2. 4. 4.
මාධුර සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් වහන්සේ මධුරා නගරය සමීපයෙහිවූ ගුන්ද වනයෙහි වැඩ වාසය කරයි. ශ්රමණ භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ මධුරා නුවර සමීපයෙහිවූ ගුන්ද වනයෙහි වැඩ වාසය කරතියි මධුරාවෙහි රජවූ අවන්ති පුත්රතෙමේ ඇසී. “ඒ පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ පිළිබඳව පණ්ඩිතයෙක, දක්ෂයෙක නුවණ ඇත්තෙක, බොහෝ ඇසූ පිරූතැන් ඇත්තෙක, විසිතුරු කථා ඇත්තෙක, යහපත් වැටහීම් ඇත්තෙක, වයසින් වැඩි සිටි රහත් කෙනැකැයි’ මෙසේ උස්ව නැගුණ යහපත් කීර්ති ශබ්දයෙක් ඇත්තේ වෙයි. එබඳුවූ රහතන්ගේ පැතීම යහපත්යයි සිතීය. ඉක්බිති මධුරාවෙහි රජවූ අවන්ති පුත්ර තෙමේ හොඳ හොඳ යානාවන් යොදවා හොඳ යානාවකට නැග හොඳ හොඳ යානාවන් පිරිවරා මහත් රාජානුභාවයෙන් යුක්තව ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් දකිනු පිණිස මධුරා නගරයෙන් පිටත්ව ගියහ. යානාවෙන් යාමට සුදුසු තැන් දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එතනට පයින්ම පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකළ යුතු කතාව කොට අවසන් කොට එක්පසෙක්හි හුන්නේය. එක්පසෙක හිඳගත් මධුරාවෙහි රජවූ අවන්ති පුත්රතෙමේ ආයුෂ්මත් මහා කාත්යායණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය. “භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, බ්රාහ්මණයෝ මෙසේ කියන්නාහු වෙති. (එනම්) ‘බ්රාහ්මණයෝ උසස් ජාතිය වෙත්. අනංගයා පහත් ජාතිය වෙත්. බ්රාහ්මණයෝම පිරිසිදු ජාතිය වේ. අනංගයා අපිරිසිදු ජාතිය වේ. බ්රාහ්මණයෝම පිරිසිදු වෙත්. බ්රාහ්මණ නොවන්නෝ පිරිසිදු නොවෙත්. බ්රාහ්මණයෝම බ්රහ්මයාගේ ලයෙහි හැදුනාවූ මුඛයෙන් උපන් බ්රහ්මයාගෙන් හටගත්. බ්රාහ්මයා විසින් මවනලද බ්රහ්මයා දායාද කොට ඇත්තෝ වෙත්.’ (කියාය) මේ ගැන පින්වත් කාත්යායණ ස්ථවිරයන් වහන්සේ කුමක් කියන්නේද ඇසීය. “මහරජ, බ්රාහ්මණයෝම උතුම් ජාතියවේ. අන්යයෝ පහත් ජාතීහුය. බ්රාහ්මණයෝම පිරිසිදු ජාතිය වේ. අනික් ජාති අපිරිසිදුය. බ්රාහ්මණයෝම පිරිසිදු වෙත්. බ්රාහ්මණ නොවන්නාහු පිරිසිදු නොවෙත්. බ්රාහ්මණයෝම බ්රාහ්මණයාගේ ලයෙහි සැදුනු පුත්රයෝය. මුඛයෙන් උපන්නෝය. බ්රහ්මයාගෙන් හටගත්තෝය. බ්රහ්මයා විසින් මවන ලද්දෝය. බ්රහ්මයා දායාද කොට ඇත්තෝය. යනු ලෝකයෙහි පවත්නා ව්යවහාර මාත්රයෙක්මය. “මහරජ! ලෝකයෙහි බ්රාහ්මණයෝම උතුම් ජාතිය වේ. අනික් ජාතීහු පහත්ය. පිරිසිදු කුලය බ්රාහ්මණයෝමය. අන්ය කුල කෘෂ්ණය. බ්රාහ්මණයෝම සුද්ධියට පැමිණෙති. බ්රාහ්මණ නොවන්නාහු නොපැමිණෙති. බ්රාහ්මණයෝම බ්රහ්මයාගේ පුත්රයෝය. උරෙහි හටගත්තෝය. මුඛයෙහි උපන්නෝය. බ්රහ්මයාගෙන් හටගත්තෝය. බ්රහ්මයා විසින් මවන ලද්දෝය. බ්රහ්මයා දායාද කොට ඇත්තෝය. යන මේ ව්යවහාර මාත්රයක්ය යනු මේ ආකාරයෙන් දතයුතු.
“මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද? ක්ෂත්රියෙක හෝ ධනයෙන්ද, ධාන්ය හෝ රිදීයෙන්ද, රත්රනින්ද, සමෘද්ධ වන්නේ නම් ඔහුට ක්ෂත්රියාද පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන්නාවූ සේවකයෙක් වන්නේද? බ්රාහ්මණයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේද? වෛශ්ය තෙමේ පවා මේ ධණවත් ක්ෂත්රියාහටපෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්රියවචන කියන්නෙක් වන්නේද ශුද්රයාද ඔහුට සිත් සේ හැසිරෙන ප්රිය වචන කියන්නාවූ සේවකයෙක් වන්නේද?
“භවත් කාත්යායණයන් වහන්ස, ඉදින් ක්ෂත්රියයෙක් ධනයෙන්ද, ධාන්යයෙන්ද, රිදීයෙන්ද, රත්රනින්ද සම්පූර්ණ වන්නේනම් ක්ෂත්රියයා ඔහුට පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සේවකයෙක් වන්නේය. බ්රාහ්මණයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන, ප්රිය වචන කියන්නෙක් වන්නේය. වෛශ්ය තෙමේද මේ ක්ෂත්රියයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේය. වෛශ්යයාද පළමු නින්දෙන් නැගිටින පසු නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන්නාවූ සේවකයෙක් වන්නේය. “ශුද්රයා ඔහුට පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සේවකයෙක් වන්නේය.”
“මහරජ! කුමක් හඟනෙහිද? ඉදින් බ්රාහ්මණයෙක් ධනයෙන්ද, ධාන්යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද සමෘද්ධ වන්නේ නම් ඔහුට බ්රාහ්මණයාද පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සේවකයෙක් වන්නේද? වෛශ්යාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන, ප්රියවචන කියන්නෙක් වන්නේය. ශුද්ර තෙමේද මේ ධනවත් බ්රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේද ශුද්රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේය. ශුද්ර තෙමේද මේ ධනවත් බ්රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රියයාද ඔහුට පළමු නින්දෙන් නැගිටින පසු නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සේවකයෙක් වන්නේදැයි” (ඇසී)
“භවත් කාත්යායණ ස්ථවිරයන් වහන්ස, බ්රාහ්මණයෙක්ද ධනයෙක්ද, ධාන්යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද ඉසුරුමත් වන්නේ නම් බ්රාහ්මණයාද ඔහුට පලමු නින්දෙන් නැගී සිටින පසු නින්දට යන කීකරු සිත්සේ හැසිරෙණ ප්රිය වචන කියන සේවකයෙක් වන්නේය. වෛශ්යයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේද ශුද්ර තෙමේද මේ ධනවත් බ්රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන, සිත්පරිදි හැසිරෙන ප්රියවචන කියන්නෙක් වන්නේද? ශුද්රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේය. ශුද්ර තෙමේද මේ ධනවත් බ්රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රිය, ඔහුට නින්දෙන් නැගී සිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙණ ප්රිය වචන කියන සේවකයෙක් වන්නේයයි” (කීය.)
“මහරජ, ඒ කුමක් සිතන්නෙහිද? වෛශ්යයෙක් ධනයෙන්ද, ධාන්යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද සම්පූර්ණ වන්නේ නම් වෛශ්යයාද ඔහුට පලමු නින්දෙන් නැගිටින පසුව නිදන කීකරු සිත්සේ හැසිරෙණ ප්රිය වචන කියන සේවකයෙක් වේද? ශුද්රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන, ප්රිය වචන කියන්නෙක් වන්නේද? ක්ෂත්රිය තෙමේද මේ ධනවත් බ්රාහ්ණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේද? බ්රාහ්මණයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන, ප්රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රිය තෙමේද මේ ධනවත් බ්රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන, සිත් පරිදි හැසිරෙන ප්රියවචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රියාද ඔහුට පලමු නින්දෙන් නැගී සිටින පසු නිදන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සේවකයෙක් වන්නේදැයි” (ඇසී)
“ඉදින් පින්වත් කාත්යායණයන් වහන්ස, වෛශ්යයෙක්ද, ධනයෙන්ද, ධාන්යයෙන්ද, රිදියෙන්ද, රනින්ද සම්පූර්ණ වන්නේ නම් වෛශ්යයා ඔහුට පලමුව නින්දෙන් නැගී සිටින පසුව නිදන කීකරු සිත්සේ හැසිරෙණ ප්රිය වචන කියන සේවකයෙක් වන්නේය. ශුද්රයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන සිත් පරිදි හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේය. ක්ෂත්රිය තෙමේද මේ ධනවත් බ්රාහ්මණයාහට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයා බලා කටයුතු කරන ප්රිය වචන කියන්නෙක් වන්නේය. බ්රාහ්මණයාද ඔහුට පලමුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙණ ප්රිය වචන කියන සේවකයෙක් වන්නේය.
“මහරජ, ඒ කුමක් සිතන්නෙහිද? ශුද්රයෙක්ද, ධනයෙන්ද, ධාන්යයෙන්ද, රිදියෙන්ද, රත්රනින්ද සම්පූර්ණ වන්නේ නම් ශුද්රයාද ඔහුට පළමු නින්දෙන් නැගිටින පසුව නින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සේවකයෙක් වන්නේද? ක්ෂත්රියයාද ඔහුට පෙරටුව නින්දෙන් නැගිටින, පසුව නින්දට යන, සොයාබලා කටයුතු කරන සිත් ගෙන හැසිරෙන, ප්රිය වචන කියන්නෙක් වන්නේද, බ්රාහ්මණ තෙමේද මේ ධනවත් ශුද්රයාහට පෙරටුව නින්දෙන් නැගිටින පසුව නින්දට යන සොයා බලා කටයුතු කරන සිත් ගෙන හැසිරෙන ප්රිය වචන කියන්නෙක් වන්නේද, වෛශ්යයාද ඔහුට පලමු නැගී සිටින පසුනින්දට යන කීකරු සිත්සේ හැසිරෙන ප්රිය වචන කියන සෙවකයෙක් වන්නේද?”