මිලින්දපඤ්හයෙහි සඳහන් පුද්ගලයෝ

මිලින්දපඤ්හයෙහි සඳහන් පුද්ගලනාම රාශියකි. ඒ එක් එක් නාමයක් ගැණ විවරණ ලියන්නට සැරසුනොත් මේ සංඥාපනය අතිශය දීර්ඝ විය හැකි ය. එහෙයින් මෙහි අවශ්‍යයෙන් විවරණය කළ යුතු මිලිඳු, නාගසෙන ආදි නම් කීපයක් පිළිබඳ ව සංක්ෂිප්ත විවරණ ලියන්ට අදහස් කරමු. රෛස් ඩේවිඩ්ස් පඬිතුමාගේ මිලින්දප්‍ර‍ශ්න ඉංග්‍රීසි පරිවර්තන සංඥාපනයෙහි හා කේම්බ්‍රිජ්විශ්වවිද්‍යාලය මගින් සම්පාදනය කළ ඉන්දියාඉතිහාසයෙහි ද මිලිඳුරජු පිළිබඳ ව මේ තාක් සොයා ගත හැකි ව විස්තරය ඇතුළත් වෙයි. ඒ අනුව ඒ රජතුමා පිළිබඳ විස්තරය දැක්වීම අපට අපහසු නො වන බව ඒ පඬිතුමාට හා ඒ ඉතිහාසකර්තෘවරයාට ද ස්තුතිපූර්වක ව සඳහන් කරමු.

අනු මාතෘකා
keyboard_arrow_rightමිලිඳු රජු
keyboard_arrow_rightනාගසෙන
keyboard_arrow_rightෂට්ශාස්තෘහු