ය්‍යාසයක්, පෙරළීමක්, පෙරළීම් ආකාරයක්, සිත දූෂ්‍ය වීමක්; ක්‍රෝධයක්, කිපීම් ආකාරයක්, කිපීම් බවක් හෝ ද්වේෂාකාරයක්, සැඩබවක්, කෲරත්වයක් වේ ද, එයට ව්‍යාපාද නීවරණයයි කියනු ලැබේ.
නව ආඝාතවස්තුහු නම්:
- මට අනර්‍ත්‍ථයක් කෙළේය.
- දැනුදු අනර්‍ත්‍ථයක් කරයි.
- අනාගතයෙහිද අනර්ත්‍ථයක්ම කරන්නේය.
- මගේ ප්‍රියමනාපවූ හිතවතාහට අනර්‍ත්‍ථයක් කෙළේය.
- දැනුදු ඔහුට අනර්‍ත්‍ථයක් කරයි.
- අනාගතයෙහිද ඔහුට අනර්ත්‍ථයක්ම කරන්නේය.
- මාගේ, අමනාපවූ, විරුද්ධකාරයාහට අර්ත්‍ථයක්ම කෙළේය.
- දැනුදු ඔහුට අර්ථයක්ම කරයි.
- අනාගතයෙහිද ඔහුට අර්ථයක්ම කරන්නේය යනුයි. අන්‍ය සත්ත්වයෙක් වීමය, ඔහු නසමි යි පැවැති ක්‍රෝධ චේතනාවය යන අඞ්ග දෙක සම්පූර්ණ වූ කල්හි ව්‍යාපාද අකුසලය කර්මපථ බවට පැමිණේ. අනුන් නසිත්වායි සිතීම ධ්‍යානාදිය හා ස්වර්ග මොක්ෂ සම්පත් වළක්වන නීවරණ ධර්මයකි.
මෙත් සිත වැඩීමෙන් ව්‍යාපාද නීවරණය තදඞ්ග වශයෙන්ද, ධ්‍යානාදිය ඉපදවීමෙන් විෂ්කම්භණ වශයෙන් ද ප්‍රහීන කළ හැකි නමුත්, ව්‍යාපාදයාගේ සමුච්ඡේද ප්රහාණය අනාගාමි මාර්ග ඥානයෙන්ම සිදුවිය යුතුයි.
ව්‍යාපාද නීවරණය නැති කිරීමට උපකාරවන ධර්ම සයකි. එනම්:
- මෛත්‍රිය වැඩීමට අවශ්‍ය කරුණු ඉගෙනීම
- මෛත්‍රි භාවනානු යෝගය
- තමන් හා අනුන් යන දෙපක්ෂය සම්බන්ධව විපාක දෙන්නාවූ පූර්ව කර්ම ගැන මෙනෙහි කිරීම
- ප්රත්යවේක්ෂා කිරීමේ බහුලතාවය
- කල්‍යාණ මිත්‍රයන් ඇතිබවය
- සප්පාය කථා හෙවත් කාලෝචිත යහපත් කථා ඇති බවය.