මහග්ගත සිත්හි චෛතසිකයන්ගේ සංග්‍රහ නය
මහග්ගත සිත් සත්විස්සකි. (27). එනම්, රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත් තුනය, දුතියධ්‍යාන සිත් තුනය, තතිය ධ්‍යාන සිත් තුනය, චතුර්ථධ්යාන සිත් තුනය, පඤ්චමධ්‍යාන සිත් තුනය, අරූපාවචර සිත් පඤ්චමධ්‍යාන දොළොසය. මහග්ගත ධ්‍යාන වඩන්නාවූ පුද්ගලයෝ සමාධිය ලැබීම පිණිසම වීර්‍ය්‍ය කරන්නෝය. මේ සමාධිය, භාවනාමය කුසල කර්මයාගේ ප්‍රතිඵලයෙකි. එබැවින් ශීලමය පුණ්‍ය කර්මයන් කිරීමේ දී ඇතිවන විරති චෛතසිකයෝ ධ්‍යාන සිත්හි නොලැබේ. අප්‍රමාණ වූ සුඛිත දුක්ඛිත සත්ත්ව ප්රඥප්තිය අරමුණු කරමින් ඇතැම් ධ්‍යාන උපදවාගත හැකි බැවින්, එසේ වඩනා කල්හි අප්‍රමාණ්‍ය ධර්ම වූ කරුණා, මුදිතා යන චෛතසික දෙක ද ලැබේ.