සප්ත රසායුෂ්ක නොවන අතීතානාගතාදී අරමුණක් එල්බගෙන උපදනා කාම ජවන මනොද්වාර චිත්තවීථි
විභූතාරම්මණ චිත්ත වීථිය
.....න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත .....
අවිභූතාරම්මණ චිත්තවීථිය
....න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ....
මෙහි දක්වන ලද චිත්ත වීථි කාමාවචර, රූපාවචර සහ අරූපාවචර පුද්ගලයන්ට හමුවන බවත්, රූපාරූප පුද්ගල සන්තානයන්හි උපදනා කල්හි තදාරම්මණ ඇති නොවන බවත් කාමපුද්ගල සන්තානයෙහි තදාරම්මණ ඉපදීම හෝ නූපදීම වන බවත් දත යුතුයි.
තවද, රූපාදී අරමුණක් පඤ්චද්වාරයට හමුවන කල්හි, ඒ ආරම්මණය අනිත්‍යාදී වශයෙන් නුවණින් මෙනෙහි කරන්නේ නම්, කුසල ජවන වීථියද, නිත්‍යාදි වශයෙන් නුනුවණින්මෙනෙහි කරන්නේ නම්, අකුසල ජවන වීථියද උපදින්නේය. එයට අනතුරුව ඒ රූපාදී ආරම්මණයම අතීත වශයෙන් ගෙණ මනොද්වාරික චිත්ත වීථි තුනක් පහළ වෙති. එයින් තුන්වෙනි මනොද්වාරික චිත්ත වීථියේ උපදනා වීථි චිත්තයෝ අරමුණ, අසවල් අරමුණක් යයි හැඳින ගනී. එයට අනතුරුව ඇතිවන සතරවන මනොද් වාරික චිත්තවීථිය, අරමුණෙහි ඇලීම්, පැහැදීම්, කිපීම්, මුළාවීම් වශයෙන් කුසලාකුසල ජවනයන් ඇතිව පහළ වන්නේය. මෙසේ එක් වර්තමාන අරමුණක් හමුවූ කල්හි, පළමුකොට එක් පඤ්චද්වාරික චිත්ත වීථියක්ද, එයට අනතුරුව පිළිවෙලින් මනොද්වා රික චිත්තවීථි සතරක්දැයි චිත්තවීථි පසක්ම පහළවන බවත්, මේ චිත්ත වීථි පසෙන්, සතරවැනිව උපදින මනොද්වාරික චිත්ත වීථියෙන් අරමුණ හැඳිනගෙණ, පස්වැනිව හටගන්නාවූ සිව්වැනි මනොද්වා රික චිත්ත වීථියෙන්, අර්ථසාධක ජවන් පහළවී කුසල් හෝ අකුසල් කර්මපථ වුවත් සිද්ධකර ගත හැකි බවද දත යුතුයි.
මේ චිත්තවීථි පස ඇතිවන පිළිවෙළ මෙසේයි:—
- වර්තමාන අතිමහන්තාරම්මණ රූප අරමුණක් හමුවූ කල්හි පළමුකොට අතිමහන්තාරම්මණ චක්ඛුද්වාරික චිත්ත වීථියක් පහළ වන්නේය. එ මෙසේයි:— ... ති ත ද පං ව සං ණ වො ජ ජ ජ ජ ජ ජ ජ ත ත...
මෙහි පංචද්වාරාවජ්ජනය සිට දෙවෙනි තදාරම්මණය දක්වා ලැබෙන ද්වාරික සිත්, ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණය අරමුණු කරයි.
- දෙවැනිව උපදින, පළමුවන මනොද්වාරික චිත්ත වීථියේ උපදනා වීථි සිත්, එම වර්තමාන අරමුණම අතීත කාලික වශයෙන් ගෙන උපදින්නේය.
...න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත...
- තුන්වැනිව උපදින, දෙවන මනොද්වාරික චිත්ත වීථියෙහි, නීලාදී වශයෙන් සලකන ලද අතීත රූපාරම්මණය ගෙන උපදින වීථි සිත් පහළ වන්නේය.
...න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත...
- සතරවැනිව හටගන්නා තුන්වන මනොද්වාරික චිත්ත වීථියෙහි ස්ත්‍රි පුරුෂ හෝ, වස්තු භාණ්ඩාදී වශයෙන් හෝ, ප්රඥප්තිය අරමුණු කොට උපදින වීථි සිත් පහළ වේ. අරමුණ කුමක් දැයි හැඳිනගන්නේ මේ චිත්ත වීථියෙනි.
...න ද ම ජ ජ ජ ජ ජ ජ ජ ත ත...
- පස්වැනිව හටගන්නා සතරවන මනොද්වාරික චිත්ත වීථිය, රූපාරම්මණ අර්ථ ප්රඥප්තීන්ගෙන් එකක් අරමුණු කොට ගෙන පහළවේ. එහි උපදනා ජවන් සිත්, පැහැදීම්, ඇලීම්, කිපීම්, මුළාවීම් ආදී කෘත්‍යයන්ගෙන් එකක් සිද්ධ කරන්නේය. අර්ථ සාධක වන්නේ මේ පස්වැනි චිත්ත වීථියේ ජවන් පමණය. පළමු වීථි සිත් සතරෙහි උපදනා ජවන් විසි අටම අර්ථසාධක නො වන්නාවූ, ප්රවෘත්ති විපාක මාත්‍රයක්ම ගෙනදෙන්නාවූ කර්ම වන්නාහුය.
මේ රූපාරම්මණයට කියන ලද පරිද්දෙන්ම ඉතිරි වර්තමාන ශබ්දාදී අරමුණු ගෙන උපදනා චිත්ත වීථිහු දත යුතුයි.