අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඤ්චාභිඥා

සමාධි භාවනාවෙහි යට දක්වන ලද අනුසස් අතුරෙන් අභිඥා සම්පාදනය ද එක් ආනිසංසයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් “සමාධි භාවනාව ලෞකික අභිඥා ආනිසංස කොට ඇත්තීය”යි වදාරණ ලද්දේ ඒ අභිඥා සම්පාදනයට චතුර්‍ත්‍ථධ්‍යාන ලාභියා උත්සාහවත් කරවනු පිණිස ය. ඒ පඤ්චාභිඥාවන් සම්පාදනය කරගත් යෝගාවචර තෙම, ඒ සමාධි භාවනාවෙන් ලබන ලද අනුසස් ඇත්තී, මනාසේ තහවුරු වූවා ද වෙයි. එසේ වූ හෙතෙම සුවසේ ප්‍රඥා භාවනාව සිද්ධ කරගන්නේ ය. එහෙයින් දැන් අභිඥාවන් විස්තර කරණු ලැබේ.

පඤ්චවිධ ලෞකික අභිඥාවෝ නම්:-

  1. සෘධිවිධ ඥානය
  2. දිව්‍යශ්‍රොත ඥානය
  3. පරචිත්ත විජානන ඥානය
  4. පූර්‍වෙනිවාසානුස්සති ඥානය
  5. සත්‍වයන්ගේ චුතුපපාත ඥානය යන ඥාන පස වේ.