මත්තාසුඛපරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං
චජෙ මත්තාසුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං.
ඉදින් ස්වල්පමාත්‍ර සුවයක් හැරීමෙන් මහත් වූ සුවය (යම් හෙයෙකින්) දක්නේ ද, එ හෙයින් මහත් වූ නිවන් සුව දක්නා (කැමැති වූ) නුවණැත්තේ ඒ මඳ වූ සුවය හරනේ ය.
පරදුක්ඛූපදානෙන අත්තනො සුඛමිච්ඡති
වෙරසංසග්ගසංසට්ඨො වෙරා සො න පරිමුච්චති.
(අනුන් තළා පෙළා ගැති කොට ගෙණ) පරහට දුක් දීමෙන් යමෙක් තමාට සුව කැමැති වේ නම්, හෙ තෙම (බිණුවාහුට පෙරළා බිණීම ය, ගැසුවහුට පෙරළා ගැසීමය යන ආදීන් උනුනට කරණ ලද) වෛර සංසර්‍ගයෙන් මිශ්‍ර වූයේ වෛරයෙන් නො මිදෙන්නේ ය. (වෛර වශයෙන් සතතයෙන් දුකට පැමිණෙන්නේ යී සේ යි).
යං හි කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති
උන්නලාතං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා.
යමක් මහණුන් විසින් කටයුතු නම් එය (ඒ පාමොක් සිල් රැකුම් ධුතාංග පිරීම් ආදිය) හැරැ පියන ලද්දේ ද, මහණුන් විසින් නො කටයුතු (සිරුර සැරැසීම් ආදි) අකාර්‍ය්‍යය වනාහි කරණු ලැබේ ද, (හුවන ලද මාන නල ඇති, ස්මෘතිවිප්‍රවාසයෙන්) ප්‍රමාදි වූ ඒ පුඟුලන්ගේ කාමාදි ආස්‍රවයෝ වැඩෙන්නාහ.
යෙසඤ්ච සුසමාරද්ධා නිච්චං කායගතා සති.
අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො
සතානං සම්පජානානං අත්‍ථං ගච්ඡන්ති ආසවා.
යම් කෙනකුන් විසින් කාගියාසී භාවනාව සතතයෙන් මොනොවට වඩන ලද ද, මහණුන් විසින් කටයුතු (සිල් පිරුම් දුහඟ වැඩුම් භාවනායෙහි ඇලීම් යන) කාර්‍ය්‍යයෙහි සතතකාරී වූ ඔහු (ශරීරමණ්ඩන පරිෂ්කාර මණ්ඩනාදි) අකාර්‍ය්‍යය නො සෙව්නාහ. සිහි ඇති, (චතුසම්පජඤ්ඤ වසයෙන්) සම්පජානකාරී වූ ඒ පුඟුලන්ගේ ආස්‍රවයෝ පරික්‍ෂයයට (විනාශයට) යන්නාහ.
මාතරං පිතරං හන්ත්‍වා රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණො.
(තෘෂ්ණා නැමැති) මව ද, (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතදෘෂ්ටි උච්ඡේදදෘෂ්ටි නැමැති) ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද (රහත්මඟ නැණ නැමැති) කගින් වනසා, (නන්‍දිරාග නැමැති) අයකැමියා සහිත (ද්වාදශායතන නැමැති) රට ද වනසා, බාහිතපාප බ්‍රාහ්මණ තෙම (රහත් තෙම) නිදුක් වැ (නිවන් පුර) යන්නේ ය.
මාතරං පිතරං හන්ත්‍වා රාජානො ද්වෙ ච සොත්තියෙ
වෙය්‍යග්ඝපඤ්චමං හන්ත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණො.
(තෘෂ්ණා නැමැති) මව ද (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි නැමැති) බමුණු රජුන් දෙදෙනා ද (රහත්මඟ නුවණ නැමැති කගින්) නසා, (විචිකිච්ඡා නැමැති) ව්‍යාඝ්‍රසංචාර මාර්‍ගය පස්වනු කොටැති නීවරණ ද නසා, (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ තෙමේ නිදුක් වූයේ නිවන්පුර යෙයි.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං බුද්ධගතා සති.
යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර බුදුගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ. (බුදුගුණ සලකා ගෙණ යෙහෙන් නිදා යෙහෙන් පුබුදින්නාහ).
සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං ධම්මගතා සති.
යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර) ධර්‍මය අරබයා උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං සඞ්ඝගතා සති.
යම් කෙනකුන්හට දහවලුත් රෑත් සඟගුණ ඇරබැ උපන් සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං කායගතා සති.
යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (ද්වත්තිංසාකාර වශයෙන් හෝ නවසීවථිකා වශයෙන් හෝ චතුධාතුවවත්‍ථාන වශයෙන් හෝ අජ්ඣත්තික නීලකසිණාදී වශයෙන් හෝ) කය ඇරැබැ උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම් සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා.
යෙසං දිවා ච රත්තො ච අහිංසාය රතො මනො.
යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් අහිංසාභාවනායෙහි (කරුණා භාවනායෙහි) ඇලුනේ ද ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදිත්.
සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනො.
යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් (මෙත්) බවුන්හි ඇලුනේ ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා ව පුබුදිත්.
දුප්පබ්බජ්ජං දුරභිරමං දුරාවාසා ඝරා දුඛා
දුක්ඛො’සමානසංවාසො දුක්ඛානුපතිතද්ධගූ
තස්මා න චද්ධගු සියා දුක්ඛානුපතිතො සියා.
(භෝගසම්පතුත් බන්‍ධුජනයාත් හැර දමා) මෙ සස්නැ මහණ වීම දුෂ්කර ය. (උගහට ය.) පැවිදි වූවහු විසින් ද (පිඬු සිඟා දිවි පැවැත්වීම් ද සිල් රැක්මෙන් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය පිරීම් ද වශයෙන්) සස්නෙහි සිත ඇලැවීම දුෂ්කර ය (උගහට ය). ගෘහයෝ හෙවත් ගෘහවාසයෝ (ගිහිගෙහි වසන්නවුන් විසින් තමහට ඉසුරු ව සිටින්නවුනට කළ මනා කාර්‍ය ද පරිජනයාටත් මහණබමුණනට ත් කටයුතු සංග්‍රහ ද ඇති බැවින්) දුක් හ. (උගහටයහ.) අසමාන අදහස් ඇත්තවුන් හා එක් වැ විසීම ද දුක් ය (උගහට ය). සසර නැමැති අදන් මඟට පැමිණියේ දුක විසින් ලුහුබඳනා ලදහ. එ බැවින් සසර අදන් මඟට පැමිණියෙක් නො වන්නේ ය, සසර දුක විසින් ලුහුබඳනා ලද්දෙක් ද නො වන්නේ ය.
සද්ධො සීලෙන සම්පන්නො යසොභොගසමප්පිතො
යං යං පදෙසං භජති තත්‍ථ තත්‍ථෙව පූජිතො.
(තෙරුවන් ඇදැහීම ලක්‍ෂණ කොට ඇත්තාවූ ද කම්පල ඇදැහීම ලක්‍ෂණ කොට ඇත්තාවූ ද) ලොවී ලොවුතුරු සැදැහැ ඇති, ගිහි ශීලයෙන් යුත් (පිරිවර ද ධනධාන්‍ය ද සත් ආර්‍ය ධන ද යන) විවිධ යසසින් හා භෝගසම්පතින් යුක්ත වූ කුලපුත්‍ර තෙම යම් යම් පෙදෙසක් භජනය කෙරේ ද (යම් යම් පෙදෙසකට එළැඹේ ද) ඒ ඒ සියලු තන්හි දී (දෙව්මිනිසුන් විසින්) මහත් ලාභසත්කාරයෙන් පුදනු ලදුයේ වන්නේ ය.
දූරෙ සන්තො පකාසන්ති හිමවන්තො’ව පබ්බතො
අසන්තෙත්‍ථ න දිස්සන්ති රත්තිං ඛිත්තා යථා සරා.
(උත්සන්න කුසල් මුල් ඇති, භාවිත භාවනා ඇති) සාධූහු දුරැ සිටියාහු ද, හිමවත්පව්ව මෙන් බුදුනුවණට ප්‍රකට වෙති. මෙහි (මේ ලොව ම ගරු කොට සිතන) අඥාන පුද්ගලයෝ රෑ විදුනා ලද ඊයක් මෙන් නො පැණෙත්.
එකාසනං එකසෙය්‍යං එකො චරමතන්‍දිතො
එකො දමයමත්තානං වනන්තෙ රමිතො සියා.
(ගණසඞ්ගණිකායේන් ද ක්ලේශ සඞ්ගණිකායෙන් තොර වැ) හුදෙකලා ඉඳීම සෙව්නේ ය. (මාහැඟි යහන්හි නුමුදු සිහි එළවා මූලකර්‍ම ස්ථානයෙන් යෙදී හෝනා) ඒකශය්‍යාව සෙව්නේ ය. (පිඬු සිඟා ජීවත් වන බැවින්) අකුසීත වැ (සිවු ඉරියවුහි ම) හුදෙකලා ව පවතිමින් හුදෙකලා වැ තමා දමනය කරණ මහණ තෙම ගැඹුරු වෙනෙහි ම ඇලුනෙක් වන්නේ ය. (හුදෙකලා වැ වැස මිස ආකීර්‍ණවිහාරී වැ තමා දමනය කරන්නට නො පිළිවන් බැවිනි.)