සිංහලට නැගියයුතු:
- බ්‍රාහ්මණී කුමාරියා සද්ධිං පාතො නදියං නහාත්‍වා ගෙහං අගමි.
 - නාරියො ඔදනං පචිත්‍වා භුඤ්ජිත්‍වා කුක්කුටීනම්පි අදංසු.
 - සුවෙ දෙවියා කුමාරියො සඛීහි සහ වාපිං ගන්ත්‍වා නහායිස්සන්ති.
 - රාජිනී පරිසාය සහ දීපා නික්ඛම්ම නාවාය ගමිස්සති.
 - වානරී ඉත්‍ථියො පස්සිත්‍වා තරුං ආරුය්හ නිසීදි.
 - තරුණියො හත්‍ථෙහි තරූනං සාඛා ආදාය ඡින්‍දිංසු.
 - තුම්හෙ පුන වාපිං තරිත්‍වා[1] අටවිං පවිසථ.
 - දීපයො අටවීසු ඨත්‍වා මිගී මාරෙත්‍වා ඛාදන්ති.
 - යුවතීනං පිතරො සායං අටවියා ආගම්ම භුඤ්ජිත්‍වා සයිස්සන්ති.
 - හත්‍ථිනී පොක්ඛරණිං ඔරුය්හ නහාත්‍වා කදලියො ඛාදිස්සති.
 - සීහී අජං මාරෙත්‍වා සුසූනං දස්සති.
 - මම මාතුලානී පුත්තස්ස දුන්‍දුභිං ආනෙස්සති.
 - සකුණියො මහියං චරිත්‍වා සුසූනං ආහාරං පරියෙසන්ති. (=සොයත්)
 - කාකී තරුනො සාඛාසු නිසීදිත්‍වා වීහිං භුඤ්ජිංසු.
 - ගාවියො භූමියං සයිත්‍වා ගාමෙ චරිත්‍වා අටවිං ගච්ඡිංසු.
 
පාලියට නැගියයුතු:
- සිංහ දෙන ඊයේ මුවදෙනක මරා කෑවාය.
 - බැමිණිය ගඟෙන් එතෙරව[2] කැලයෙන් කිඳුරියක ගෙනාවාය.
 - ඉක්බිති තරුණියගේ සොහොයුරා ගඟෙහි නා ගෙට ගොස් අනුභව කෙළේය.
 - වැඳිරිය ගසට නැග අතේ ඇඟිලිවලින් අත්තක් ඇල්ලුවාය.[9]
 - තරුණියෝ වැවට ගොස් නා ක්‍රීඩාකොට වහා ගමට ආහ.
 - තෙපි ඔරුවලින් ගඟෙන් එතෙරව ගම්වලින් කිකිළියන් ගෙනෙවු.
 - තරුණිය පියාට බත් පිස යෙහෙළියන් සමග එහි වැවට ගියාය.
 - අපේ සොහොයුරෝ අද උදේ වනයට ගොස් මුවදෙනක මැරූහ.
 - අපි වැවෙහි නා ගමට ගොස් පිස අනුභව කොට නිදන්නෙමු.
 - මාගේ සොහොයුරියෝ එතැනින් ඔරුවක නැග ගඟේ ගියහ.
 - කුමරියෝ වහා මල්මාලාවක් ගෙනවුත් දේවියගේ බෙල්ලෙහි තැබූහ.
 - සිටුහුගේ දෙන්නු ද ගොන්නු ද හවස වනයෙන් නික්ම වැවෙහි (පැන්) බී ගමට ඇතුළු වූහ.
 - දේවිය පිරිස සමග රජුගේ පොකුණට ගොස් නෑවාය.
 - ස්ත්‍රියකගේ සොහොයුරිය බෙරයක් මිළට ගෙන යෙහෙළියකට දුන්නාය.
 - සිංහයෝ ඇතුන් ද ඇතින්නන් ද මරා කා වනයන්හි වාසය කරත්.
 
        33. උකාරාන්ත ඉත්‍ථිලිංග මාතු - ශබ්දය 
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           මාතා (=මවුතොමෝ)  | 
        
           මාතරො (=මවුවරු)  | 
      
| 
           දුතියා  | 
        
           මාතරං (=මව)  | 
        
           මාතරෙ, මාතරො (=මවුන්)  | 
      
| 
           තතියා: කරණ: පඤ්චමී  | 
        
           මාතරා, මාතුයා  | 
        
           මාතරෙභි, මාතරෙහි, මාතූභි, මාතූහි  | 
      
| 
           චතුත්ථි: ඡට්ඨි  | 
        
           මාතුයා, මාතු  | 
        
           මාතරානං, මාතානං, මාතූනං  | 
      
| 
           සත්තමී  | 
        
           මාතරි  | 
        
           මාතරෙසු, මාතූසු  | 
      
| 
           ආලපන  | 
        
           (හෙ) මාත, මාතා  | 
        
           (හෙ) මාතරො  | 
      
ධීතු (=දූ), දුහිතු (=දූ) ශබ්දයෝ මාතු ශබ්දයට සමානවෙති.
        
        34. ධෙනු ශබ්දාදිය මීට
    වෙනස්ව වරනැගේ. 
| 
           විභක්තිය  | 
        
           එකවචන  | 
        
           බහුවචන  | 
      
| 
           පඨමා  | 
        
           ධෙනු (=දෙන් තොමෝ)  | 
        
           ධෙනූ, ධෙනුයො (=දෙන්නු)  | 
      
| 
           දුතියා  | 
        
           ධෙනුං (දෙන)  | 
        
           ධෙනූ, ධෙනුයො (=දෙනුන්)  | 
      
| 
           තතියා: කරණ: පඤ්චමී  | 
        
           ධෙනුයා  | 
        
           ධෙනූභි, ධෙනූහි  | 
      
| 
           චතුත්ථි: ඡට්ඨි  | 
        
           ධෙනුයා  | 
        
           ධෙනූනං  | 
      
| 
           සත්තමී  | 
        
           ධෙනුයං, ධෙනුයා  | 
        
           ධෙනූසු  | 
      
| 
           ආලපන  | 
        
           (හෙ) ධෙනු  | 
        
           (හෙ) ධෙනූ, ධෙනුයො  | 
      
| 
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
        
           පාලි වචනය  | 
        
           සිංහල තේරුම  | 
      |
| 
           යාගු  | 
        
           කැඳ  | 
        
           රජ්ජු  | 
        
           රෑණ  | 
      |
| 
           කණෙරු  | 
        
           ඇතින්න  | 
        
           කාසු  | 
        
           වළ  | 
      |
| 
           දද්දු  | 
        
           දදය  | 
        
           සස්සු  | 
        
           නැන්දම්මා  | 
      |
| 
           කණ්ඩු  | 
        
           කැසීම  | 
        
           විජ්ජු  | 
        
           විදුලිය  | 
      |
| 
           ධාතු  | 
        
           ධාතුව  | 
        
           
  | 
        
           
  | 
      
මේ ආදීහු ධෙනු - ශබ්දය මෙන් වරනැගෙත්.