පූර්‍ව ක්‍රියා

32. කත්‍වා (=කොට), ගන්ත්‍වා (=ගොස්) ආදිය අවසාන ක්‍රියාවට මුලින් සිටින බැවින් පූර්‍ව ක්‍රියා නම් වේ. මින් ඉහත දැක්වූ අවසාන ක්‍රියාවක් නැතිව පූර්‍ව ක්‍රියාවකින් පමණක් වාක්‍යයක් සම්පූර්‍ණ කළහැකි නොවේ. කත්‍වා යනාදියට “පූර්‍ව ක්‍රියා” යන නම් ඇතත් ඔවුහු ක්‍රියා පදයන්හි නොව නිපාතයන්හි ගණිනු ලැබෙත්.

පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

ගන්ත්‍වා

ගොස්

ආගන්ත්‍වා

අවුත්

ධාවිත්‍වා

දුව, දුවලා

නහාත්‍වා

නා, නාලා

පචිත්‍වා

පිස

ඨත්‍වා

සිට

සයිත්‍වා

නිදා

නිසීදිත්‍වා

හිඳ

භුඤ්ජිත්‍වා

අනුභව කොට

උට්ඨහිත්‍වා

නැගිට

ඛාදිත්‍වා

කා, කාලා

ලභිත්‍වා

ලබා

ත්‍වා - යන්නෙන් අන්තිමවන සියලු පූර්‍ව ක්‍රියාවන්ට පචිත්‍වාන, සයිත්‍වාන ආදි වශයෙන් ත්‍වාන - යන්නෙන් යුක්තව සෑදෙන රූප ද ඇති බව සැලකිය යුතු.



පාලි වචනය

සිංහල තේරුම

පාලි වචනය

සිංහල තේරුම

ආගම්ම

අවුත්

නික්ඛම්ම

නික්ම

ඔරුය්හ

බැස

ලද්ධාන

ලැබ

ආරුය්හ

නැගී

කාතුන

කොට

ආදාය

ගෙන

ලද්ධා

ලැබ

යනාදීහු සාමාන්‍ය ලක්‍ෂණයට වෙනස්ව සෑදෙති.

අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 14.
keyboard_arrow_rightඅභ්‍යාසය 15.
keyboard_arrow_rightඅභ්‍යාසය 16.
keyboard_arrow_rightඅභ්‍යාසය 17.