අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සප්තරසායුෂ්ක අවිභූතාරම්මණ වීථි දෙක

6. අවිභූතාරම්මණයෙක් හෙවත් අප්‍රකට අරමුණක් හමුවූ කල්හි භවඞ්ග සිත් සයක් හෝ සතක් ගත වන්නේය. අතීත භවඞ්ග සිත් සයක් ගතවී භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනොද්වාරාවජ්ජනය, ජවන් සතය යන සිත් සොළොස ඉපිද නිරුද්ධ වූ පසු ඉතිරි චිත්තක්ෂණයේදී තදාරම්මණ සිත් දෙකක් ඉපදීමට අවකාශ නැති හෙයින් ඒ චිත්තක්ෂණය භවඞ්ග සිතකින්ම පිරෙන්නේය. මෙය පළමුවෙනි අවිභූතාරම්මණ කාම ජවන වීථිය වේ.

7. දෙවෙනි අවිභූතාරම්මණ කාමජවන වීථියෙහි, අතීත භවඞ්ග සතක් ගතවී, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනොද්වාරාවජ්ජනය සහ ජවන් සත යන සතළොස් චිත්තයන් ඉපිද නිරුද්ධ වූ පසු එයින්ම චිත්තවීථිය අවසන් වේ.