පඤ්චමජ්ඣාන ලොකොත්තර සිත් අට (5)
සතරවැනි ධ්‍යාන සිතෙහි සුඛය වෙනුවට උපෙක්ඛාව යෙදෙන බැවින් පඤ්චමධ්‍යාන සිතෙහි ලැබෙන්නේත් සතර වෙනි ධ්‍යාන සිතෙහි මෙන් චෛතසිකයෝ තිස්තුනෙකි (33). ඉතිරි චෛතසික දහනවය නො ලැබේ.
ලොකෝත්තර සිත්හි සංග්‍රහ නය පස මෙසේ දත යුතුයි.
| නය | සිත් | යෙදෙන චෛතසික | නොයෙදෙන චෛතසික |
|---|---|---|---|
| 1 | ප්‍රථමධ්‍යාන ලොකොත්තර 8 | අන්‍යසමාන 13, අප්පමඤ්ඤා 2 හැර ඉතිරි සොභන 23 = 36 | අකුසල් 14, අප්පමඤ්ඤා 2 = 16 |
| 2 | දුතියධ්‍යාන ලොකොත්තර 8 | ඉහත 36 න් විතක්කය හැර ඉතිරි 35 | ඉහත 16, විතක්කය 1 = 17 |
| 3 | තතියධ්‍යාන ලොකොත්තර 8 | ඉහත 35 න් විචාරය හැර ඉතිරි 34 | ඉහත 17, විචාරය 1 = 18 |
| 4 | චතුත්ථධ්‍යාන ලොකොත්තර 8 | ඉහත 34 න් පීති හැර ඉතිරි 33 | ඉහත 18, පීතිය 1 = 19 |
| 5 | පඤ්චමධ්‍යාන ලොකොත්තර 8 | ඉහත 33 න් සුඛය හැර ඉතිරි 32, උපෙක්ඛාව 1 = 33 | ඉහත 19 |