19. පච - ධාතුව අනාගත කාලයෙහි මෙසේ වරනැගේ:-
| පුරුෂය | එක වචන | බහු වචන |
| 3rd පඨම පුරිස | පචිස්සති (=පිසන්නේය) |
පචිස්සන්ති (=පිසන්නාහ) |
| 2nd මජ්ඣිම පුරිස | පචිස්සසි (=පිසන්නෙහි) |
පචිස්සථ (=පිසන්නෙව්, පිසන්නහු) |
| 1st උත්තම පුරිස | පචිස්සාමි (=පිසන්නෙමි) |
පචිස්සාම (=පිසන්නෙමු) |
වර්‍තමාන ක්‍රියාවන්ගේ මැදට ‘ඉස්ස’ යන කොටස එක්වීමෙන් මේ අනාගත ක්‍රියා සෑදී තිබෙත්යයි සිතාගත්විට ඉගෙනීම පහසු වේ.
වර්‍තමානයෙහි දැක්වූ සියලු ක්‍රියා මෙහි යෙදෙති:
| පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
| ගච්ඡිස්සති | යන්නේය | පස්සිස්සති | බලන්නේය | |
| ගමිස්සති | යන්නේය | ජානිස්සති | දැනගන්නේය | |
| භවිස්සති | වන්නේය | දදිස්සති දස්සති |
දෙන්නේය | |
| වසිස්සති | වසන්නේය | භායිස්සති | භයවන්නේය | |
| කරිස්සති | කරන්නේය | ලභිස්සති | ලබන්නේය | |
| ජීවිස්සති | ජීවත්වන්නේය |
යනාදියයි.
20. ඊකාරාන්ත පුල්ලිංගික ශබ්දයෝ මෙසේ වරනැගෙත්.
පක්ඛී ශබ්දය
| විභත්ති | එක වචන | බහු වචන |
| 01. පඨමා | පක්ඛී (=පක්ෂිතෙම) |
පක්ඛී, පක්ඛිනො (පක්ෂීහු) |
| 02. දුතියා | පක්ඛිනං, පක්ඛිං (=පක්ෂියා) |
පක්ඛී: පක්ඛිනො (පක්ෂීන්) |
| 03. තතියා | පක්ඛිනා (=පක්ෂියා විසින්) |
පක්ඛීභි, පක්ඛීහි (=පක්ෂීන් විසින්) |
| 04. චතුත්ථි | පක්ඛිනො, පක්ඛිස්ස (=පක්ෂියාට) |
පක්ඛීනං (=පක්ෂීන්ට) |
| 05. පඤ්චමී | පක්ඛිනා, පක්ඛිම්හා, පක්ඛිස්මා (=පක්ෂියා කෙරෙන්) |
පක්ඛීභි, පක්ඛීහි (=පක්ෂීන් කෙරෙන්) |
| 06. ඡට්ඨී | පක්ඛිනො, පක්ඛිස්ස (=පක්ෂියාගේ) |
පක්ඛීනං (=පක්ෂීන්ගේ) |
| 07. සත්තමී | පක්ඛිනි, පක්ඛිම්හි, පක්ඛිස්මිං (=පක්ෂියා කෙරෙහි) |
පක්ඛීසු (=පක්ෂීන් කෙරෙහි) |
| 08. කරණ | පක්ඛිනා (=පක්ෂියා කරණකොට) |
පක්ඛීභි, පක්ඛීහි (=පක්ෂීන් කරණකොට) |
| 09. ආලපන | (හෙ) පක්ඛි (=එම්බා පක්ෂියා) |
(හෙ) පක්ඛී, පක්ඛිනො (=පක්ෂීන්, පක්ෂීනි) |
මීට සමාන ශබ්දවලින් සමහරක්:-
| පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
| හත්‍ථී | ඇතා | දන්තී | ඇතා; දත් ඇත්තා | |
| සාමී | ස්වාමියා; අයිතිකාරයා | මන්තී | මන්ත්‍රීවරයා | |
| සසී | චන්ද්‍රයා | ඡත්තී | කුඩ ඇත්තා | |
| කරී | ඇතා | පාපකාරී | පව්කරන්නා | |
| බලී | බලවතා | දීඝජිවී | දීර්ඝකාලයක් ජීවත්වන්නා | |
| ගණී | සමූහ ඇත්තා | මාලී | මාලා ඇත්තා | |
| ධම්මවාදී | ධර්මය කියන්නා | සුඛී | සුවපත්; සැප ඇත්තා | |
| සීඝයායී | ඉක්මනින් යන්නා | දාඨී | සර්පයා; දළ ඇත්තා | |
| සෙට්ඨී | සිටුතෙම | සිඛී | මොනරා; ගින්න | |
| සාරථී | රථාචාර්‍ය්‍යයා (මෙය ඉකාරාන්තවත් ඊකාරාන්තවත් පෙනේ) | භොගී | සර්පයා; සම්පත් ඇත්තා | |
| කුට්ඨී | කුෂ්ට ඇත්තා | දණ්ඩී | දඬු ඇත්තා |
අනු මාතෘකා
keyboard_arrow_rightඅභ්‍යාසය 10.star_outlineshare
keyboard_arrow_rightඅභ්‍යාසය 11.star_outlineshare
keyboard_arrow_rightඅභ්‍යාසය 12.star_outlineshare
keyboard_arrow_rightඅභ්‍යාසය 13.star_outlineshare