මනොද්වාරික කාම ජවන චිත්ත වීථි
මනොද්වාරික කාමජවන වීථි විභූතාරම්මණ කාමජවන වීථි අවිභූතාරම්මණ කාම ජවන වීථි යයි දෙවැදෑරුම් වේ.
සප්ත රසායුෂ්ක හෙවත් සතළොස් චිත්තක්ෂණයකට ආයුෂ ඇති ප්රත්යුත්පන්න රූප ශබ්දාදී අරමුණක් ලැබුන කල්හි විභූතාරම්මණ චිත්ත වීථි පසක් සහ අවිභූතාරම්මණ චිත්ත වීථි දෙකක්දැයි චිත්ත වීථි සතක්ම ලැබේ.
සප්ත රසායුෂ්ක හෙවත් සතළොස් චිත්තක්ෂණයකට ආයුෂ නැති අතීත රූප, අනාගත රූප, චිත්ත චෛතසික, නිබ්බාණ, ප්රඥප්ති ආදී අරමුණක් ලැබුන කල්හි විභූතාරම්මණ චිත්ත වීථියක් සහ අවිභූතාරම්මණ චිත්ත වීථියක්දැයි චිත්ත වීථි දෙකක් ලැබේ.