සාමණේර පඤ්හො
සාමණේර ප්‍රශ්න · Samanera Prashna · Sāmaṇera Pañho
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
1:53
සාමණේර පඤ්හො – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
එක නාම කිං?(මේ සසුනෙහි) එක නම් කිම?
සබ්බේ සත්තාහැම සත්හු
ආහාරට්ඨිතිකාආහාර හේතුවෙන් සිටිති
ද්වෙ නාම කිං?දෙක නම් කිම?
නාමඤ්ච රූපඤ්චනාමය හා රූපයයි
තීණි නාම කිම?තුන නම් කිම?
තිස්සෝ වෙදනා(සුඛ, දුඃඛ, උපේක්ෂා යන) තුන් වේදනාවෝ ය.
චත්තාරි නාම කිං?සතර නම් කිම?
චත්තාරි අරිය සච්චානි(දුඃඛ, සමුදය, නිරෝධ, මාර්ග යන) සතර ආර්ය සත්‍යයෝ ය.
පඤ්ච නාම කිං?පස නම් කිම?
පඤ්චුපාදානක්ඛන්ධා(රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන) පස් උපාදානස්කන්ධයෝ ය.
ඡනාම කිං?සය නම් කිම?
ඡඅඡ්ඣත්තිකානි ආයතනානි(චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන යන) ආධ්‍යාත්මික ආයතනයෝ සය ය.
සත්ත නාම කිං?සත නම් කිම?
සත්‌ත බොජ්‌ඣඞ්‌ගා(සති, ධම්මවිචය, පීති, විරිය, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන) බොජ්ඣඞ්ග සත ය.
අට්ඨ නාම කිං?අට නම් කිම?
අරියො අට්ඞ්ගිකො මග්ගො(සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන) අරි අටඟි මග ය.
නව නාම කිං?නවය නම් කිම?
නව සත්‌තාවාසා(නානත්තකාය නානත්තසඤ්ඤි ය, නානත්තකාය එකත්තසඤ්ඤි ය, එකත්තකාය නානත්තසඤ්ඤි ය, එකත්තකාය එකත්තසඤ්ඤි ය, අසඤ්ඤි ය, ආකාසානඤ්චායතනූපග ය, විඤ්ඤාණඤ්චායතනූපග ය, ආකිඤ්චඤ්ඤායතනූපග ය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපග ය යන) සත්තාවාස නවය ය.
දස නාම කිං?දස නම් කිම?
දසහඞ්ගෙහි(අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා ය, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසති ය, අසේඛ සම්මාසමාධි ය, අසේඛ සම්මාඤාණ ය, අසේඛ සම්මාවිමුත්ති ය යන) දසඟින්
සමන්නාගතොයුක්ත වූයේ
අරහාතිඅරහත්ය යි
වුච්චතීතිකියනු ලැබේ.
https://pitaka.lk/pirith/pages/04-samanera-panha.html