සංලක්‍ෂ්‍යය:
‘සමග’ යන අර්‍ථ ඇති සහ, සද්ධිං නිපාත දෙක තතියාව සමග යෙදිය යුතුයි. ඒ දෙක බොහෝ සේ ම සම්බන්ධ කරනු ලබන පදයෙන් පසුව යෙදේ: “පුරිසෙන සද්ධිං” ආදී වශයෙනි.
එක් කිරීම් අර්‍ථයෙහි යෙදෙන ද - කාරය වෙනුවෙන් පාලියෙහි ච, අපි යන නිපාත යෙදිය හැක. අපි ශබ්දය බොහෝ විට අකාරය ලොප්වී පි යන්නෙන් පමණක් දක්නා ලැබේ. “නොහොත්” යන්නට “වා” නිපාතය යොදනු.
සිංහලට නැගියයුතු:
- බන්‍ධවො සුසූහි සද්ධිං අම්හාකං ගෙහං ආගමිස්සන්ති.
- සත්තු ඵරසුනා තව තරවො ඡින්දිස්සති.
- ගරු මය්හං සුසූනං උච්ඡවො අදදි.
- භික්ඛවො නත්තාරානං ධම්මං දෙසෙස්සන්ති.
- ත්‍වං බන්ධුනා සින්ධුං ගමිස්සසි.
- අස්සා ච ගොණා ච ගාමෙ චරිස්සන්ති.
- තුම්හෙ පසවො වා පක්ඛී වා මා මාරෙථ.
- මයං නෙතාරෙහි සහ සත්‍ථාරං පූජෙස්සාම.
- භාතා වෙළුනා පක්ඛිං මාරෙස්සති.
- අම්හාකං පිතරො සත්තූනං කෙතවො ආහරිංසු.
- ජෙතා දාතාරං බාහුනා පහරි.
- සත්‍ථා අම්හාකං නෙතා භවි.
- මයං පිතරා සද්ධිං වෙළවො ආහරිස්සාම.
- අහයො ආඛවො භුඤ්ජන්ති.
- මම සත්තවො සෙතුම්හි නිසීදිංසු.
- අම්හාකං භාතරො ච පිතරො ච සින්ධුං ගච්ඡිංසු.
- අහං මම භාතරානං සිඛිනො වික්කිණිස්සාමි.
- සුසවො කටච්ඡුනා ඔදනං ආහරිංසු.
- ගාමං ගන්තා තරූසු කෙතවො පස්සිස්සති.
- සෙතුං කත්තා ගාමම්හා වෙළවො ආහරි.
පාලියට නැගියයුතු:
- මම මාගේ පොරොවෙන් උණගස් කපන්නෙමි.
- ආචාර්‍ය්‍යවරු ජයග්‍රාහකයා බලන්නාහ.
- ඔවුහු ඇතාට උක්ගස් ගෙන ගියහ.
- ධර්‍මය අසන්නෝ භික්ෂූන් වෙත එන්නාහ.
- දිවියෝ ද සිංහයෝ ද ගම්වල නො වසත්.
- මම මාගේ සොහොයුරා සමග අනුශාසකයා වෙත ගියෙමි.
- අපේ පියවරු ද සහෝදරයෝ ද වෙළෙන්දෝ වූහ.
- අපේ නෑයෝ මොනරුන් හා පක්‍ෂීන් මිළදී ගන්නාහ.
- වඳුරා ද මුවා ද පර්‍වතයෙහි වසත්.
- හෙතෙම මාගේ මුනුබුරාගේ බාහුවට ගැසුවේය.
- සතුරෝ අපේ නායකයාගේ කොඩිය ගෙන යන්නාහ.
- පාලම් සාදන්නෝ ගමෙන් උණගස් ගෙනාහ.
- මීයෝ සර්පයන්ට භය වන්නාහ.
- මම මාගේ නෑයන්ට බත් දෙන්නෙමි.
- ආහාර[1] දෙන්නා හැන්දෙන් බත් ගෙනාවේය.
- මාගේ පියාගේ සිවුපාවෝ පර්‍වතයෙහි සිටියාහ.
- අපේ මුනුබුරාත් සහෝදරයෝත් ඇතුන් මිළයට නො ගන්නාහ.
- ගුරුවරයාගේ පුතා අසකු හෝ ගොනකු මිළදී ගත්තේය.
- මාගේ පුතා හෝ සහෝදරයා බාලයන් පිණිස[2] වඳුරකු ගෙනෙන්නේය.
සංලක්‍ෂ්‍යය:
සිංහල කොටසේ 6 වෙනි වාක්‍යයෙහි දෙදෙනෙකුන්ගේ යෑම සිදු වූ නමුත් ක්‍රියාව ඒකවචනයෙන් යෙදී තිබේ. සමග යන්නෙන් තවත් නාමයක් එක් කළවිට එය තතියාවෙන් සිටින බැවින් ප්‍රථමාවෙන් සිටි පදය පමණක් කර්‍තෘ සේ ගණන් ගෙන ක්‍රියාව යෙදිය යුතුයි. එහි “මම” යන්න “අපි” යයි බහුවචනය වී නම් ක්‍රියාවත් බහුවචනය ගනී. එහෙත් ‘සමග’ යන්නෙන් එක් වූ වචනය නිසා එය බහුවචනය නො වේ.
9 වෙනි වාක්‍යයෙහි කර්‍තෘ පද එකවචනයෙනි, ක්‍රියාපදය බහුවචනයෙනි. එසේ වීමට හේතුව ප්‍රථමාවෙන් සිටි කර්‍තෘ පද දෙකක් “ද” - ශබ්දයෙන් එක් කිරීම යි.
24. උඩ දැක් වූ උකාරාන්ත පුල්ලිංගික ශබ්දයන්ට
වෙනස් ව වරනැගෙන වන්තු - මන්තු
දෙකින් අවසන්වන, බොහෝ සේ විශේෂණ පද වශයෙන් සිටින, ගුණනාම කොටසක්
වේ. ඒවා මෙසේ වරනැගෙත්:-
ගුණවන්තු - ශබ්දය
විභත්ති | එක වචන | බහු වචන |
01. පඨමා | ගුණවා (=ගුණවතා) |
ගුණවන්තො, ගුණවන්තා (=ගුණවත්හු) |
02. දුතියා | ගුණවන්තං | ගුණවන්තෙ |
03. තතියා | ගුණවතා, ගුණවන්තෙන | ගුණවන්තෙභි, ගුණවන්තෙහි |
04. චතුත්ථි | ගුණවතො, ගුණවන්තස්ස | ගුණවතං, ගුණවන්තානං |
05. පඤ්චමී | ගුණවතා, ගුණවන්තම්හා,
ගුණවන්තස්මා |
ගුණවන්තෙභි, ගුණවන්තෙහි |
06. ඡට්ඨී | ගුණවතො, ගුණවන්තස්ස | ගුණවතං, ගුණවන්තානං |
07. සත්තමී | ගුණවති, ගුණවන්තෙ, ගුණවන්තම්හි, ගුණවන්තස්මිං |
ගුණවන්තෙසු |
08. කරණ | ගුණවතා, ගුණවන්තෙන | ගුණවන්තෙභි, ගුණවන්තෙහි |
09. ආලපන | (හෙ) ගුණවං, ගුණව, ගුණවා | (හෙ) ගුණවන්තො, ගුණවන්තා |
පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
සීලවන්තු | සිල්වත් | පඤ්ඤාවන්තු | නුවණැති | |
ධනවන්තු | ධනවත් | පුඤ්ඤවන්තු | පින් ඇති | |
කුලවන්තු | කුලවත් | යසවන්තු | පිරිස් හෝ කීර්තිය ඇති | |
හිමවන්තු | හිමාලය | භගවන්තු | භාග්‍යවත් | |
බලවන්තු | බලවත් | ඵලවන්තු | ගෙඩි ඇති |
ආදි වන්තු - යන්න කෙළවරෙහි ඇති ශබ්ද ද
පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
චක්ඛුමන්තු | ඇස් ඇති | හිරිමන්තු | ලජ්ජා ඇති | |
බුද්ධිමන්තු | නුවණැති | බන්ධුමන්තු | නෑයන් ඇති | |
සතිමන්තු | සිහි ඇති | භානුමන්තු | රශ්මි ඇති, සූර්‍ය්‍යයා |
ආදි මන්තු - යන්න කෙළවරෙහි ඇති ශබ්ද ද ගුණවන්තු මෙන් වරනැගෙත්.
මන්තු අන්ත ශබ්දය
විභත්ති | එක වචන | බහු වචන |
01. පඨමා | චක්ඛුමා | චක්ඛුමන්තො, චක්ඛුමන්තා |
02. දුතියා | චක්ඛුමන්තං | චක්ඛුමන්තෙ |
ආදි වශයෙන් වරනැගිය යුතු.
25. ඌකාරාන්ත පුල්ලිංගික විදූ ශබ්දය
විභත්ති | එක වචන | බහු වචන |
01. පඨමා | විදූ (=පණ්ඩිතයා) | විදූ: විදුනො |
02. දුතියා | විදුං | විදූ: විදුනො |
03. තතියා | විදුනා | විදූභි: විදූහි |
04. චතුත්ථි | විදුනො: විදුස්ස | විදූනං |
05. පඤ්චමී | විදුනා: විදුම්හා: විදුස්මා | විදූභි: විදූහි |
06. ඡට්ඨී | විදුනො: විදුස්ස | විදූනං |
07. සත්තමී | විදුම්හි: විදුස්මිං | විදූසු |
08. කරණ | විදුනා | විදූභි: විදූහි |
09. ආලපන | (හෙ) විදූ | (හෙ) විදූ: විදුනො |
පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
විඤ්ඤූ | පණ්ඩිතයා | පභූ | අධිපතියා | |
වදඤ්ඤූ | වචනදන්නා, පරිත්‍යාග කරන්නා |
කතඤ්ඤූ | කෙළෙහි ගුණදන්නා | |
සබ්බඤ්ඤු | සර්‍වඥ | මත්තඤ්ඤූ | පමණ දන්නා | |
වෙදගූ | වේදය දන්නා |
ආදීහු මීට සමානව වරනැගෙත්.
26. කාලාර්‍ථ ප්‍රකාශක නිපාත:
පාලි වචනය | සිංහල තේරුම | පාලි වචනය | සිංහල තේරුම | |
කදා | කවදා | හීයො | ඊයේ | |
තදා | එකල්හි | පාතො | උදෑසන | |
සදා | හැමකල්හි | සායං | සවස | |
ඉදානි | දැන් | පුරා | පෙර | |
අජ්ජ | අද | පච්ඡා | පසුව | |
සුවෙ | හෙට | යදා | යම්කලෙක | |
එකදා | එක්කලෙක |