අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අභිඥා වීථි

රූපාවචර අරූපාවචර ධ්‍යානයන් උපදවා ගත් පුද්ගලයා විසින් ඒ ඒ ධ්‍යානයන් පඤ්චවසිතාවෙන් පුරුදු කොට, එක් ධ්‍යානයකින් අනික් ධ්‍යානයකටද, යනාදී පිළිවෙලින් අනුලොම පටිලොම වශයෙන් ධ්‍යාන උපදවාගෙන ඒ හේතුවෙන් ලබාගත් අෂ්ට සමා පත්ති ඇත්තේ, අභිඥා උපදවා ගැනීම පිණිස වීර්‍ය්‍ය වඩන්නේය.

අභිඥාවෝ සත්වැදෑරුම් වේ. එනම්:

  1. දිබ්බ චක්ඛු අභිඥා
  2. දිබ්බ සොත අභිඥා
  3. ඉද්ධිවිධ අභිඥා
  4. පරචිත්ත විජානන අභිඥා
  5. පුබ්බේ නිවාසානුස්සති අභිඥා
  6. යථාකම්මූපග අභිඥා
  7. අනාගතංස අභිඥා

මේ අභිඥාවන් උපදවනු කැමැති පුද්ගලයා විසින් සතර භූත කසිණ හා සතර වර්ණ කසිණයන්ද අරමුණු කොට, වෙන් වෙන් වශයෙන් සියලුම ධ්‍යාන උපදවා ගැනීම පුරුදු කළ යුතු වේ.