අභ්‍යාසය 17.

සිංහලට නැගියයුතු:

  1. මයං ගාවියා ඛීරං, ඛීරම්හා දධිං, දධිම්හා සප්පිං ච ලභාම.
  2. මාතා ධීතුයා අක්ඛීසු අස්සූනි දිස්වා තස්සා (=ඇගේ) වදනං වාරිනා ධොවි.
  3. කස්මා ත්‍වං අජ්ජ වාපිං ගන්ත්‍වා පුන නදිං ගන්තුං ඉච්ඡසි?
  4. කථං තව භාතරො නදියා පදුමානි ඔචිනිත්‍වා ආහරිස්සන්ති?
  5. අද්ධා තෙ ධනූනි ආදාය වනං පවිසිත්‍වා මිගෙ මාරෙත්‍වා ආනෙස්සන්ති.
  6. අම්හාකං පිතරො තදා වනම්හා මධුං ආහරිත්‍වා දධිනා සහ භුඤ්ජිංසු.
  7. මයං සුවෙ තුම්හෙහි[1] විනා අරඤ්ඤං ගන්ත්‍වා දාරූනි භඤ්ජිස්සාම.
  8. කුමාරා සීඝං ධාවිත්‍වා වාපියං කීළිත්‍වා සනිකං ගෙහානි අගමිංසු.
  9. තුම්හෙ ඛීරං පිවිතුං ඉච්ඡථ? අථ වා දධිං භුඤ්ජිතුං.
  10. යාව මය්හං පිතා නහායිස්සති තාව අහං ඉධ තිට්ඨාමි.
  11. යථා භූපති ආණාපෙති, තථා ත්‍වං කරොහි.
  12. ආම, අහං භූපතිනො වචනං අතික්කමිතුං[2] න සක්කොමි.

 

පාලියට නැගියයුතු:

  1. උඹලා කිරි බොන්ට කැමැත්තාහුද? නොහොත් මිදුණු කිරි කන්ට කැමැත්තාහු ද?
  2. මම පළමුකොට කැඳ බී මී පැණි සමග දීකිරි කන්නෙමි.
  3. කඩයට ගොස් වහා ගිතෙල් ගෙනෙව.
  4. මූදේ නා ඇවිත් දැන් නැවත එහි කුමට යන්නෙහි ද?
  5. අපේ පියවරු කෙසේ වනයෙන් මී පැණි එකතු කළාහුදැයි[3] තෝ දන්නෙහි ද?
  6. ඔබ ගඟෙන් එතෙර ගොස් එනතුරු මම ගං ඉවුරෙහි සිටින්නෙමි.
  7. මාගේ නැන්දම්මා පිරිස නැතිව නුවරට ගොස් සහෝදරියක සමග ආවාය.
  8. සිටුතෙම රජුගේ පා ළඟ[4] වැටී රජුට[5] වැන්දේය.
  9. ඔබගේ අශ්වයා ඉක්මනට දුවන්ට සමර්‍ථ ද?
  10. ඔව්, ඌ ඒකාන්තයෙන් ඉක්මනින් දුවන්නේය.
  11. ගමේ මිනිස්සු දුනු ගෙන වනයට ගොස් ඇතකු මරා උගේ දළ කැපූහ.
  12. ඔබගේ පියා කුමක් හෙයින් වැලිමත්තෙහි හෙමින් ඇවිදින්නේ ද?
  1. විනා නිපාතය හා තතියාව යෙදෙන බව සැලකිය යුතු.

  2. ඉක්මවන්ට

  3. යි - යන්ට පාලියෙන් ඉති ශබ්දය යොදනු.

  4. සත්තමී බහු වචනය යෙදිය යුතු.

  5. කර්ම විභක්තිය යෙදිය යුතු.